IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අලුත් ලේලියගේ කීමට පුතා අම්මාටත් කොලේ වහලා

 කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
හිතවතකුගේ විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගී වීමට බිරිඳට පැලැඳ ගෙන යාමට වයෝවෘද්ධ මවගෙන් ඉල්ලා ගෙන ගොස් ඇතැයි කියන රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා රන් භාණ්ඩ තොගය සඟවාගෙන ව්‍යාජ රන් භාණ්ඩ ආපසු ගිහින් දී ඇතැයි කියන පුතකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු කෑගල්ල ප්‍රදේශයේ තරමක් දුෂ්කර ගම්මානයක 29 හැවිරිදි තරුණයෙකි. ප්‍රදේශයේ ඇඟලු‍ම් ආයතනයක සේවය කරන්නට යන එන අතරේ එම ඇඟලු‍ම් ආයතනයේ සේවය කරන තරුණියක සමග ඇති කරගත් සම්බන්ධතාවක් මත දෙපාර්ශවයේ ආශීර්වාද මැද විවාහ විය.
තරුණයා මනාලිය නිවෙසට කැන්දාගෙන පැමිණ මාසයක පමණ කාලයක් එහි ගත කර නගරයට කිට්ටුව කුලීයට ගත් නිවෙසක පදිංචි වූහ.
මොවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයට පැමිණ සිටි ඇඟලු‍ම් ආයතනයේ හිතවතියකගේ විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවට නව යුවළට ද ආරාධනා කර තිබුණි. විවාහය ලියා පදිංචි කිරීමේ අවස්ථාවට සහභාගී වීමට යාමට බිරියට පලැඳවා ගෙන යාමට මව සතුව ඇති ලොකු මාලයත් අත් පලඳනාවත් තරුණයා මවගෙන් ඉල්ලා ගෙන ආවේය. 


පසුව යුවළ හිතවතියකගේ විවාහය ලියාපදිංචි උත්සව අවස්ථාවට යාමට සූදානම් වූ අවස්ථාවේ දී තරුණයා තරුණියගේ ගෙලට මවගේ රන් මාලයත් අතට අත් පලඳනාවත් බැඳ මේ දෙක ඔයාට කදිමට ගැළපෙන බව පැවසීය.
පසුව තරුණිය තරුණයාට කියා ඇත්තේ අම්මාගේ රන් මාලය හා අත් පලඳනාව ඉල්ලා දෙන ලෙසය.
 ‘‘පිස්සු ද මැණික අම්මා මාලය හා අත් පලඳනාව ඔයාට දෙන එකක් නෑ. අම්මා හරි ආදරෙයි එයාගේ රන් බඩුවලට මට ඒක කරන්න බැහැ පුළුවන් දවසක දෙකක් ඔයාට අරන් දෙන්නම් යැයි තරුණයා පැවසීය.
‘එහෙනම් ඉමිටේෂන් මාලයකුයි ඉමිටේෂන් අත් පලඳනාවකුයි අපි ගිහිල්ලා එද්දී කඩෙන් අරගෙන මේ මාලය හා අත් පලඳනාව තියාගෙන ඉමිටේෂන් දෙක අම්මාට ගිහින් දෙමු. අම්මාට දැන් මාල හා අත් පලඳනා මොකටද වැඩක් නැහැනෙ” යැයි තරුණිය සිනාමුසු මුහුණින් පැවසුවාය.
දෙදෙනා හිතවතියකගේ විවාහ ලියාපදිංචියට සහභාගී වී කෑගල්ල නගරයට පැමිණ ඉමිටේෂන් බඩු අලෙවි කරන වෙ‍ළෙඳසලකට ගොස් රන් මාලය හා අත් පලඳනාවට සමාන ඉමිටේෂන් අත් පලඳනාවක් ගෙන ආහ. 
ඇඟ සෝදා ගත් තරුණයා මවට දුරකතනයෙන් කතා කොට ‘‘අම්මේ අපි රෑ වෙලා එනවා අපි දෙන්නටත් එක්ක කෑම හදන්න”‍ යැයි පැවැසීය.
පසුව ලේලිය නැන්දම්මාගේ රන් මාලය හා අත් පලඳනාව නිවෙසේ අල්මාරියේ තබා ඉමිටේෂන් මාලය හා අත් පලඳනාව රැගෙන යතුරු පැදියෙන් මහ ගෙදර නිවෙසට ගොස් රෑට කෑම ද කා ඉමිටේෂන් මාලයයි ඉමිටේෂන් අත් පලඳනාවයි දී අම්මේ මෙන්න අම්මාගේ රන් බඩු ටික යැයි පවසා මවට දී යුවල ආපසු හැරී පැමිණියහ.
දින කිහිපයකට පසුව තරුණායාගේ මව රන් බඩු ටික පරීක්ෂා කර බැලු‍වේ නිකමට මෙනි. එහිදී රන් මාලය හා අත් පලඳනාව ඉමිටේෂන් බව ඇයට වැටහුණි. පසුව මව තරුණායාට දුරකතනයෙන් කතා කොට විමසුවාය. එහිදී තරුණයා මවට කියා ඇත්තේ මාලය හා අත් පලඳනාව මාරු නොකළ බවය. එදා සිට මව සිය දරුවා සමග ගනු දෙනුවක් නොමැති බව වාර්තා වෙයි. 

 



අදහස් (0)

අලුත් ලේලියගේ කීමට පුතා අම්මාටත් කොලේ වහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site