IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


එකට ගෙදරින් ඇවිත් බසයේදී බිරියගේ පොකට්ටුවට විදලා

 නොර්වුඩ් රංජිත් රාජපක්ෂ 
දීපවාලි උත්සවය සඳහා නිවෙසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළදුම් රැගෙන යාමට බගවන්තලාවේ සිට හැටන් දක්වා පැමිණි කාන්තාවකගේ සොරකම් කරන ලද මුදල් පසුම්බියක් කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබී හමුවීමේ අපූරු සිද්ධියක් පෙරේදා 11 වැනිදා හැටන් නගරයෙන් වාර්තා විය.
ඇය හැටන් සිට බගවන්තලාව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයට නැග ඇති  කාන්තාවකි. එකවරම බස් රථය තුළදී මුදල් පසුම්බිය පරීක්ෂා කරද්දී මුදල් පසුම්බිය නොවිණි. කාන්තාව වහා හැටන් බස් නැවතුම්පොළේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් හමු වූවාය. බස් රථය තුළදී කිසියම් පුද්ගලයකු තම මුදල් පසුම්බිය සොරාගෙන ඇති බව ඇය ඔවුන්ට දැන් වූවාය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරිහු බස් රථයේ නැග සිටි සියලු‍ම මගීන් බස්සවා පරීක්ෂා කළහ. කාන්තාවගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය එම කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ විය. පොලිස් නිලධාරින් එය රැගෙන එම කාන්තාවට බාර දුන්නේ ඔවුන් ද විමතියට පත්වෙමිනි. 


තම බිරියගේ මුදල් පසුම්බිය සොරා ගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් සැමියාගෙන් විමසුවේය.  එවිට ඔහු කියා සිටියේ මත්පැන් බෝතලයක් මිල දී ගැනීමට තමන් සතුව මුදල් නොමැති නිසා බස් රථය තුළදී බිරිඳගේ මුදල් පසුම්බිය සොරකම් කළ බවයි.
සැමියාට දැඩි ලෙස අවවාද කර පොලිස් නිලධාරීන් ඔහු මුදා හැරියේ බිරියගේ ද ඉල්ලීම පිටය.



අදහස් (0)

එකට ගෙදරින් ඇවිත් බසයේදී බිරියගේ පොකට්ටුවට විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site