IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කටට බ්‍රේක් නැතිව කුලී ගෙයිනුත් යන්නවෙලා

(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)

තම කුලී නිවසේ දෛනිකව එක්රැස්වන කැළි කසළ බැහර කිරීමට නව ක්‍රමයක් සොයාගත් නව යොවුන් යුවළක් තම කට පරිස්සම් කරගැනීමට නොහැකිවීමෙන් කුලී නිවසින් ඉවත් වන්නැයි ද අනතුරු ඇඟවීමේ පුවතක් කටුගස්තොට නගරාසන්න ගමකින් වාර්තා වේ.

ඔහු මහනුවර ප්‍රදේශයේ රජයේ රැකියාවක නියුතු අතර ඇය දිගන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතවී සිටින්නීය. විවාහයෙන් පසු කටුගස්තොට නගරාසන්න ගම්මානයක කුලී නිවසකට පදිංචියට පැමිණ තවමත් ගතවී ඇත්තේ දෙමාසයකටත් අඩු කාලයකි.

ජල විදුලි මාර්ග සියලු පහසුකම්වලින් සමන්විත නිවසේ ඔවුනට වූ ප්‍රධානතම ගැටලුව වී තිබුණේ දෛනිකව නිවසේ එක්රැස් වන කැළි කසළ බැහැර කිරීමට විධිමත් ක්‍රමයක් නොමැතිවීමයි.

නිවෙස් හිමියන් ගෙවත්තේ කැළි කසළ බැහැර කිරීමට නොදීමත් එක්රැස් වන කැළි කසළ බෑගයක හෝ දමා නගරයේ කැළි කසළ එක්රැස් කරන ස්ථානයකට ගෙන ගොස් දැමීමත් ඔවුනට මහත් හිසරදයක් මෙන් විය.
මීට විකල්පයක් කල්පනා කළ ඔවුනට පහළ වූ කදිම විසඳුම වූයේ එසේ එක්රැස් වන කැළි කසළ මල්ලක දමා ඉවතලන හාල්මැස්සන් හෝ කරවල, මාළු වැනි පිළිහුඩු ස්වල්පයක් දමා රාත්‍රී කාලයේ ගැට ගසා නිවස ආසන්න මාර්ගය අයිනේ තැබීමට පමණකි.

පිළිහුඩු ගඳට ලොල් වූ දඩාවතේ යන සුනඛයින් ඒ මල්ල දෛනිකව රැගෙන යාම නිසා ඔවුනට කැළි කසළ ප්‍රශ්නය තවත් ප්‍රශ්නයක් නොවූ නමුත් තම නව සොයාගැනීම පිළිබඳව ඔවුන් තම සේවා ස්ථානවල මිතුරු මිතුරියන්ට පැවැසීමෙන් අනතුරුව එය කෙසේ හෝ නිවෙස් හිමියන්ට ද කන වැකී ඇත්තේ ඔවුන් දෙදෙනාට ද තවත් ප්‍රශ්නයක් ඇති කරවමින්ය.

අදාළ ක්‍රියාව වහා නතර කිරීමට පියවර නොගතහොත් කුලී නිවෙසින් වහා පිටවන ලෙසට නිවෙස් හිමියන් පැවැසීම නිසා එම යුවළ මේ දිනවල කබලෙන් ලිපට වැටී ඇති තත්ත්වයකට පත්ව ඇතැයි කියති.

 



අදහස් (8)

කටට බ්‍රේක් නැතිව කුලී ගෙයිනුත් යන්නවෙලා

indika Monday, 29 January 2018 07:49 AM

විධායක වැඩ කරාට පාරේනේ කුණු දාන්නේ. අසල්වැසියෝ කරන්නේ මොකක්ද කියලා බලලා හොර වැඩක් නොකරා නම් හොඳයි නේ.

:       64       160

abaranTuesday, 30 January 2018 05:17 AM

අසල් වැසියෝ කරන හොර වැඩේම මේ ජෝඩුවත් කරන්ටම ඇති. ඒක නොවෙයි ප්‍රශ්නය. ගෙයක් කුලියට දෙනකොට වැසිකිලි පහසුකම්,ජලය,කුණු දැමීම වැනි අත්‍යවශ්‍ය කාරණා නොසලකා හැර නම් කුලී නිවැසියා කුණු අනුභව කරන්ටද කියන්නේ? කුලී නිවැසියාට අවශ්‍ය පහසුකම් නොදීම සම්බන්ධව හිමියා වැරදිකරුවෙක් ...

:       21       169

Thusha Monday, 29 January 2018 10:53 AM

හොර වැඩත් කරලා, තව තැන, තැන පම්පෝරිත් ගහනවා. පුදුම වෙන්න දෙයකුත් නැහැ ඉතින්... ලංකාවනේ.

:       57       121

SK-Berlin Monday, 29 January 2018 11:47 AM

කොළඹ විතරක් නෙමෙයි නුවර​, ගාල්ල​, මාතර නගරාසන්න නිවාස හිමියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක​... පර්චස් 6-7 ඉඩම පුරා ගේ හදලා කුණුවලක් කපන්න තැනක් නැහැ. නගර සභාවෙන් කුණු ලොරිය එන්නෙත් සතියට දවසයි. සමහරවිට එහෙමත් නැහැ. කුණු ගෙනියන දවසට ගෙදර ඉඳලා ලොරියට ගිහින් නුදුන්නොත් අරන් යන්නෙත් නැහැ. වරිපනම් වැඩි කරලා හරි පිළිවෙලට මේක එකතු කරනවා නම් මිනිස්සු තැනතැන කුණු දාන්නෙ නැහැ.

:       2       131

ගම්ලත්Tuesday, 30 January 2018 06:47 AM

වරිපනම් වැඩි කරන්න? පිස්සු කතා කරන්න එපා දැනටමත් අවුරුද්දට රු. 4500 ට වැඩියෙන් ගෙවනවා. ගෙවන සල්ලි වලින් මොනව කරනවද දන්නෙත් නෑ.

:       0       23

akila Tuesday, 30 January 2018 02:25 AM

විධායක අංශය රැකියා කළාට හරිම පෙරේත විදියට ජීවත් වෙන දෙන්නෙක් වගේ...... ගෙදරින් විතරක් නෙමෙයි ඔය පළාතෙන් ම එලවන්න ඕනේ, දැනටම මුළු පළාතම ගඳගස්සවලා ඇති......

:       85       401

දිලිනි Wednesday, 31 January 2018 03:04 AM

අපිටත් තියෙන්නේ මේ ප්‍රශ්ණයම තමයි. කුණු ලොරිය එන්නේ සතියකට, නැත්නම් සති දෙහෙකට සැරයක්. සමහර කාල වලට මාස ගණන් එන්නේ නෑ. එන දවසටත් අපි ගෙදර නෑ. ළගපාතක දාන්න තැනකුත් නෑ. පාරේ අයිනේ ගේ ඉස්සරහා සමහර දවස් වලට කුණු එක තියලා යනවා ලොරියෙන් ඒක අරන් යයි හිතලා, නමුත් සමහර දවස් වලට ඒක අරගෙන යන්නෙත් නෑ. දැන් අපි කරන්නේ ඒක නිසා දිරණ ජාති වත්තේ වලලනවා කුණු වළක් කපලා, අනෙක් නොදිරන කුණු විතරක් එකතු කරලා ආවම දෙනවා. මේකට විසදුමක් ආණ්ඩුව ඉක්මනින්ම හොයන්න ඕනේ. මේ කුණු ප්‍රශ්ණය හැමෝටම වගේ ලොකු ප්‍රශ්ණයක්.

:       0       12

suranga perera Sunday, 18 February 2018 09:30 AM

අපේ රටේ කුණු ප්‍රශ්නයට එකම විසඳුම නම් මාර්ගය දෙපස කුණු දැමීමට භාජන සවි කිරීමයි. එවිට මිනිස්සුන්ට පාරේ හැමතැනම දැමීමට අවශ්‍ය නැත.. එහෙත් ඒවා වර්ග කර දැමීමද අවශ්‍ය වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site