IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉදවන ගාස්තුව අඩුකරලා අමු කෙසෙල් වලට සල්ලි ගෙවලා

ඉදුණු කෙසෙල්වලට වඩා අඩු මුදලකට අමු කෙසෙල් ගෙඩි ඉල්ලීම නිසා පලතුරු වෙළෙන්දෙකුට හොඳටම කේන්ති ගිය සිද්ධියක් ඉකුත් දිනක අගනුවරට ආසන්න ප්‍රදේශයක පලතුරු වෙළෙඳසැලකදී දැකගත හැකිවිය.


 ඔහු සෞඛ්‍යයට සම්බන්ධ ආයතනයක සේවය කරන්නෙකි. බොහෝ පලතුරු වෙළෙඳුන් පලතුරු ඉදවීම සඳහා රසායනික බෙහෙතක් යොදා ගන්නා බව දන්නා ඔහු වස විසවලින් තොර පලතුරු ලබා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් අමු කෙසෙල්, අමු අඹ, අමු පැපොල් ආදිය ගෙන ගොස් නිවසේදී ඉදවා ගනියි. 


එදින සේවය නිමවා නිවෙසට පැමිණෙමින් සිටි ඔහු පලතුරු කඩයකට ගොඩ විය. 


“කීයද මුදලාලි මේ ඇඹුල් කෙසෙල්?”


“කිලෝව අසූවයි මහත්තයා” මුදලාලි පිළිතුරු දුන්නේය.


ඒ ඉදුණු ඒවනේ. මට අමුවයින් කිලෝවක් දෙන්න” ඔහු ඉල්ලා සිටියේය.


 කෙසෙල් කිලෝව ලබාගත් මහත්තයා රු. 70 වෙළෙන්දා වෙත දිගු කළේය. 


“දහයක් අඩුයිනේ” මුදලාලි කීවේය.


“මේව ඉදවන්න බෙහෙත්වලට යන වියදම අඩු කරලයි මම ඔය දුන්නේ” යැයි උපහාසාත්මකව මහත්තයා දුන් උත්තරෙන් මුදලාලිගේ මුහුණ ඇඹුල් වී ගියේය. 


“අපි ගහන බෙහෙතක් නෑ මහත්තයෝ” යැයි නොරිස්සුම් සහගතව කී මුදලාලි ඉතුරු රුපියල් දහයද මහත්තයා වෙතින්  ඉල්ලා ගත්තේය.

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)



අදහස් (0)

ඉදවන ගාස්තුව අඩුකරලා අමු කෙසෙල් වලට සල්ලි ගෙවලා

සුනිල් Wednesday, 30 March 2016 05:13 PM

මේ වගේ වැඩක් මටත් උනා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site