IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


කරාතේ ගුරුගේ කෙරුවාව ටෙස්ට් කරන්න ගිහින් චන්ඩියා හොම්බෙන් යයි

රක්වාන – ඩබ්ලිව්.ඒ. සිරිසේන 
කරාතේ උපදේශකගේ හැකියාව පරීක්ෂා කිරීමට අනවසරයෙන් පාසලකට ගිය බීමත් චණ්ඩියකු කරාතේ ගුරාගෙන් පහර කා රෝහල්ගතව පොලිස් කුඩුවේ ගත කිරීමට සිදු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ ගම් ප්‍රදේශයකින් වාර්තා විය.
රජයේ පාසල් කරාතේ සම්මේලනයේ ලියාපදිංචි උපදේශකවරයකු පාසලේ සිසු සිසුවියන් හැටකට ආසන්න පිරිසකට පසුගියදාක සන්ධ්‍යාවේ කරාතේ ඉගැන්වීම සිදු කරමින් සිටියදී මෙය සිදු වී ඇත.
එදින සන්ධ්‍යාවේ මෙම උපදේශකවරයා කරාතේ පන්තිය පවත්වමින් සිටියදී ගමේ නම ගිය චණ්ඩියකු ලෙස හඳුන්වා ගත් අයකු පාසලට ඇතුළු වීයේ කිසිදු අවසරයක් නොගෙනය. 
 “මම අද කරාතේ පන්තියෙ ඉන්න ළමයින්ගෙන් ගේම ඉල්ලන්නයි ආවේ” යැයි පැවැසුවේය. 
මේ අවස්ථාවේ කරාතේ උපදේශක පවසා ඇත්තේ මෙතැන පාසල් යන ගැහැනු ළමයි පිරිමි ළමයි ඉන්නේ. අනවසරෙන් පාසලට ඇතුළු වී දරුවන් සමග රණ්ඩු කිරීම බරපතළ වරදක් බවයි. ඒ නිසා හැකි ඉක්මනට පන්ති කාමරෙන් සහ පාසලේ ගේට්ටුවෙන් එළියට යන ලෙස ද දැන්වීය.
“නෑ... මට මෙතැන ඉන්න ඔයාගෙ හොඳම ගෝලයෙක් එක්ක ෆයිට් එකක් ඕනෑ...” කියමින් කෑගැසුවේය. 


පසුව ඔහු පාසලේ 11 වසරේ සිසුන් කීප දෙනකුට පහර දීමට උත්සාහ ගැනීම නිසා උපදේශකවරයා මැදිහත්ව එය නතර කර දමා ඇත. ඒ සමග ඔහු කරාතේ උපදේශකට පවසා ඇත්තේ අපේ ගමේ ළමයින්ට උගන්වන ඔයාගේ වැඩ පරීක්ෂා කරන්න ඕනෑ නිසා තමා සමග සටනට එන ලෙසය. පසුව තත්ත්වය පාලනය කිරීමට නොහැකි බව තේරුම් ගත් උපදේශකවරයා එක්වරම පහරවල් දෙකක් එම පුද්ගලයාට එල්ල කර ඇත. ඒ සමග මොහු බිම ඇද වැටෙද්දී කරාතේ උපදේශකවරයා ඔහුගේ නිලයක් ඇල්ලු‍වේය. ඒ හේතුවෙන් ඔහු විනාඩි දහයක් පමණ සිහිය විකල්ව සිටියේය.
අනතුරුව එම ස්ථානයට රැස් වූ පිරිස පොලිසියට කළ දැනුම් දීම මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු වී ඇති තුවාල සඳහා ප්‍රතිකාර කිරීමට රෝහලට ඇතුළත් කළේය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විභාගය පසුගිය 6 වැනිදා පොලිසියේ දී පවත්වද්දී සැකකරු පොලිසියට පවසා ඇත්තේ “මම පාසලට ගියේ මාස්ටර්ගෙ වැඩ හොඳයි ද බලන්නයි. අපේ ගමට ඇවිල්ලා ළමයින්ට මොනව උගන්වනවද දන්නෙ නැහැනේ” කියාය. 
එහිදී නැවත කිසි දිනක කරාතේ පන්තිය පවත්වන පාසලට ඇතුළු නොවන ලෙසත් කරාතේ උපදේශක සමග ගැටලු‍ පවත්වා නොගන්නා ලෙසත් අවවාද කර ආරවුල සමථයකට පත් කළ බව පොලිසිය පැවැසීය.

 



අදහස් (0)

කරාතේ ගුරුගේ කෙරුවාව ටෙස්ට් කරන්න ගිහින් චන්ඩියා හොම්බෙන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 630 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 764 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 659 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1242 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 721 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 779 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 642 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 166 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1191 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site