IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආප්ප කන්න ගිහින් රෙදි ගලෝගෙන

අඩු මුදලට බිත්තර ආප්ප කන්නට ගිය තරුණ පිරිසක් පිළිබඳ පුවතකි.සිද්ධිය මෙසේ ය. එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි තේ වෙළෙඳ සලකි.
ප්‍රදේශයේ  බොහෝ දෙනකු එහි ගොඩ වූයේ උණු උණුවේ ආප්පයක් කෑමටය. අලෙවියට තිබූ සාමාන්‍ය ආප්පයක් රුපියල් තිහකි. බිත්තර ආප්පයක් 120 කි. ඇතැම් විට 150 කි. 
වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 30කට තිබියදී බිත්තර ආප්පයක් රුපියල් 120-150 ට අලෙවි කිරීම පිළිබඳ පාරිභෝගිකයන් තුළ පැවැතියේ නුරුස්නා ගතියකි.


 වෙළෙඳසල් හිමියන්ගේ ගණන් බැස්සවීමට සිතූ තරුණ පිරිසක් පසුගියදා බිත්තර මල්ලක්ද රැගෙන වෙළෙඳ සලට ගොඩ වූයේ අඩු මිලට බිත්තර ආප්ප කන හැටි පෙන්වමි යැයි එකිනෙකාට පවසා ගනිමිනි.
‘‘මුදලාලිගේ ආප්පයක් රුපියල් තිහයි. ඔන්න අපි බිත්තර ගෙනාවා. බිත්තරේ ගානේ ආප්පෙකට දාලා ආප්ප දහයක් අපිට දෙන්න. තරුණ පිරිස උජාරුවෙන් වෙළෙඳසල ඉදිරිපිට බංකුවේ වාඩි ගත්තේ බිත්තර ආප්ප පිලිස්සෙන තුරුය.
මල්ලිල වැඬේනම් හොඳයි. හැබැයි නිකං ආප්පයක් තිහට දුන්නට බිත්තර ආප්පයක් බිත්තරේ ගාන එකතු කරලා 60 දෙන්න මට මොළේ අමාරුවක් නැහැ. ඒකට ගම්මිරිස් කුඩු, ලු‍ණු කුඩු, ලූනු කෑලි මිරිස්  දාන්න ඕනි. වැඩිවෙලාවක් පුච්චන්න ගෑස් ඕනි. ඒ ටික ගෙනත් දෙන්නේ මල්ලිලාගේ ගෙදරින්ද? ඕන්නම් ආප්ප දෙන්නම් ඒකට බිත්තරයක් දාගෙන කන්න යැයි වෙළදසල් හිමියා පවසද්දී බිත්තර මල්ලත් රැගෙන තරුණ පිරිස පල්ලම් බැස්සේ තවත් එහි සිටියහොත් වෙළඳසල් හිමියා තමුන්ගේ රෙදිත් ගලවන බව දන්නා නිසාවෙනි.

 වියලුව වාර්තාකරු



අදහස් (0)

ආප්ප කන්න ගිහින් රෙදි ගලෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site