IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


අවුරුද්දට දොදොල් හදන්න පොල් අරක්කු ගෙනත්

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
අවුරුද්දට පොල් ගේන්න දුන් සල්ලිවලින් පොල් අරක්කු ගෙනැවිත් බිරියගෙන් බැනුම් ඇසූ සැමියකු පිළිබඳව රත්නපුරයට නුදුරු ගමකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.


ඔහු දිනපතා මත්පැන් පානය කරන පුද්ගලයෙකි. දිනක් ඔහු නිවසින් පිටව යාමට සැරසෙන විට ඔහුගේ බිරිය ඔහු අමතා “හැමදාම බොන එකේ ඕක නවත්තලා දානවා” යැයි ඔහුට කියා ඇත.


එවිට ඔහු “හාමිනේ මමත් අවුරුද්ද හින්දා වෙනසක් කරන්න හිතුවා” යැයි පවසා ඇත. “දැන් ඔය කොහෙද යන්නේ” යැයි බිරිය ඇසූ විට “මම යනවා පොල් ගේන්න” යයි පවසා ඇත. “ඇති යන්තම් ගෙදරට මොනවා හරි ගේන්න හිතුවා. අවුරුදු හින්දා එක පාර පොල් ටිකක් වැඩිපුර ගෙන්න මංගාවත් රුපියල් දෙදහක් තියෙනවා. මෙකත් දාලා ගේන්න” යැයි පවසා රුපියල් දෙදහස ඔහුට ලබාදී ඇත. “මේවා යුතුකම් හාමිනේ වෙනසට හාමිනේත් කැමැතියි වගේ” යැයි පවසා ඔහු නිවසින් පිටව ඇත.


දොදොල් සෑදීම සඳහා පොල් ගෙනෙනතුරු සවස් වෙනකම් බලා සිටියත් ඔහු නොපැමිණි අතර, රාත්‍රියේ දී කළු කවරයක් ද ගෙන සැමියා හතර ගාතෙන් එනු දුටු ඇයට යකා නැග්ගාය. 


“ඔය වෙනසක් කරපු හැටි නේද? කෝ පොල්” යැයි ඇසූ විට “මේ තියෙන්නේ හාමිනේ බඩු. හැමදාම ගල් ගහලා එපා වෙලා. අවුරුද්දට වෙනසක් කරන්නත් එක්ක පොල් ගත්තා” යැයි පවසා ඇත. සැමියාගේ උගුලට තමා අසුවූ බව බිරියට අවබෝධ වුණේ එවිටය.



අදහස් (0)

අවුරුද්දට දොදොල් හදන්න පොල් අරක්කු ගෙනත්

අජිත් Tuesday, 26 April 2016 02:08 PM

එහෙනම් හාමිනේට එලොව පොල් පේන්න ඇති. (බ)

:       0       0

දිනේෂ් Tuesday, 26 April 2016 02:49 PM

ඔය වගේ මිනිස්සූ ඕනේ තරම්.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 April 2016 03:18 AM

බලු වලිගෙ උණ පුරුකේ දැම්මත් නැහැ අද ඇරෙන්නේ! ගෙනාපු පොල් බෝතලෙන්ම දුන්නා නම් හොඳ පාරක් ආයෙත් නම් මේ වගේ වැඩ කරන එකක් නැහැ (නි)

:       0       0

පද්මිණි Tuesday, 26 April 2016 05:19 AM

පොල් ගෙඩියක් කීයද? රුපියල් 2000 ක් කියන්නේ ලොකු මුදලක්නේ. හැබැයි ලංකාවේ ඉන්න අපේ නෑදෑයොත් සල්ලි වියදම් කරන හැටි දැක්කම ලංකාවට යන්නත් බය හිතෙනවා. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 05:29 AM

මේ වගේ මිනිස්සු මොනවා කරලාවත් හදාගන්න බැහැ පිටබැද්දර ජයා. බෝතලේකින් ගැහුවා කියලා මිනිසුන්ගේ සැබෑ ජීවන ගැටලුවලට විසඳුම ලබාගන්න බැහැ. වැඩිපුරම වැරදි විදිහට මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ කිරිදරුවන්ගේ පියවරු වීම අතිශය අවාසනාවන්ත තත්වයක්. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 28 April 2016 03:40 AM

දැන් කාලේ පිරිමි විතරක් නෙවෙයි කාන්තා පක්ෂය පවා මධ්‍යසාර භාවිතයට දැඩිව ඇබ්බැහි වී ඇති ප්‍රවණතාවයක් විද්‍යමාන වේ. සුපිරි වෙළඳ සැල්වල විකිනීමට ඇති අධි සාන්ද්‍ර මධ්‍යසාර වර්ග බහුලව මිලදී රැගෙන යනු දකින්නේ ස්ත්‍රී පක්ෂය වේ. ඔවුන්ද සුපිරි පැළැන්තියට අයත් බව ඔවුන් පැමිණෙන ලක්ෂ 50 - 80 නවීන පන්නයේ ජපන් මෝටර් රථ අනුව පැහැදිලි වේ. (බ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 26 April 2016 01:21 AM

ශ්‍රී ලාංකික පිරිමි මධ්‍යසාර භාවිතයට බොහෝ වශයෙන් ඇබ්බැහි වී තිබීම නූතන සමාජ ප්‍රවණතාවයක් වී ඇත. නූගත් පිරිමි පමණක් නොව විවාහක උගත් පිරිමි පක්ෂය පවා මේ මට්ටමට අද පත්ව ඇත. පියා අනුකරණය කරමින් මත්ද්‍රව්‍ය පානයට කුඩා කාලේ සිටම දරුවන්ද යොමුවීම දැඩි සමාජ උපද්‍රවයක් බවට නූතනයේ පත්ව තිබේ. (නි)

:       0       0

සමන්ති Tuesday, 26 April 2016 01:43 PM

දුන්නනම් අර වෙදමහත්තයාගේ අරිශ්ටේ ටිකක්. ඇඟේ අමාරුව විතරක් නොවෙයි දීගේත් අත ඇරෙනවා සත්තයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site