IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උදරයට රැවටී ගැබිනි අසුන දී බඩ පිරෙන්න කාලා

මාතර සිට අම්බලන්ගොඩ දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි. සති අග දිනයක් වූ නිසා බසයේ විශාල පිරිසක් වූ අතර බොහෝ දෙනෙක් හිටගෙන සිටියහ.


ගැබිනි මව්වරුන් සඳහා වූආසනයේ වියපත් කාන්තාවක් සහ මැදිවියේ වූ තැනැත්තෙක් වාඩි වී සිටියහ. වාඩි වී සිටි ඔහු සරම කමීසය ඇඳි ගැමියකු බව පෙනිණ.


හික්කඩුව ප්‍රදේශයේ දී බසයකට නැග්ගේ බටහිර යුරෝපීය ඇඳුමැති තරුණ කාන්තාවකි. ඇය තරබාරුය. ගැබිනි අසුනේ වාඩි වී සිටි තැනැත්තා මේ කාන්තාවගේ උදරය දෙස කීපවරක් බලා තීරණය කළේ ඇය ගැබිනියක බවය.


‘‘අපි මේකේ වාඩිවෙලා යන එක හරි නෑ. ඔය නෝනා වාඩි වෙන්න’’ ඔහු නැගිට කීවේ ගැබිනියන්ට පමණක් වූ දැන්වීම් තහඩුව දෙස බලමිනි.


එදෙස බැලු කාන්තාව ඔහු දෙස රවා බලා ‘‘ඕකෙ වාඩි වෙන්න මට ඕනකමක් නෑ එහෙම ලෙඩක් මට නෑ’ කීවේ වට පිටද බලමිනි.


වඳින්න ගිය දේවාලය හිස පිට කඩා වැටුන බව දැනගත් මගියා යළි වාඩිවීමට ගියත් අසල සිටි කාන්තාවක මේ කතා මැද එහි වාඩිවීම නිසා ඔහු අන්දමන්ද වුණාලු.

(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (2)

උදරයට රැවටී ගැබිනි අසුන දී බඩ පිරෙන්න කාලා

leel gunawardena Friday, 28 February 2020 10:32 PM

අයියෝ... බඩ හින්දා අපේ පිරිමින්ට වෙන දේවල් .

:       0       13

sampath Monday, 02 March 2020 12:23 PM

ගැබිනි මාතාවන් උදරය දිහා බලලම තීරණය කරන්න අමාරුයි. මේ අය හඳුනාගන්න විශේෂ අත් පළඳනාවක් හඳුන්වා දුන්නා නම් හොඳයි. එතකොට කවුරුත් අපහසුතාවයට පත්වෙන්නේ නැහැ. අනුමානෙන් හිතලා තීරණ ගන්නත් බැහැ... ඒ වගේම සමහර කාන්තාවන්ට ගැබිනි මාතාවක් බව පේන්නෙම නැහැ... අපිට නම් ඕක බලලා තීරණය කරන්නත් බැහැ... එහෙම බැලුවොත් වෙන කතන්දරයක්... ඒ නිසා යම් පටක පළඳනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හඳුන්වා දෙන්න. ඒ පළඳනාවේ රුධිර වර්ගය සහ ගර්භනි ඉතිහාසය ඇතුළත් කරන්න.. හදිසි අවශ්‍යතාවයකදී වෛද්‍යවරුන්ට පහසුවෙන් හඳුනාගන්නත් එක්ක...

:       0       102

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site