IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එළවළු හොරු එළවළු ගොවියාගේ කනෙන් රිංගා ගිහින්

(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
මහනුවරට නුදුරු ප්‍රදේශයක එළවළු වගාවක් නවීන තාක්ෂණය යොදා ගෙනත් ආරක්ෂා කර ගැනීමට නොහැකී වීමේ අපූරු පුවතක් පසුගියදා වාර්තා විය.


අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇති මෙම ගම්මානයේ බොහෝ දෙනාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වූයේ ඵළවළු වගාවයි.


මේ දිනවල වෙළඳපොළේ ඵළවළු සඳහා ඉහළ මිලක් වාර්තාවන බැවින් නිෂ්පාදනය කිරීමට මෙන්ම ඒවා සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට විශාල වෙහෙසක් ඔවුන්ට දරන්නට සිදු විය.


මෙම සිදුවීමට භාජනය වූ ගොවි මහතා ඵළවළු වගාවෙන් යමක් කමක් උපයා ගත් පුද්ගලයෙකි. පසුගිය දිනක මාධ්‍ය මගින් ඵළවළු සොරකම් කිරීම පිළිබඳ වාර්තා පළ වන්නට වූ අතර එම පුවත දැකීමෙන් තම ඵළවළු වගාව සම්බන්ධයෙන් ද බියක් දැනෙන්නට විය.


තම ඵළවළු වගාව සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උපාය කිහිපයක්ම ඔහුට කල්පනා වූ අතර ඒ එක් උපාය මාර්ගයක් වත් ඔහුගේ අස්වැසිල්ලට හේතු නොවිණි. ඒ අතරතුර තම මිත්‍රයකුගේ උපදෙස් පරිදි අපූරු උපක්‍රමයක් යෝජනා කරන  ලදී. ඒ තම නිවසේ ආරක්ෂාවට සවිකර තිබූ අවේක්ෂණ කැමරා (ක්‍ක්‍ඔඪ) පද්ධතිය ඵළවළු වගාවට සවි කිරීමේ යෝජනාවයි. මේ සඳහා කාර්මික නිලධාරියකුගේ සහාය ඇති ව ඵළවළු වගා බිමේ කැමරා පද්ධතිය සවි කෙරිණි.


එහෙත් එම උපක්‍රමය ඔහුගේ සිතට ඇල්ලුවේ නැත. එදින රාත්‍රියේ නිවසේ සිට ඵළවළු වගාව රූපවාහිනී තිරයෙන් නරඹමින් සිටින අතර මධ්‍යම රාත්‍රිය ද පසුවිය. මේ දිනවල පවතින කාලගුණයත් නිසා පාන්දර යාමේ එළඹීමත් සමග ඔහුට පුටුවේම නින්ද ගොස් තිබිණි.


පසුව උදෑසන කාලයේ ඇහැ ඇරී බලන කළ රූපවාහිනී තීරයේ කිසිවක් දර්ශනය නොවනු බව දැක ඔහු වහා වහා ඵළවළු වගාව දෙසට කඩිනමින් ගොස් බැලීය. ඒ වන විට සියලු දේ වී හමාරවී තිබුණු අතර සිදුව ඇති දෙයින් ඔහුට දෙවියන් සිහිවිණි.


ඒ තමන් විසින් මාස ගණනක් වෙහෙසවී රැක ගත් ඵළවළු වගාවත්, නිවසේ ආරක්ෂාවට සවිකර තිබූ අවේක්ෂණ කැමරා පද්ධතියත් සොරුන් විසින් ගලවා ගොස් තිබීම නිසාය. 

 



අදහස් (0)

එළවළු හොරු එළවළු ගොවියාගේ කනෙන් රිංගා ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site