IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


කන්තෝරු මාරුවූ නිලධාරින් පිළිගන්න මනමාල රැග් එකක් දීලා

නිලධාරියකු ස්ථාන මාරුවක් ලැබ යන විට ඒ කාර්යාලයේ තවත් නිලධාරි පිරිසක් විසින් රථ පෙරහරකින් මනාලියක කැන්දාගෙන යන ආකාරයට කැන්දා  ගොස් බාර දීමේ අලුත්ම සෙල්ලමක් දකුණු පළාතේ ප්‍රාදේශීය පරිපාලන කටයුතු කරන රජයේ ප්‍රධාන කාර්යාල දෙකකින් වාර්තා වේ.
කාර්යාල දෙකක ප්‍රධාන නිලධාරියාගේ සහයක නිලධාරීනි දෙදෙනකුට මෙසේ ස්ථාන මාරුවක් ලැබිණි. නිලධාරියකු මාරුවීම ලැබ යන විට එම කාර්යාලයෙන්ම සමුදීමේ පාටියක් ලබාදීම සිරිතකි. එහෙත් මෙම කාර්යාලයේ නිලධාරි පිරිස ස්ථාන මාරුව ලැබ යන කාර්යාලයේ නිලධාරීන්ට කතා කොට එතැනත් පාටියක් සෙට් කිරීමට කටයුතු කර තිබේ.


‘මචං.. අපේ දෙවැනියා උඹලගේ ඔපිස් එකට ට්‍රාන්සර් එකක් ලැබිල අසවල් දවසට එනවා. අපි  කට්ටියක්ම  ලොක්ක කැන්දගෙන ඇවිත් එදාට එනවා. මේක මචං දෙදහස් විසි තුනේ අලුත් වැඩක්. උඹල පුංචි තේ පාටියක් සෙට් කළාම ඇති. අපි විසි පහක් තිහක් විතර එනවා. උඹලාගේ දෙවැනියා නොවැ අපේ ඔෆිස් එකට එන්නේ. එයා එනවිටත් අපි මෙහි ග්‍රෑන්ඩ් පාටියක් සෙට් කරන්නම්. උඹලත් ඒ වගේ ඊට පස්සෙන්ද වරෙල්ලා. එහෙනම් හරි නේ...’
නිලධාරියකු පාටිය සෙට් කළේ අනෙක් කාර්යාලයේ නිලධාරීන්ද දිරිගන්වමිනි.
‘‘ඒ නියමයි මචං වැඩේ. අපි ඔෆිස් එකේ උඹල පිළිගන්න සෙට් කරන්නම්. අපිත් ඊට පස්සෙන්ද  අපේ ලොක්කත් අරගෙන ඒ විදියටම එන්නම්...’’
අනෙක් කාර්යාලයෙනුත් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි.


නියමිත දින අදාළ නිලධාරියා රථ පෙරහරකින් කැන්දාගෙන ගොස් බාර දුන්නේ මනාලියක බාර දෙන ආකාරයටය.
පසුවදාට අනෙක්  නිලධාරියාද කැන්දාගෙන ආවේ ඊට නොදැවෙනි ආකාරයටය. නිලධාරියා බාර දී ආපසු එන විට මධුවිත තොල ගාමින් පැමිණීමටද අමතක කළේ නැත.
මේ නිසා කාර්යාල දෙකේම එම දින දෙකේ කිසිදු රාජකාරියක් නොවූ අතර සේවා ලබාගැනීමට පැමිණි ජනතාවට රස්තියාදු වීමට සිදු වූ නිසා එම නිලධාරීන්ට බැන බැන යන අයුරු දක්නට ලැබුණි. 

 

බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා



අදහස් (0)

කන්තෝරු මාරුවූ නිලධාරින් පිළිගන්න මනමාල රැග් එකක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site