IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඔසුසල් සේවකයන්ගේ කෑම පමාවට වියපත් සීයාට වන්දි ගෙවන්න වෙලා

(සිටිනාමළුව - අනීෂා මානගේ)
තංගල්ල ප්‍රදේශයේ ඔසුසලකින් ඖෂධ ලබාගැනීමට පැමිණි පැය ගණනක් පෝලිමේ සිටි පියකුට ඖෂධ නිකුත් නොකර හරවා යැවීමේ සිද්ධියක් තංගල්ලෙන් වාර්තාවෙයි.


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


තංගල්ල මූලික රෝහලේදී හිසෙහි ශල්‍යකර්මයක් සිදුකර පෙරේදා 28 වැනිදා ටිකට් කපා රෝහලෙන් නියම කළ අමතර ඖෂධ මිලදී ගැනීම සඳහා තම පුතු සමග පැමිණි මෙම වයෝවෘද්ධ පියා දීර්ඝ වේලාවක් පෝලීමේ රැඳී සිට ඇත. 


දහවල් 1.45ට පමණ තම වාරය පැමිණියත් ඔසුසල් සේවකයන් ඔහුට දැනුම් දුන්නේ තම දහවල් ආහාරය ලබා නොගත් නිසා අද දිනයේදී ඖෂධ නිකුත් කළ නොහැකි බවය. නැවත සඳුදා පැමිණ ඖෂධ ලබා ගන්නා ලෙසද වැඩිදුරටත් දන්වා ඇත.


මේ හේතුවෙන් මොවුන්ට ඖෂධ මිලදී ගැනීම සඳහා තංගල්ලේ සිට කිලෝමීටර 40ක් පමණ දුර ගෙවා මාතර ඔසුසල වෙත යාමට සිදුවිය.  


කෙසේ වුවද මොවුන් පිටව ගිය පසු සිද්ධියට සම්බන්ධ ඔසුසලට පැමිණි අයට ඉන්පසුවද ඖෂධ නිකුත් කර තිබිණි. 


මෙම සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ටද දැන් වූ බව එම රෝගියාගේ දරුවෝ පවසති.



අදහස් (2)

ඔසුසල් සේවකයන්ගේ කෑම පමාවට වියපත් සීයාට වන්දි ගෙවන්න වෙලා

lalithm Monday, 30 March 2020 11:39 AM

දෙපයින් යන තිරිසනෙක් ඔතන ඉන්න ඇති. නැතිනම් ඔලුවට ලොකුකම ගහල... මේ වගේ ආයතනයක කලාතුරකින් වෙන දෙයක්...

:       13       70

RanTuesday, 31 March 2020 02:41 PM

අනිවාර්යයෙන්ම .... කකුල් දෙකේ තිරිසන්නු දඟලනවා මේ දවස් වල .... අහිංසකයන්ගේ ජීවිත උඩින් ...මුන්ට අඩුතරමේ ආමි/නෙවි/රෝහල් එකේ කැපවීමවත් දැකල තේරුම් ගන්නේ නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site