IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි

(වියලුව වාර්තාකරු) 
පදමට වෙරි වූ කම්කරුවකු තමුන් සමග එකට මත්පැන් පානය කළ ආයතන ප්‍රධානියකුගෙන් ආයතනයේ ඇති ගැටලු විසඳීම සඳහා සතියක කාලයක් තමුන්ට පාලනය භාරදෙන ලෙස කළ ඉල්ලීමක් පිළිබඳ කථා පුවතකි. 


සිද්ධිය මෙසේය. 


එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි ආයතන ප්‍රධානියා ද ඇතුළුව සේවය සඳහා යොදවා සිටියේ 50කටත් අඩු සේවක පිරිසකි. 


ඒ නිසාම ආයතන ප්‍රධානියා මෙන්ම පහළම ශ්‍රේණියේ කම්කරුවා අතරද පැවතියේ මනා සබඳතාවක් මෙන්ම සුහදත්වයකි. 


අහංකාර කමක් නොපෙන්වූ ආයතන ප්‍රධානියා ද ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ට මෙන්ම පහළ ශ්‍රේණියේ කම්කරුවාට සැලකුවේද එකම ආකාරයෙනි. 


මේ නිසා ඇතැම් කම්කරුවෝ තම තනතුර ඉක්මවා ආයතන ප්‍රධානියාද අභිබවා කටයුතු කළ අවස්ථා පිළිබඳව ද විටින් විට අසන්නට ලැබිණි. 


පසුගිය දිනෙක මෙම පිරිසට ආයතනයේම නිලධාරිනියකගේ නිවෙසේ උත්සවයක් වෙනුවෙන් ආරාධනාවක් ලැබිණි. ආරාධනාවට අනුව ගමනට එක් වූ පිරිමි පාර්ශ්වයේ සියලු දෙනාටම අදාළ නිලධාරිනියගේ සැමියා විසින් ආහාර පානවලට අමතරව මත්පැන් සාදයක් ද සූදානම් කර තිබිණි. 


මත්පැන් බෝතල් එකින් එක හිස් වන්නට පටන් ගැනීමත් සමගම ආයතනයේ පරිපාලන ගැටලු ආදිය පිළිබඳවද එකිනෙකා ආයතන ප්‍රධානියා සමග සාකච්ඡා කරන්නට වූයේ සාදය ඊට කදිම අවස්ථාවක් බවට පත්කර ගනිමිනි. 


තම තනතුරද අමතකවූ කම්කරුවකු එහිදී සියලු පිරිස් ඉදිරියේ ‘සර් පුළුවන්නම් මට සතියකට සර්ගේ තනතුර දෙන්න මම ඔය ප්‍රශ්න ටික සුටුස් ගාලා විසඳලා දෙන්නම්’ යනුවෙන් පවසා සිටියේ එහි සිටි සියල්ලන් සිනහ ගස්සවමිනි. 


ඒ වනවිටත් පදම ඉක්මවා සිටියද උගතෙකු මෙන්ම සිහි බුද්ධියෙන් යුත් පුද්ගලයකු වූ ආයතන ප්‍රධානියා මඳ සිනාවක් පාමින් ඔහුගේ කණ මිරිකා ‘උඹ ඔය යෝජනාව මට නම් කළාට කමක් නෑ හැබැයි  මම මාරුවෙලා ගිය දවසක අලුතින් එන මහත්තයට නම් ඔය වගේ යෝජනා ගේන්න එපා. හැමෝම මම වගේ ඉන්න එකක් නැහැ යැයි කියා සිටියේ ඔහුගේ වෙරි මතද හින්දවමිනි.



අදහස් (0)

ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 772 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site