යතුරුපැදියේ ගමන් කිරීමේ දී ආරක්ෂිත හිස් වැසුම් තම ආරක්ෂාව පිණිස පළඳින නමුත් පොලීසිය දැක දඩයෙන් ගැලවීමට එය පැළඳීමට ගොස් අඹුසැමි යුවළක් අකරතැබ්බයකට පත්වූ පුවතකි මේ.
සිද්ධිය වාර්තාවෙන්නේ ගල්කිරියාගම පොලිස් වසමට අයත් කහල්ල පල්ලකැලේ රක්ෂිත සීමාවේ පිහිටි ගම්මානයකිනි.

අඹුසැමි යුවළ උදේ කාලයේ යතුරුපැදියේ නැගී ගමනක් යාමට පිටත් වූහ. සැමියා යතුරුපැදිය පදවයි. බිරිඳ පිටුපස අසුනේය. දෙදෙනාම හෙල්මට් පැළඳ සිටිති.
වනාන්තර මැදින් යායුතු හුදකලා වූ පාරක් නිසා සැමියා ටික දුරක් ගොස් හෙල්මටය ගලවා බිරිඳට දුන්නේය. බිරිඳ තම හෙල්මටය පැළඳ ඔහුගේ හෙල්මටය තම අත තබාගෙන සිටියාය.
ටික දුරක් යනවිට හමුවූ යතුරුපැදියක් ඉදිරියේ පොලිසියෙන් බවට සංඥා කළේය.
පිටුපස අසුනේ වාඩි වී සිටි බිරිඳ කලබලයට පත්ව අත තිබූ හෙල්මටය සැමියාගේ හිසට දැමුවාය.
නිමේෂයකින් ඉදිරියට ඇදී ගිය යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව අසල කාණුවකට පෙරළීමෙන් නැවතුණි.
ඉදිරියෙන් පැමිණි වාහනයක පිරිසක් එය නවතා අනතුරට පත් දෙදෙනා කාණුවෙන් ගොඩට ගත්හ. යතුරුපැදියට ද හානි සිදුවී ඇත. දෙදෙනාට ද තුවාලය.
අනතුරට හේතුව පැමිණි පිරිස විමසූහ. හමු වූ අයෙක් ඉදිරියේ පොලීසිය ඉන්නවා කියූ නිසා ඉස්සරහා පස්ස මාරුකර හෙල්මටය බිරිඳ තමාගේ ඔලුවට දමන්නට යාමෙන් පාර නොපෙනී යතුරුපැදිය පෙරලුණු වග සැමියා පවසනවාත් සමගම එතෙක් අනතුරට හේතුව නොදැන සිටි බිරිඳට ඒ බව පසක් විය. පිහිටට ආ පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත් ඇය ගොලුවත රකිමින් දෙදෙනාටම වූ තුවාල දෙසවත් නොබලා සැමියා හා යතුරුපැදියේ නැගී ඉන් නික්ම ගියාය.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)
2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඉස්සරහ-පස්ස මාරුවී යතුරු පැදිය කාණුවේ