IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඌරො හොයාගෙන උපාසක ගෙදරට රිංගා උදලු මිටෙන් කාලා

වයඹ පළාතේ ඈත පිටිසර ගමක සත් ගුණවත් උපාසක මහතෙක් වෙසෙයි. සුරා සූදවෙන් තොර, මස් මාංශ කෑමෙන් වැළකී සිටින හේ ප්‍රාණ ඝාතය දැඩි සේ පිළිකුල් කරන්නෙකි. සතුන් මැරීම ගැන විහිළුවට හෝ කතා කළොත් ඔහු ඔවුන් සමඟ දැඩි ලෙස උරණ වෙයි. ඒ ගැන ගමේ කවුරුත් හොඳින් දනිති.


නගරබද වෙසෙන මස් වෙළෙන්දකු දිනක් මෙගමට පැමිණියේ ගම් ඌරන් මිලදී ගෙන යාමේ අරමුණෙනි. ඌරන් ඇති කරන්නන් පිළිබඳව විපරම් කරමින් ගමේ ඇවිද ගිය ඔහුට එක් පුද්ගලයෙකුගෙන් ඒ ගැන හෝඩුවාවක් ලැබිණි.


 ඔය පාර දිගේ තව ටිකක් ඉස්සරහට යනකොට පලු ගහක් හම්බ වෙනවා. පලුගහ පහුකරලා යන කොට පාරේ දකුණු පැත්තේ තියෙන දෙවැනි ගේ. ගේ ඉස්සර පොඩි බුදුකුටියකුත් තියෙනවා ඕං. එහේ ඌරො ඇති කරනවා. මේ ඊයේ පෙරේදත් මට එයා කීවා ඌරෝ දෙතුන් දෙනෙක් ඉන්නවා විකුණන්න කවුරු හරි හොයන්න කියලා.’ යි ඔත්තුකරු වෙළෙන්දාට කීය.


 හැබැයි මුලින් උන්දෑ නෑ... බෑ.. කියයි. ඒක උන්දැගේ හැටි. අහපු ගමන් ටිකක් කේන්තියෙන් වගේ කතා කරයි. ඒ හින්දා ටිකක් කල් මරලා යාප්පුවෙන් කථා කරලා වැඬේ කරගන්ඩ බලන්න. අස්ප ගණන් කියයි. එව්වා ඉතිං එහාට මෙහාට කරගන්ඩ මුන්නැහැ දන්නවානේ.’ යි ඔත්තුකරු වෙළෙන්දාට වැඩිමනක් උපදෙස් ද දී ඔහු උපාසක උන්දැගේ නිවසට පිටත්කර යැව්වේය.


 වෙළෙන්දා උපාසකගේ නිවසට ගොඩ විය. ටිකක් කල්මරා පැමිණි කාරණය උපාසකට දැනුම් දුනි. උපාසකගේ මුහුණ රතු විය. තොල් වෙව්ලන්නට පටන් ගත්තේය. ඇස් දෙකෙන් ගිනි පිටවන්නට විය. කවුද කීවේ මං ඌරෝ ඇති කරනවා කියලා. ඌරෝ කියා මං කුකුළෙක්වත් හදන්නේ නෑ.’ උපාසක කෝපයෙන් පුපුරු ගසමින් කීය.


 “හරී... හරී. මාමා කලබල වෙන්ඩ කාරි නෑ. අපි නිවිහැනහිල්ලේ ටිකක් කතා කරමු. මං ඉතිං වෙන වෙළෙන්දෝ වාගේ නෙමෙයි. සාධාරණ මුදලකට තමයි සත්තු ගන්නේ. මටත් පාඩු නොවෙන්ඩ, මාමාටත් පාඩුවක් නොවෙන්ඩ මේ ගනුදෙනුව කරමු. අදට එක ඌරෙක් දෙන්ඩ. ආයි දවසක අනිත් දෙන්නා අරන් යන්ඩ මං එන්නම්’ යි වෙළෙන්දා ඔත්තුකරුගේ උපදේශයද සිහිපත් කරගනිමින් කීය.


 මොන පාහරයාද බොල මං ඌරෝ ඇති කරනවා කිව්වේ’ යි කියමින් උපාසක මහතා නිවස පිටුපසට ගොස් පරණ උදලු මිටක් ගෙනැවිත් වෙළෙන්දාට දෙක තුනක් පතබාද්දී උන්හිටිතැන් අමතක වූ ඔහු ගේ මැදින් දුවගොස් කුස්සි දොරෙන් පිට වී අතුරුදන් විය.
(ගල්ගමුව නිහාල් ජයවීර)

 



අදහස් (0)

ඌරො හොයාගෙන උපාසක ගෙදරට රිංගා උදලු මිටෙන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site