IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එක්කෙනෙක් කට වරද්දාගෙන අට දෙනකුගේ රෙදි ගැලවිලා

(වියලු‍ව වාර්තාකරු)
රාජ්‍ය ආයතනයක නිලධාරීන් පිරිසකගේ ටයි කෝට්    ගැලවූ තේ කඩ හිමියකු පිළිබඳ පුවතකි.


සිද්ධිය මෙසේය.


ඔවුහු එක්තරා රාජ්‍ය ආයතනයක සැලකිය යුතු මට්ටමේ රැකියාවක නිරත වූ පිරිසකි.


දුර බැහැර ප්‍රදේශයක පැවැති මංගල සාදයකට ආරාධනා ලැබූ ඔවුන් ටයි කෝට්වලින් සැරසී කුලී වාහනයකින් උදෑසනම ගමන් ආරම්භ කළේ   ඒ සඳහා බොහෝ දුරක් යා යුතුව තිබූ හෙයිනි.


මඳ දුරක් ගිය ඔවුන් ගමන් ගත් වාහනය තේ කඩයක් අසල නවතන ලෙස සංඥා කළේ තේ කෝප්පයක් පානය කොට යළි ගමන් ඇරඹීමට කතිකා කර ගනිමිනි.


 වෙළෙඳසලට ගොඩවූ ටයි කෝට් හැඳ ගත් පිරිසට වෙළෙඳසල් හිමියා මෙන්ම ගෝලයන් ඉහළම අයුරින් සැලකීමට වග බලා ගත්තේ  ඔවුන්ට යම් ගෞරවයක් ලබා දෙමිනි.


ඔවුනගේ තරාතිරමට ගැළපෙන අයුරින්ම තේ සකස් කළ වේටර් කොලු‍වා උණුවතුරින් අඩක් පිරවූ පීරිසි කෝප්ප, තේ බෑග් සහ සීනි වෙන් වෙන්ව ගෙනවිත් පිළිගැන්වූයේ වෙළෙඳසැල් හිමියා දුන් උපදෙස් අකුරටම අනුගමනය කරමිනි.


ටයි කෝට් හැඳ පැළඳ සිටිය ද පුරුදු ගති මතු වූ පිරිසේ එක් අයකු වේටර් කොලුවා කැඳවා ඔහුට තර්ජනය කළේ මේ තේ ටික උගුර තෙමා ගන්නවත් මදි යැයි ගෝරනාඩුවක් ද කරමිනි.


කලබලය ඇසී එතැනට පැමිණි වෙළෙඳසල් හිමියා මේ මහත්තුරුන්ට නාටාමි කෝප්පවලට තේ අටක් දාල දීපන්  යැයි තරමක් උස වීදුරු කීපයක් දිගු කරමින් ඇඟට පතට නොදැනී කියා සිටියේ වෙළෙඳසලට පැමිණ සිටි සෙසු පිරිස් ද සිනහ ගන්වමිනි.


සාමාන්‍ය තේ දෙකක් පමණ අල්ලන වීදුරු භාජන කීපයකින් යළි තේ සප්පායම් වූ පිරිස බිල ගෙවා දමා හෙමින් සීරුවේ පැමිණි වාහනයට ගොඩ වූයේ ‘තෝ අපේ ටයි කෝට් ගැලෙව්වා‘ යැයි සිය සගයාට පවසමිනි.

 



අදහස් (0)

එක්කෙනෙක් කට වරද්දාගෙන අට දෙනකුගේ රෙදි ගැලවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site