IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කතුන් 8ක් දපනේ දැමු ඩ්‍රයිවර්ට කෝටිපති දුවත් අහුවෙලා

(රාජාංගණය - නුවන් කුමාර)
කාන්තාවන් අටදෙනකු සමග දීගකෑ පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතාවක් ඇති කරගත් තිදරු මවක් තම ස්වාමියාට අයත් මෝටර් රථය ද රැගෙන අනියම් පුරුෂයාගේ නිවෙසට විත් තම විවාහක ස්වාමියා සමග නැවත යෑමට නොහැකි බව පවසමින් හඬා වැටුණු පුවතක් රජරට පළාතේ පොලිසියක සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෝටිපති ව්‍යාපාරිකයකුගේ වාහන අලෙවිසලක සේවය කිරීම සඳහා රියැදුරකු අවශ්‍ය බවට පුවත්පත් දැන්වීමක් පළකර තිබේ. එම දැන්වීමට අනුව තරුණයකු ඉල්ලු‍ම් කර ඇති අතර ඔහු සේවය සඳහා තෝරාගෙන තිබිණි. දින කිහිපයක් යද්දී අදාළ ආයතනයේ කළමනාකාරිණිය වශයෙන් කටයුතු කළ විවාහක තිදරු මවක වන කෝටිපති ව්‍යාපාරිකයාගේ දියණිය සමග ඔහු අනියම් සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබේ. ඔවුන්ගේ සම්බන්ධය එම කාන්තාවගේ 14 හැවිරිදි දියණියට හසුවී ඇත. අනියම් සම්බන්ධය හසුවීමෙන් පසු මොහු එම ආයතනයෙන් ඉවත් කර ඇති අතර ජංගම දුරකතන මාර්ගයෙන් ඔවුන්ගේ සම්බන්ධය දිගටම පවත්වාගෙන ගොස් ඇත. දින කිහිපයකට පසු තම සැමියාට අයත් මොටර් රථය ද රැගෙන ගූගල් තාක්ෂණය ඔස්සේ මාර්ග සිතියමක් ​උපයෝගි කරගෙන අනියම් පෙම්වතා සිටින ස්ථානයට තම පස් හැවිරිදි දියණිය ද රැගෙන අදාල කාන්තාව පැමිණ ඇත.


අදාළ කාන්තාවගේ සැමියා පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිසියට දැනගන්නට ලැබී ඇත්තේ මෙම අනියම් පෙම්වතා මීට පෙර කාන්තාවන් අටදෙනකු සමග අනියම් සම්බන්ධතා ගොඩනගාගෙන ඔවුන් නිවෙසට ගෙනැවිත් එම කාන්තාවන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන් එලවා දමා ඇති බවයි. මෙම පුද්ගලයාගේ විවාහක බිරිය මේ වනවිට විදේශ රැකියාවක නිරත වන අතර ඔහුට දාව දරුවන් තිදෙනකු සිටින බව ද පොලිසියේදී අනාවරණය විය..


තම දරුවන් තිදෙනාට මවක් අවශ්‍ය බැවින් තමා සමග නැවත යෑමට පැමිණෙන ලෙස කාන්තාවගේ සැමියා කොතෙක් ආයාචනය කළ ද නව පෙම්වතාගෙන් තමන් දැඩි සතුටක් ලබන බැවින් ඔහු හැරදා යෑමට නොහැකි බව ඇය පවසා තිබේ.


දරුවන් තිදෙනකුගේ මවක් බව සිහියේ තබාගෙන මෙවන් අනංගයන්ට රැවැටී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙස පොලිසියේ නිලධාරීන් කොතෙක් ඉල්ලා සිටිය ද මෙම කාන්තාව එය ප්‍රතික්ෂේප කොට විවාහක පුරුෂයා හා තම දරුවන් කදුළු සලද්දී ළඟදී විවාහ වූ මනාල ජොඩුවක් මෙන් ත්‍රිරෝද රථයක නැගී අනියම් සැමියා සමග පොලිසියෙන් පිටව ගොස් ඇත. 



අදහස් (0)

කතුන් 8ක් දපනේ දැමු ඩ්‍රයිවර්ට කෝටිපති දුවත් අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site