IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු

(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
විවාහක කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයකුට මුහුණ පෑමට සිදුවූ සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වේ. 


තරුණයා වෘත්තියෙන් රියැදුරෙකි. දැනට වසර කිහිපයකට පෙර ඔහුගේ ගමට පවුලක් පදිංචියට පැමිණියේය. දරුවන් තිදෙනකු සිටි එම පවුලේ සැමියා කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙකි. බිරිඳ හැඩරුව ඇති තැනැත්තියකි. නව යුවළ පැමිණීමෙන් පසු බොහෝ තරුණයෝ එම නිවස අසල ගැවැසීම ද පුරුද්දක් කර ගත්හ. 


කලක් ගත වනවිට තරුණ රියැදුරා හා එම කාන්තාව අතර ඇසුරක් පටන් ගැනුණි. සැමියා කාර්මිකයකු වූ අතර ඔහු වැඩිපුරම සේවය කළේ නගරයේ වීම නිසා නිවසට පැමිණෙන්නේ ද දින සති ගණනකට පසුවය. සැමියා නොමැති එවැනි දිනවලදී මෙම තරුණ පෙම්වතා නිවසට ගෙන්වා ගැනීම කාන්තාව පුරුද්දක් කරගත්තාය. තරුණයා එම නිවසට දිනක් රාත්‍රී කාලයේ යනු දුටු අසල්වැසි කාන්තාවක් සැමියාට දුරකතන ඇමතුමක් දී සිද්ධිය පැවැසුවාය. 


සැමියා හදිසියේ නිවසට පැමිණෙන විට මැදියම් රැය ද පසුවී තිබුණි. හදිසියේ සැමියා ගෙදර පැමිණීම නිසා බිරිඳගේ දෙලොව රත්වූයේ තරුණයා නිවසින් පිට කළ යුතු ආකාරය සිතා ගැනීමට අපහසු වූ නිසාය. බිරිඳ ඉදිරිපස දොර විවෘත කරන අතරේ තරුණයා පිටුපස දොරින් පැන ගියේය. සැමියාට මේ බැව් දැනුන ද ඒ වගක් නොමැතිව ඔහු නිවස තුළට විත් පුරුදු පරිදි නින්දට යෑමට සූදානම් විය. ඒ අවස්ථාවේ ඔහුගේ ඇස ගැටුනේ රියැදුරු බලපත්‍ර හා හැඳුනුම්පතක් සහිත ලියුම් කවරයක් තමන්ගේ ඇඳ මත කොට්ටය යට තිබෙන ආකාරයයි. 


පසු දින සැමියා සිද්ධිය ආරක්‍ෂක අංශයට සැළකර නිවසට පැමිණ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරන මෙන් අයැද සිටියේය. තරුණයා එම නිවසට පැමිණි සෑම දිනකම එම කාන්තාවට මුදල් බහාලූ ලියුම් කවරයක් ලබාදීම සිදුකර ඇති අතර එදින කලබලයට පත්ව තබා ඇත්තේ මුදල් බහාලූ ලියුම් කවරය වෙනුවට තම රියැදුරු බලපත්‍ර හා හැඳුනුම්පත සහිත ලියුම් කවරය බව විමර්ශනයේදී හෙළි විය.


සිද්ධිය වසන් කිරීමට සියලුදෙනා කටයුතු කළ ද එය ගම ගම පුරා පැතිර යාමට වැඩි දිනක් ගත නොවීය. 

 



අදහස් (0)

කොට්ටෙ යට ලයිසන් එකෙන් හොර මඟුල මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site