IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


කට සැර මුඛ ආවරණ වෙළෙන්දියට කොල්ලන්ගෙන් පාඩමක්

සිය නිවස ඉදිරිපිට අඹ ගසෙන් ඉදුණු අඹගෙඩි දෙකක් කඩාගත්  තරුණයන් පිරිසකට පරුෂ වචනයෙන් බැණ වැදී අපහාස කළ කාන්තාවකට  එම තරුණයන් පිරිස අපූරු පාඩමක් උගන්වා ඇත.

 වාර්තාවන්නේ වයඹ පළාතේ කුඩා නගරයකිනි. එම පුවත සැකෙවින් මෙසේයි.


ඇය අවුරුදු 55ක පමණ අවිවාහක කාන්තාවකි. කලක් විදේශ රටක ගෘහ සේවයේ යෙදී සිට දිවයිනට පැමිණි ඇය රැකියාව ලෙස කළේ කාන්තා ඇඳුම් මැසීමය. ඊට අමතරව ළමා ඇඳුම් මසා රෙදිපිළි සාප්පුවලට අලෙවි කිරීමෙන්ද ඇය අමතර ආදායමක් උපයා ගත්තාය.

කොරෝනා වසංගතය නිසා මුඛ ආවරණ සඳහාද හොඳ ඉල්ලුමක් පැවතීම නිසා ඇය උසස් ප්‍රමිතියකින් යුත් මුඛ ආවරණ මසා අලෙවි කිරීමටද මෑතකදී යොමුවූ අතර නිවස ඉදිරිපිට ‘‘මුඛ ආවරණ විකිණීමට ඇත’’ යනුවෙන් දැන්වීම් පුවරුවක් සවිකර මුඛ ආවරණ අලෙවි කිරීම සිදුකළාය. ඉතා  ඉහළ මට්ටමකින් මුඛ ආවරණ නිර්මාණය කිරීම නිසා එම කාන්තාව මසන ලද මුඛ ආවරණ සඳහා හොඳ ඉල්ලුමක් ලැබිණි. 


පසුගිය දිනෙක සිය ගෙවත්තේ ප්‍රධාන මාර්ගයට නැමී තිබුණ  අඹ ගසකින් මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයින් පිරිසක් අඹ ගෙඩි 2ක් කඩාගත් අතර ඇය මෙම තරුණයින්ට එම ක්‍රියාවට තදින් බැන වැදුනාය.


මාර්ගයේ ගමන් කළ අන් අයටද ඇසෙන ලෙස සිදුකළ මෙම අපහාසය එම තරුණයින් පිරිසට මහත් සිත් තැවුලකට හේතු වූ අතර කාන්තාවට කිසිවක් නොකියා කඩාගත් අඹගෙඩි දෙකද ගෙවත්තට විස්කර එම තරුණයින් පිරිස එම  ස්ථානයෙන් පිටව ගියේ ඔවුන්ට අපහාස කළ  කාන්තාවටද හොඳ පාඩමක් උගන්වන්නට  සිතා ගනිමිනි.


 මෙම සිද්ධිය සිදුවූ දිනට පසුදින සවස් යාමයේ ඇයට දුරකථන ඇමතුමක් ලැබුණේ ඇගේ නිවසට කිලෝමීටරයක පමණ  දුරකින් වූ නිවසක ජීවත්වන ඇගේ නැන්දා කෙනෙකුගෙනි. 


‘‘දුවේ  ඔයාලගේ ගෙදර ඉස්සරහ තියෙන දැන්වීමක්  ගැන කියලා ගමේ හුඟක් අය හිනාවෙනවා. මම දවල් අපේ ගේ ළඟ කඩයට ගිය වෙලාවෙත් මිනිස්සු දෙන්නෙක් ඒ ගැන කියලා හිනාවුණා මහ  හයියෙන්. මොකක්ද කියලා බලන්න ඒක.


සිය මැහුම් කටයුතු සඳහා උදව් කරන තරුණියද සමග නිවස ඉදිරිපිට මාර්ගය වෙත ගිය කාන්තාවට දක්නට ලැබුණේ සවිකර තිබූ  ‘‘මුඛ ආවරණ විකිනීමට ඇත’’ ලෙස වූ දැන්වීම් පුවරුවේ ‘‘මුඛ’’ යන වචනය ඉදිරියෙන් නොමැකෙන තීන්තයෙන් ‘‘අධෝ’’ යන අකුරු දෙක ලියා ඇති අයුරුය.

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)

 



අදහස් (2)

කට සැර මුඛ ආවරණ වෙළෙන්දියට කොල්ලන්ගෙන් පාඩමක්

ගජමෑන් Saturday, 13 June 2020 01:31 AM

මෙම ලිපිය හොරකමට උදව්දීමක් කියා සිතෙනවා. අනුන්ගේ දෙයක් හොරෙන් කැඩුවාම, දොස්කිව්වම හොරකම වරදක් ලෙස නොපිළිගෙන ඇත්ත පහදාදුන් කෙනාටම කරදර කිරීම හරිද? සමහර විට අඹ ගෙඩි දෙක අහලා කඩාගත්තා නම් වැරදිද?

:       35       131

sana Saturday, 13 June 2020 05:52 PM

මේ ලිපිය ලියලා තියෙන්නේ අනුන්ගේ වතුවල ගහලා ගෙඩියක් තියාගන්න දෙන්නේ නැති ගස් පාළුවන්ටම කත්අදින අයෙක්ද? ඒ කාන්තාව කාටවත් අත නොපා තමන්ගේ වීර්යයෙන් ව්‍යාපාරයක් කරලා ජීවත් වෙනවා. මෙතන ඇයගේ පුද්ගලික තොරතුරුත් දාලා හොරාට ගස් ගෙඩි කඩපු අය මහාවීර ක්‍රියාවක් කළා වගේ දාලා...

:       29       207

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site