IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


එකම මුහුණු ආවරණය පැළඳ පැමිණි සේවකයාට අපූරු පාඩමක්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
ජරාවාස වූ එකම මුහුණු ආවරණය හැමදාම පැළඳ එන සහෝදර සේවකයකුට පාඩමක් උගන්වන්න ගොස් අලි ජංජාලයක් වූ පුවතක් දකුණේ කාර්යාලයකින් වාර්තා වේ.


කොරෝනා දෙවැනි රැල්ලේ පිබිදීමත් සමගම මේ කාර්යාලයට පැමිණෙන සේවකයින්ටත් මුඛ ආවරණ පැළඳ සේවයට වාර්තා කිරීම අනිවාර්ය විය. මේ නිසාම සියලුම සේවකයන් සේවයට පැමිණියේ මුඛ ආවරණය පැළඳ ගෙනය. බොහෝ සේවකයින් දිනකට පාවිච්චි කළේ එක මුඛ ආවරණයක් පමණි. 


එහෙත් එක් සේවකයෙක් එකම මුහුණු ආවරණය දින ගණනාවක්ම එක දිගටම පැළඳ පැමිණ ඇත. එය ජාරාවාස වී තිබුණේය. සහෝදර සේවකයින් මේ පිළිබඳව ඔහු දැනුම්වත් කළ ද ඔහු එය තඹේකටවත් මායිම් නොකළේය. 


සහෝදර සේවකයාට මේ සම්බන්ධයෙන් කොතෙක් කීවත් ඊට අවධානයක් යොමු නොකරන නිසා ඔහුට හොඳ පාඩමක් උගන්වන්න හොඳ අවස්ථාවක් එන තුරු ඔවුහු ඉතාම සීරු මාරුවට බාල සිටියහ. කාර්යාල කෑම කාමරයේ කෑම මේසයේ දී ඔවුන්ට එම අවස්ථාව උදා විය. 


මේ සේවකයා දහවල් ආහාරය ගෙන එහි අවශේෂ කොටස් කුණු කූඩයට දැමීමට ගියේ මුහුණු ආවරණය කෑම මේසය මත තබාය. ලද ඇසිල්ලෙන් ප්‍රයෝජනය ගත් සහෝදර සේවකයින් පිරිසක් කෑම කාමරයේ තිබූ මිරිස් කුඩු බෝතලයෙන් මිරිස් කුඩු ස්වල්පයක් එයට එක් කළේ ඉතා සූක්ෂමවය. 


කෑමට ගිය ඔහු තරමක් ප්‍රමාද වූ නිසාම කෑම මේසය මත තබා ගිය සිය මුහුණු ආවරණය මුහුණේ පැළඳ ගත්තේ කිසිම වග විභාගයකින් තොරවමය. ගත වූයේ ටික වේලාවකි. “බුදු අම්මෝ මට ඉන්න බැරියෝ” යයි ඔහු මරහඬ දුන්නේ මුළු කාර්යාලයම එතැනට එක් රැස් කරවමින්ය. 


“දනවෝ” යයි කියමින් ඔහු මුළු කාර්යාලය පුරාම දිව ඇවිද්දේ ජරාවාස වූ මුඛ ආවරණය ද විසිකර දමමින්ය. කාර්යාලයේ ප්‍රධානියා ද එතැනට පැමිණියේ මොහුගේ මරහඬ නිසාය. සිදුව ඇති දේ තේරුම් ගත් ඔහු ද මදහස පෑවේ මාත් මේ මිනිහාට මේ සම්බන්ධයෙන් උපදෙස් දුන්නත් එය ගණනකට නොගත් නිසා මේ පාඩමවත් ඉගැන් වූ එක හොඳයි කියමිනි. 

 



අදහස් (3)

එකම මුහුණු ආවරණය පැළඳ පැමිණි සේවකයාට අපූරු පාඩමක්

sana Friday, 23 October 2020 06:32 AM

හරි අපූරුයි ආයතනයක් පාලනය වෙන ආකාරය. ඒ මනුස්සයගෙ ඇස් වලට මිරිස් කුඩු ගියා නම් මොකද කරන්නේ? සමහරවිට ආයතනයේ ඉන්න අඩුම පඩියක් ගන්න මනුස්සයෙක් වෙන්නත් ඇති. සල්ලි නැති නිසා මාස්ක් එකක් දාගෙන ආවේ නැති නිසා ප්‍රාදේශීය සභාවක රැස්වීමකුත් කල් තිබ්බා කියලා ප්‍රවෘත්තියක් තිබුණා. අනෙක මේ කාර්යාලයේ ඉන්න අනෙක් අය හරි හොඳට දිනපතා මාස්ක් බැහැර කරනවා ඇති නේද?

:       2       19

Indika Tuesday, 27 October 2020 09:35 AM

රාජ්‍ය සේවයේ නිසා දවසට එක මුව ආවරණයක් බැගින් ලැබෙනවා. පුද්ගලික අංශ වල ඉතිං මුව ආවරණේ කැඩෙනකන් ඒක දාන්න වෙනවා

:       0       0

චන්දන Tuesday, 27 October 2020 10:56 AM

ඒ මනුස්සයට කට්ටියම එකතු වෙලා මාස්ක් ටිකක් අරන් දුන්න නම් ඉවරනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site