IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කන්තෝරු සේවිකාවගේ මුඛ වාඩම කටේ ඇලිලා

මිතුරු කැල විනෝදයක් ලබා ගැනීමට සිය සහෝදර සේවිකාවක පැළඳි මුඛ ආවරණයට තදින් ඇලවෙන ගම් බිංදුවක් දැමීමෙන් මහා අලකලංචියක් වූ පුවතක් කාර්යාලයකින් අසන්නට ලැබිණි.


 කාර්යාල කාර්ය සහයකයා එදින තදින් ඇලවෙන කුඩා ගම් ටියුබයක් මිල දී ගෙන ආවේ සේවිකාවකගේ එක් පාවහනයක ගැලවී ගිය පටියක් ඇලවීමටය. ඒ සඳහා අවශ්‍ය වූයේ ගම් ඉතාම ස්වල්පයකි. ඉතිරි ගම් ටියුබය කාර්යාලයේ විනෝදයට බර අය අතට පත්වූයේ දිවා ආහාර විවේකයේ දී එමගින් පොඩි විනෝදයක් ලබා ගැනීමටය.


 කාර්යාලයේ කෑම පැයේ දී එක් සේවිකාවක් සිය මුඛ ආවරණය කෑම මේසය මත ගලවා කෑම කෑවාය. කෑම කා අහවර වූ ඇය සිය අත සේදීමට කාර්යාලයේ ජල කරාමය වෙත ගියේ මුඛ ආවරණය කෑම මේසය මත තිබියදීමය. මේ අවසරයෙන් ප්‍රයෝජනය ගත් සේවක පිරිසක් ඇය මේසය මත ගලවා දමා තිබූ මුඛ ආවරණයේ නාසයට හිරවෙන කම්බිය සහිත කොටසට සඟවා තබාගෙන සිටි තදින් ඇලවෙන ගම් බිංදුවක් තබා මාරුවී ගියහ. ඒ ඊට පසු සිදුවෙන දේ බලා සුපුරුදු පරිදි සිනාසීමේ අරමුණෙනි.


අත සෝදාගන ආ සේවිකාව කිසිදු වගවිභාගයකින් තොරවම කෑම මේසය මත ගලවා දමා ගිය මුඛ ආවරණය දනිපනිගා දමා ගත්තේ නිමා කළ යුතු හදිසි රාජකාරියක් කිරීමටය. තමන් පැළඳගත් මුඛ ආවරණයේ ඉහළ කොටසේ තෙත ගතියක් දැණුනත් ඇය සිතුවේ කෑම කා අත සේදීම නිසා එය එසේ වන්නට ඇතැයි සිතාය. එබැවින් ඇය නාසයට සිය මුඛ ආවරණය තදට සිර කිරීමට ඇඟිලිවලින් එම ස්ථානය හොඳින් තෙරපුවාය. 


ගත වූයේ ටික වේලාවකි තමන් පැළඳි මුඛ ආවරණයේ ඉහළ කොටස නාසයට තදින්ම ඇලී වෙනදා නොවූ අමුත්තක් ඇයට දැනුණි. ඒ නිසාම ඇය මුඛ ආවරණය ගැලවීමට උත්සහා කළේ හොරෙන් ඒ දෙස බලා සිටි මිතුරු මිතුරියන්ගේ සිනහ හඬ මධ්‍යයේය. මුඛ ආවරණය ඇද ගලවා දැමීමට ගත් සෑම අවස්ථාවකදීම ඇයට ඉතා වේදනාකාරී තත්ත්වයක් වූයෙන් ඇයගේ දෙනෙතින් කඳුළු කැට ගලා එන්නට පටන් ගත්තේය.


 පොඩි විනෝදයක් ලබා ගැනීමට කළ දේ ලොකු තත්ත්වයකට පැමිණියේය. ඒ නිසාම මේ වැඩේ කළ අය මෙන්ම නොකළ අය ද ඇයගේ නාසයට තදින් ඇලවී තිබුණු මුඛ ආවරණය ගැලවීමට සියල්ලෝම උත්සාහ ගත්තෝය. එහෙත් කිසිදු පලක් නොවීය. එක එක අය විවිධ උපක්‍රම පිළිබඳව එන අදහස්වල ද අඩුවක් නොවීය. මුඛ ආවරණය ඇද ගලවා දැමීම කෙසේවත් කළ හැකි දෙයක් නොවීය.


අන්තිමේ දී තීරණය වූයේ මුඛ ආවරණය නාසයට තද වූ කොටස නාසයේ තිබියදීම අනෙක් කොටස කතුරෙන් කපා ඉවත් කිරීමය. ඒ අනුව කටයුතු කෙරිණි. මුඛ ආවරණයේ කොටසක් ඇගේ නාසයේ තිබුණේ කොළ පාට පැල්ලමක් ලෙසය. මෙය සැලවූ ආයතනයේ ලොක්කාට ද මේ සම්බන්ධයෙන් හොඳටම කේන්ති ගොස් තිබුණි.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

කන්තෝරු සේවිකාවගේ මුඛ වාඩම කටේ ඇලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 193 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 59 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 753 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site