IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කට කලියාව නැති කත පොලිසියට මායමක් දාලා

කොරෝනා වෛරසය රට තුළ පවතිද්දී බොහෝ රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ද ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නොරහසකි.


මහනුවර - යාපනය ඒ නවය  මාර්ගයේ ද මේ දිනවල විවිධ ආරක්ෂක නිලධාරිහු ද සිය දෛනික රාජකාරි කටයුතුවලට අමතරව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වූ සමාජ ආරක්ෂණ ක්‍රියාවලිවලට දායක වෙමින් සිටිති.


ඒ නවය මාර්ගයේ මාතලේ - දඹුල්ල අතර කොටසේ රාජකාරි කරමින් සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකි.


විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් ඔවුන් ක්‍රියාකරද්දී මහ මග පැමිණි ඇහැට කනට පේන කාන්තාවකි.


මුඛ ආවරණයක් හෝ නොමැති මේ කාන්තාව නවතා පොලිසිය විමසා සිටියේ මුඛ ආවරණයක් නැතිව මහමග ගමන් කරන්නේ ඇයි ද? යන්නය.


මොහාතක් පොලිස් නිලධාරින් දෙස සිනා මුසු මුහුණින් බලා සිටි ඇය දුන් පිළිතුරෙන් නිලධාරිහු අන්ද මන්ද වූහ.
‘ මහත්තයා පොඩ්ඩක් ළඟට එන්න කෝ’ 


අතිනුත් සංඥා කරමින් ඇයගේ ඉල්ලීමෙන් විමතියට පත් නිලධාරින් කියා ඇත්තේ’ මොකට ද ළඟට එන්නේ කෝ මාස්ක් එක‘


‘එන්ඩකෝ එන්නඩකෝ ළඟට මම කියන්නම්’


‘රටක මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දී තමුන් මොනවද මේ කියන්නේ?


කාන්තාව ඉන්නා තැනින් නිලධාරින් දෙසට නොපැකිළිව ඉදිරියට එද්දි රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් දෙදෙනා මඳ දුරක් පසු පසට ගියහ.


කෙසේ වෙතත් නිකටට අත තියාගත් කාන්තාව පොලිස් නිලධාරින්ට මෙසේ අවවාදයක් දුන්නාය.


‘මේ ඔයාලා කොරානා වලට බයයි ද? බය වෙන්න එපා මෙයා, මං වාගේ ඉන්න. එතකොට කොරෝනා හැදෙන්නේ නෑ’


කිසිවක් නොකී පොලිස් නිලධාරින් බලා සිටිය දී සිද්ධිය ඇසින් දුටුවකු කියා සිටියේ පොලිස් නිලධාරීන්ට අතක් වැනූ කාන්තාව ලැසි ගමනින් ඉදිරියට ගිය බවය.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)

 



අදහස් (0)

කට කලියාව නැති කත පොලිසියට මායමක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site