IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


උදැල්ල පෙන්නා ඇඳිරියෙන් ගැලවී දවස පුරා කසිප්පු ගහලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ඇඳිරි නීතිය තිබියදී ගොවිතැන් කටයුතු සඳහා ලැබෙන සහනයට මුවාවී ආරක්ෂක අංශ රවටමින් උදේ හවස කසිප්පු පානය සඳහා යන එන පුද්ගලයකු පිළිබඳව යක්කලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.


ගොවිතැනෙන් දිවි ගෙවන පිරිසක් වෙසෙන ගම්මානයකි.  ඔහු දවස පුරා සුරා පානයෙන් කල් ගෙවන පුද්ගලයෙකි. ඔහු නිකරුණේ කාලය ගෙවනවා විනා කරන කටයුත්තක්ද නැත. 


ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ පුද්ගලයාට දිනපතා චර්යාව අනුව කසිප්පු පානය සඳහා යාමට බාධාවක් ඇතිවිය.  දින කිහිපයක් කල් ගත කළේ අමාරුවෙනි.  මේ අතර ගොවිතැන් කටයුතුවලට බාධාවක් නොවන බව ගුවන් විදුලියෙන් ඔහුට ඇසුණේය.  ඒ සමගම ගණදෙවි නුවණ පහළවිය.


පසුදා හිමිදිරියේම උදැල්ලක් පාපදියේ බැඳගත් ඔහු කෙලින්ම ගියේ කසිප්පු පොළටය. ආපසු ආයේය. හවසද ඒ ආකාරයෙන්ම ගියේය. ඒ අනුව දැන් දිනපතා ගමනේ යෙදෙන්නේ ගොවිතැන් කටයුතු සඳහා යන බව අඟවමිනි. ආරක්ෂක අංශ පරීක්ෂාවේදී කියන්නේ මම කුඹුරට යනවා හෝ කුඹුරේ සිට ගෙදර එන බවය.

 



අදහස් (2)

උදැල්ල පෙන්නා ඇඳිරියෙන් ගැලවී දවස පුරා කසිප්පු ගහලා

Jay Thursday, 02 April 2020 07:01 AM

මේ කරන ගොන් කමෙන් ගොවිතැන් කටයුතු සඳහා යන අයටත් කෙලවෙනවා

:       91       154

himal Thursday, 02 April 2020 03:58 PM

උදැල්ලක් බැඳගෙන ඇඳිරි නීතිය කඩන අය ඉන්න පුළුවන්. ඒත් මේ පුවතේ ගැටළු ගොඩයි. මත්පැන් පානය කරලා එනවා. ඒත් ආරක්ෂක අංශයට තේරෙන්නේ නෑ බීලා කියලා. කරන වැඩක් නැත්නම් බොන්න සල්ලි කොහෙන්ද? ඊටත් වඩා මේ වැ‍රැද්ද දන්නවා නම් ඇයි නිශ්චිතව දාලා අල්ලලා දෙන්නෙ නැත්තේ?

:       73       103

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site