(දේවහුව - ප්‍රසාද් ජයකොඩි)
තම වෙළඳසැලේ නිතරම නැවුම් එළවළු අලෙවි කරන වෙළෙන්දෙකු ගැන සැක සිතූ එම ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවියෝ තම වගාවන් රාත්‍රී කාලයට මුර කරන්නට වූහ. එහිදී මේ පුද්ගලයා කොරටු වලින් සොරාගත් එළවළුත් සමඟ අතටම අසුවීමේ පුවතක් පහළවැව ප්‍රදේශයෙන් වාර්තාවේ.
මොහු තිදරු පියකු වන අතර වයස අවුරුදු 70 ඉක්මවා ඇති හෙයින් හතර පෝයටම සිල් ද සමාදන් වෙයි. නිතර ආගම දහම ගැන කතාකරන මොහු තම මුණුබුරු මිණිබිරියන්ට ද ආගම දහම අනුව ජීවත් වන්නැයි උපදෙස් දෙයි.
ප්‍රදේශයේ අනෙකුත් එළවළු වෙළඳසල් පසු කරගෙන ගොස් මොහුගේ වෙළඳසලෙන් එළවළු ගැනීමට පාරිභෝගිකයන් පුරුදු වී ඇත්තේ නිතරම නැවුම් එළවළු මෙහි අලෙවි කිරීමට ඇති හෙයිනි. ඔහු පාරිභෝගිකයන්ට නිතර පවසන්නේ තමන් නැවුම් එළවළු සාධාරණ මිලකට අලෙවි කරන බවයි.
ගමේ ඉලන්දාරි නිකරුණේ කාලය ගත කිරීම ගැන දැඩි කෝපයෙන් කතා කරන මොහු පවසන්නේ තරුණයින් ඉඳහිට හෝ සිල් සමාදන් වීමට හුරුවිය යුතු බවයි. එහිදී තමන් විසින් සිදු කරනු ලැබන වැරදි වැඩ තිබේ නම් ඒවාට හිත නොයන බවත් ඔහු කියයි.
මෙම නැවුම් එළවළු අලෙවි කිරීම පිළිබඳව ගමේ නොයෙක් කටකතා පැතිර තිබූ අතර ඒ සියල්ල යටපත් වන්නේ මොහු වසර ගණනක සිට සිල් සමාදන් වන බැවිනි.
ප්‍රදේශයේ එළවළු කොරටුවල අස්වැන්න තැනින් තැන අඩුවෙන බව දැනගත් ගොවියෝ රාත්‍රියේ තම එළවළු කොරටු මුර කරන්නට වූහ. දිනක් රාත්‍රියේ සුළු වර්ෂාවක් ද සමඟ එක් ගොවි මහතකුගේ කොරටුවේ කුඩා එළියක් තිබෙන බව දැක ඔහු කළුවරේම එම ස්ථානයට ළඟා වී ඇත.
එහිදී දැක ඇත්තේ හතර පෝයටම සිල් ගන්නා උපාසක මුදලාලි පාරිභෝගිකයන්ට නැවුම් එළවළු ලබා දීමට කොරටු වලින් එළවළු සොරාගන්නා අන්දමයි.
මොහු අතටම හසුකර ගැනීමෙන් පසු කිසිත් කර කියා ගැනීමට නොහැකිව ලැජ්ජාවට පත්වී කොරටු හිමියාගෙන් සමාව ඉල්ලමින් තමන් මෙවැනි වැඩක් කළ බව ගමේ කිසිවකුටත් නොපවසන ලෙසත් එය තමන්ට ලැජ්ජාවක් බවත් කියා ඇත.
සිද්ධියෙන් පසු පාරිභෝගිකයන්ට මුදලාලිගේ නැවුම් එළවළු වෙළඳාම රහසක් නොවන රහසක් වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උපාසක වෙළෙඳාම මහ රෑ පත්තුවෙලා