(ගලහ - ඩබ්.ඒ. අසේල)
මිතුරා අවුරුද්දට ගෙනත් දුන් අරක්කු බෝතලය පැණි බෝතලයක් වීමේ පුවතක් ගලහ ප්‍රදේශයෙන් වාර්තා වේ. අවුරුද්දට නෑගම් යෑම තවමත් ඉවර වී නැති බැවින් උඩදුම්බර ගම්බද පෙදෙසක ජීවත්වන තම මිතුරකු පවුලේ උදවිය ද සමග පසුගිය සෙනසුරාදා දින මෙම මිතුරාගේ නිවෙසට පැමිණ ඇත.
අවුරුද්දට කැවිලි පෙවිලි පාර්සලයක් ගෙන දුන් මිතුරා මෙය පරෙස්සමෙන් තබන ලෙසත් කැඩුණොත් අපරාදේ යනුවෙන් ප්‍රකාශ කොට ඇත. කැඩුණොත් අපරාදේ යනුවෙන් පැවසූ නිසා හොරෙන්ම පාර්සලය දිගැර බැලූ ඔහු එහි අරක්කු බෝතලයක් තිබෙනු දැක කාටත් හොරෙන් එම බෝතලය පැත්තක තබා කැවිලි පාර්සලය බිරියට දී තිබේ. පසුදින තවත් මිතුරකු නිවෙසට පැමිණි විට ඊයේ මගේ අහවල් මිතුරා ආවා. කවදාවත් නැතුව බෝතලයකුත් ගෙනාවා.
අපි දෙන්න ටිකක් පාවිච්චි කරමු කියා බෝතලය ගෙන බීමට සූදානම් වන විටයි තේරී ඇත්තේ අලුත් හිස් අරක්කු බෝතලයකට කිතුල් පැණි දමාගෙන ඇවිත් තිබෙන විත්තිය. යහලුවාට ලැජ්ජාවක් ඇති වුවද වෙච්ච ඇබැද්දිය ගැන බෝතලය ගෙනා මිතුරාට ද දුරකතනයෙන් පවසා සියලු දෙනාම සිනාසී ඇත.
2025 දෙසැම්බර් මස 18
10
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුද්දට දුන් අරක්කු බෝතලය පැණිවෙලා
නිශාන්ත හේවගේ Wednesday, 27 April 2016 03:48 AM
අනේ කාලේ වසේ වාසේ කියලා කිව්වලු (ම)
රෙජි-සිඩ්නි Wednesday, 27 April 2016 05:24 AM
මිතුරාට කියන්න තිබුෙණ් මේකේ පැණි බෝතලයකුත් තියෙනවා .පරිස්සමින් අරන් තියන්න කියලා (ම)
පිටබැද්දර ජයා Wednesday, 27 April 2016 01:02 AM
අනේ කාලේ වනේ වාසේ කිවුවලු! බෝතලයක ලේබලයක් දැක්කත් වෙරිවෙන සමාජයක් මේක (නි)
සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 27 April 2016 01:35 AM
අරක්කු බොන, බීලා නහින සමාජයක අරක්කු බෝතයක් දැක්කත් වෙරි වී හොඳ සිහිකල්පනාව නැතිකර ගැනීමට තරම් නූතන මිනිසා උන්මත්තක වී තිබීම ජාතියේම අවාසනාවකි. (නි)
සිරිල් Thursday, 28 April 2016 05:43 AM
දෙන්නටම පැණි බී මත්වෙන්නයි තිබ්බේ. (හේ)