IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කාන්තා යට ඇඳුම්වල හිලව්වට හොරා තම යට ඇඳුම දාලා ගිහින්

(අම්බලන්තොට විශේෂ - ඩී.ජී. ජයසුන්දර)
දකුණු පළාතේ එක්තරා ගමක නිවසකි. නිවසේ සිටින්නේ මවත් රූමත් තරුණ දියණියන් දෙදෙනාත් පමණි. 


දිනක් මධ්‍යම රාත්‍රි මුළුතැන්ගේ දෙසින් ‘ටක් ටක්’ යනුවෙන් හඬක් ඇසී මව අවදිව දියණියන් දෙදෙනාට ඒ බව පැවැසුවාය. 


අම්මේ බල්ලෝ මඩුවේ ළගින හඬ වෙන්නැති දියණියෝ පැවසූහ. අනතුරුව සියල්ලෝම නින්දට ගියහ.


පසුදා පහන් විය. උදෑසනම අවදිවූ මව මුළුතැන් ගෙයට යන විට දුටු දෙයින් විමතියට පත් වූයේ මුළුතැන්ගේ ඇති ජනේලයේ ගසා තිබූ ජනෙල් කූරක් (ලී) ගලවා බිම දමා තිබීම නිසාය.


‘හොරු ඇවිල්ලා’ ඇයට ඉබේටම කියවිණි. මව වහා ගොස් මේ බව දියණියන් දෙදෙනාට පැවැසුවාය.


‘හොරු මොනවද ගෙන ගොස් තිබෙන්නේ කියා බලන්න’ මව කීය.


මද වේලාවකට පසු ‘අම්මේ වටිනා කියන ඔක්කොම බඩු තියෙනවා. හැබැයි කුස්සියේ වැලේ තිබූ අපේ යට ඇඳුම් නම් ගෙනිහිල්ලා’ දියණියෝ දෙදෙනා පැවැසූහ.


‘හා! එහෙමද? ඒවට හිලව් වෙන්න ඇති හොරාගේ යට ඇඳුම ජනේලය ළඟ දාලා ගොස් තිබෙන්නේ’ යැයි මව කීවාය.

 



අදහස් (1)

කාන්තා යට ඇඳුම්වල හිලව්වට හොරා තම යට ඇඳුම දාලා ගිහින්

දිමුත් Friday, 16 October 2020 10:34 AM

දැන් හොරුන්ටත් වඩා අසහනකාරයින්නේ ඉන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site