පොල්පිතිගම ජයවර්ධන එම්.සෙනෙවිරත්න
සිය මව නිවසේ නොමැති වෙලාවක මවගේ අල්මාරියේ තිබූ ඇඳුම් බිමට දමා නිවසේ තිබූ අල්මාරිය රැගෙන ගොස් විකුණූ පුතකු පිළිබඳ පුවතක් පොල්පිතිගම අවට ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
කලක සිට මත්කුඩුවලට ඇබ්බැහි වූ මෙම තරුණයා උපයන සෑම සතයක්ම මත්කුඩු ඉරීමට වැය කිරීම නිසා කරකියා ගන්නට දෙයක් නොමැත්තෙකු සේ කුඩු මිලදී ගැනීමට සුළු සුළු සොරකම් කිරීමටද පෙළඹී සිටි අයෙකි.
නිවසේ තිබූ භාණ්ඩ බොහොමයක්ද විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කළේද මත්කුඩු සදහාය. මෙම තරුණයාට මත්කුඩු උරාබොන තවත් තරුණයන් කිහිප දෙනෙක්ද එකතු වී සිටියහ.
දිනක් කුඩු මිලදී ගැනීමට සල්ලි නොමැතිව ගමේ එහා මෙහා කැරකුනද සල්ලි සොයා ගැනීමට නොහැකි විය.
මෙම තරුණයාගේ මව පෙර පාසල් ගුරුවරියකි. සිද්ධිය වූ දින මව පෙර පාසලට යන තෙක් බලා සිටි මෙම මත්කුඩුවලට ඇබ්බැහි වූ පුතා සිය මවගේ අල්මාරිය තුළ තිබූ රෙදි සියල්ල කාමරයේ බිම දමා අල්මාරිය ගෙන ගොස් විකුණා මත්කුඩු මිලදී ගැනීමට වැය කර තිබූ අතර අම්මා හඬා වැලපෙමින් සිටින අතර මොහුට ඒ ගැන වගේ වගක් නොවූ බව අසල්වාසිහු කියති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කුඩු පුතා අම්මාගේ අල්මාරියත් විකුණලා