IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කාමරයෙන් ඇසුණු හැඬුමට හෝටලේ කොල්ලා බයවෙලා

 සියනෑ කෝරළයේ ප්‍රධාන නගරයක් ආශ්‍රිත ගම්මානයක ගැමි පරිසරයේ හැදුණුවැඩුණු  ඇය රූමතියකි. අගනුවර තම සොහොයුරාගේ කාර්යාලයේ යහලුවෙක් නිවසට පැමිණ ඇය පිළිබඳ සිතැතිව කෙටි සබඳතාවකින් පසු විවාහයට සූදානම් වූවේය.


පසුගියදා විවාහය    සිදුවූයේ නගරයේ ජනප්‍රිය උත්සව ශාලාවකය. පෝරුවේ චාරිත්‍රයෙන් පසු ඇය මඳ තැතිගැන්මකින් සිටි අතර ඒ පිළිබඳව හිතමිතුරන්  විමසුවත් කිසිවක් නොකීවද මනාලයා සමඟ මධුසමයට ගිය මොහොතේ ඇය කීවේ තමාගේ ඇඟිල්ලට දැමූ මුදුව තද නිසා වේදනාවක් ඇති බවය.


 ඇඟිල්ල පරීක්‍ෂා කළ මනාලයාට තරු පෙනිණි. එය හිරවීම නිසා ඇඟිල්ල ඉදිමී රත් පැහැ ගෙන තිබිණ.  මැදියම් රෑ වනතුරු මුද්ද ගලවා ගැනීමට නොහැකි වුවත් පසුව සබන් ගා එය ගලවා ගත්තේ ඇයගේ කෙඳිරිය හා හැඬුම් මැදය.


 ඔවුන් සිටි කාමරය බාර කොලුගැටයාට මේ කෙඳිරිලි හඬ ඇසී හෝටල් හිමියා දැනුම්වත් කළ විට ඔහු “ඕව ඔහොම තමයි. උඹ කලබල නැතිව හිටපන්” කීවේ ඔච්චම් සිනාවක් පාමින්ලු.
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (1)

කාමරයෙන් ඇසුණු හැඬුමට හෝටලේ කොල්ලා බයවෙලා

දිමුත් Monday, 27 January 2020 06:02 AM

මේ රචකයා ව්‍යංගය අලංකාරවත් ලෙස දක්වා ඇති බව පේනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site