ඉගෙනීමට ඇති කම්මැලිකම නිසා ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම සිදුකරන ගුරුවරියකගේ මෝටර් රථයේ රෝද හතරේම හුළං යැවූ අපූරූ සිසුන් පිරිසක් සිටින තක්ෂලාවක් පිළිබඳව කතාවක් දකුණු පළාතේ සුන්දර ප්‍රදේශයකින් වාර්තාවේ.
උපකාරක පන්ති ක්ෂේත්‍රයේ සහ පාසල් අධ්‍යාපන කටයුතුවලදී ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම සම්බන්ධයෙන් දැඩි ප්‍රසිද්ධියක් උසුලන මෙම ගුරුවරිය පාසල් ළමයින් අතර ජනප්‍රිය වූවාය. පාඩම් වැඩ අතපසු කරන ළමයින්ට ඇයගෙන් කිසිදු බුරුලක් හිමිවූයේම නැත.
බොහෝ අවස්ථාවලදී ළමයින්ගේ මව්පියන් කැඳවීමට ද ඇය අමතක නොකළාය. බොහෝ පන්තිවල ඉගෙන ගන්නා ළමයි ඇයට දැඩි ලෙන්ගතු කමක් දැක්වූහ. ජාත්‍යන්තර භාෂාවක් ඉගැන්වීම ඇය විසින් සිදුකළද එම විෂය ප්‍රධාන විෂයධාරාවන්ට අයත්විය. මව්පියන්ගේ පෙරැත්ත කිරීම නිසාම ඇතැම් ළමයි මෙම විෂය ඉගෙන ගත් අතර විෂයට අකමැති ළමයි ද ඒ අතර වූහ.
පන්තියේ විවේක කාලයේදී ළමුන් පිරිසක් අවට සැරිසරමින් සිටියදී ගුරුවරියගේ මෝටර් රථය ගාල් කර තිබෙන අයුරු දැක ඇත. ජාත්‍යන්තර භාෂාව ඉගෙන ගැනීම එපා වී සිටි ළමයි කිහිප දෙනෙක් මෝටර් රථයේ රෝද හතරේම සුළං ඇරියහ. හුළං ගැසීම සඳහා සවිකර තිබූ උපාංගද ඔවුහු ගලවා ඉවත් කළහ.
නැවත පන්තියට ගිය පිරිස කිසිවක් නොවූ පරිද්දෙන් සවස නිවෙස් වලට ගියහ. ගෙදර යාමට සූදානම්ව මිතුරියක සමග මෝටර් රථය නතරකර තිබූ ස්ථානයට ගිය ගුරුවරියට දෙවියන් සිහි වූයේ වාහනයේ රෝද හතර දැකීමෙනි.
කිසිවක් කරකියාගත නොහැකි වූ ඇය යහළුවන් කිහිපදෙනෙකු අමතා හුළං පොම්පයක් ගෙන්වා ගෙන රෝදවලට හුළං ගසාගෙන ගෙදර ගියාය. බරපතළකම නොදැන ළමුන් සිදුකළ වරදක් ලෙස ඇය ඒ පිළිබඳව විපරම් කිරීමක් සිදුනොකළත් හුළං ඇරීම සිදුකළ ළමයින්ට රහස රැකගැනීමට නොහැකි වීම නිසා සිද්ධිය ප්‍රසිද්ධ වීම නිසා සති කිහිපයක් පාසල් නොපැමිණි බව කියති.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප්රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉගෙනීම වහකදුරුවූ සිසුන් ගුරුවරිය අතරමං කරලා