IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කන්තෝරුවේ ‘ලොක්කා’ වෙන්න ගිහින් ටවුමේ මුට්ට කරගහයි

සිටි තැන අමතකව ආයතනයේ ලොක්කෙකු වීමට ගිය කම්කරුවකුට රැකියාවෙන් වන්දිගෙවීමට සිදුවූ බව කියවෙන කතා පුවතකි.


 සිද්ධිය මෙසේය.


 රජයේ ආයතනයක කම්කරුවෙකි. සේවා කාලයේ දී පවා මත්පැන් පානයකොට අශෝභන අයුරින් හැසිරීම් නිසා වරින්වර චෝදනා ලැබූවෙකි.  


 පසුගිය දිනෙක හොඳ හැටි සප්පායම් වූ ඔහු මිතුරකු ද සමග සවස් යාමයේ ආයතනයට ගොඩ වූයේ කිසියම් කටයුත්තක් සඳහාය.


  ආයතනයේ සියලු_ දෙනා සේවය නිමවී නිවෙස්වලට ගොසිනි. ඒ වන විටත්  විවෘතව තිබූ කාර්යාලයට ඔහු රිංගාගත්තේ තම අවශ්‍යතාව ඉටුකරගන්නටය.


   නෙතට හසුවූයේ  හිස්ව තිබූ තම ප්‍රධානියාගේ මේසය හා පුටුවයි.


  ආයතන ප්‍රධානියා   කැරකෙන පුටුවේ වාඩි වී ගාම්භීර අයුරින් තමා ඇතුළු ආයතනයේ සේවකයින්ට අණ දෙන ආකාරයත් ගැටලු_ විසඳන ආකාරයත් ඔහු ඉදිරියේ මැවී පෙනෙන්නට විය.


 ඒ වන විටත් පදමට වැදී සිටි ඔහුට  උන්හිටි තැන් අමතක විය. ආයතන ප්‍රධානියා හිසට ආරූඩ වුණි. 


දෙවරක් නොසිතුවේය. ප්‍රධානියාගේ කැරකෙන පුටුවේ වාඩි වූ හෙතෙම වට දෙක තුනක් කැරකුනේය. තමුන් සමග ආ මිතුරාටද ප්‍රධානියා අනුකරණය කරමින් සද්දයක් දැම්මේය. 


ඉන් නොනැවතුනු ඔහු ලොක්කාගේ මේසය මත වූ   සේවකයින්  කැඳවන බෙල් එකද කීප විටක්ම  නාද කළේ උජාරුවෙන් පුටුවේ ඒ මේ අතට කැරකෙමිනි. 


 සීනුවේ නාදය ඇසුණ   ආයතනයේ ආරක්ෂක නිලධාරියා කලබලයට පත්වූයේ හවස් යාමයේ තමා පරීක්ෂා කිරීමට ලොක්කා පැමිණ ඇතැයි කියාය. 


 එහෙත්  ඔහුට දක්නට ලැබුණේ ලොක්කාගේ ආසනය මත උජාරුවෙන් වාඩි වී සිටින  කම්කරුවාය.


ඔහු සමග තිබූ පැරැණි වාඩුවක්ද ගැනීමට කල් යල් බලමින් සිටි ආරක්ෂක නිලධාරියා ලුණුමිරිස් ද එක් කරමින් සියල්ල ආයතන ප්‍රධානියාගේ  කන තැබුවේ සියල්ල අතටම හසුකර දෙමිනි.


සියල්ල නීතියට   බාර කෙරිණි. චෝදනා ගණනාවක් යටතේ  ඉහළ නිලධාරීන් දැනුම්වත් කෙරිණි. විනය  පරීක්ෂණයක් පැවැත්වෙන්නටත්    පෙර ඔහුගේ සේවය තාවකාලිකව   අත්හිටුවන්නට   නිර්දේශ කෙරිණි.  වැටුප්ද අත්හිටුවිණි.


ලොක්කා තවමත් ඔහුගේ සුපුරුදු පුටුවේය. ලොක්කා වෙන්නට ගිය සොක්කා  කිසිත්   කරකියාගත නොහැකිව ජීවත්වන්නට නගරයේ මුට්ට   කර ගසන බව ආයතනයේ පිරිස් පවසති. එහෙත් මත්පැන් පානයේ අඩුවක් වී නැතැයිද ඔවුහු කියති.

(වියලුව වාර්තාකරු)

 



අදහස් (0)

කන්තෝරුවේ ‘ලොක්කා’ වෙන්න ගිහින් ටවුමේ මුට්ට කරගහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site