IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමක් කාලා පොලිස් කූඩුවෙත් ලගින්න වෙලා

(රාජාංගණය නුවන් කුමාර)

පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවස බිඳ රත්තරන් වළලු යැයි රැවටී ඉමිටේෂන් වර්ගයේ වළලු දෙකක් හොරකම් කොට පොලීසියට හසු වීමේ පුවතක් තඹුත්තේගම පොලීසියෙන් වාර්තා විය.

මෙම සැකකරු කොස්තාපල්වරයාගේ නිවසට ගිය අවස්ථාවකදී මේසය මත මෙම වළලු දෙක නිතරම පවතින බව දැක තිබේ. අනුන්ගේ දේට නිතරම කෑදරකමක් දක්වන මෙම පුද්ගලයා මෙම වළලු රත්තරන් යැයි සිතා තිබේ.

නිවැසියන් පසුගිය දිනක අනුරාධපුරයේ පැවති උත්සවයක් සඳහා නිවසින් පිටවී ගිය අවස්ථාවකදී ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටි සැකකරු සවස 5.45 ත් රාත්‍රී 12.00 අතර කාලයේ නිවස බිඳ ගෙට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබේ.

ඉමිටේෂන් වළලු දෙක නිතරම පෙනෙන්නට තැබුවේ උපක්‍රමයක් නිසා වන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

තඹුත්තේගම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස්මත එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් සැරයන් සරත් (29477) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

 



අදහස් (0)

ඇමක් කාලා පොලිස් කූඩුවෙත් ලගින්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site