IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලියාට බයවී පෙම්වතිය කරේ තියාගෙන ගිහින්

(හිඟුරානේ නවරත්න සමරතුංග)
අලියෙකු එනවැයි ගසකට නැගගත් පෙම්වතියක් පෙම්වතාගේ දෙවුර මතින් ගෙනගිය සිද්ධියක් එක්තරා අභය භූමියක් හරහා වැටී ඇති වනගත ප්‍රදේශයකින් වාර්තා විය. 


එම මාර්ගයේ ප්‍රසිද්ධ සුසාන භූමියක් ඇති ප්‍රදේශය පසුකර යනවිට කිලෝ මීටර් දෙකක් පමණ දුර ප්‍රදේශයේ වල් අලි ගැවසෙති. 


එහෙත් එම කැලෑ ප්‍රදේශය හරහා යන පෙම්වතුන් හිටි ගමන් වනය තුළට ගොස් පෙම් සුව විඳින අවස්ථා සුලබ විය. 


මේ අතර පසුගිය දිනක රජයේ කාර්යාලයක නිලධාරියකු උදෑසන තම යතුරු පැදියෙන් බුද්ධංගල සිට අම්පාර දෙසට එමින් සිටියේය. 


පාර අයිනේ යතුරුපැදියක් නවතාගෙන සිටි තරුණයකු ඔහුට නතර වන ලෙස අතින් සංඥා කළේය. 


රජයේ සේවකයාද තම යතුරුපැදිය මග අයිනේ නතර කර තරුණයාගෙන් කාරණය කුමක්දැයි විමසීය.


‘හරි වැඩක්නේ වුණේ මේ කැලෑව අස්සෙන් අලියෙක් එන ශබ්දයක් ඇසුණා. 


අලියට බයවුණු මගේ පෙම්වතිය අර කැලේ ඇතුළේ ගහකට නැග්ගා.  දැන් එයාට බිමට බහින්න බැහැ. මටත් ගස් නඟින්න බැහැ.


උදව්වක් කරන්න පුළුවන් දැයි  විමසීය. රජයේ සේවකයා ඔහු සමග කැලයට ගොස් බලන විට රූමත් තරුණියක් විශාල ගසකට නැග සිටින අයුරු දක්නට ලැබිණි. 


රජයේ සේවකයා මහත් වෙහෙසක් දරමින් ගසට නැග ඇගේ අතින් අල්ලා කෙමෙන් කෙමෙන් බිමට ගැනීමට උදව් කළත් ගසේ මුල කොටසේ සිට බිමට පනිනවා හැරුණු විට වෙනත් කළ යුතු යමක් නොවීය. 


එකම විකල්පය වුණේ ඇය සමග පැමිණි පෙම්වතා ගසමුල සිටුවා ඔහුගේ දෙවුර මතට ඇයගේ දෙපා තබා ඉඳගන්නට සැලසීම පමණය. ඒ අනුව පෙම්වතා තම පෙම්වතිය කරමත තබාගෙන මාර්ගයට ගෙනැවිත් බිම තැබූ බව කියති. 



අදහස් (0)

අලියාට බයවී පෙම්වතිය කරේ තියාගෙන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site