IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලුත් කොන්දොස්තරට ‘පෙට්ටිය’ හරස්වී අවුලක්

බසයක සේවයට පැමිණි මුල් දිනයේම ලැබුණු උපදෙස් අකුරටම පිළිපදින්නට ගිය කොන්දොස්තරට මුහුණදෙන්නට සිදුවූ අපූරු සිදුවීමක් පිළිබඳව ගාල්ලට නුදුරු ප්‍රදේශයක ඩිපෝවකින් වාර්තා වෙයි.


ඔහු නමින් සිරිමල් වූ අතර, නමටම ගැළපෙන හිරිමල් වියේ පසුවන හැඩකාර තරුණයෙකි.


මුලින්ම වැඩ භාරගත් සිරිමල්ට තමන් සේවය කරන බසයේම තවත් සේවක මහතකු සමග මාර්ග පුහුණුවට යෙදවූ නිලධාරියා සතියක්වත් පුහුණු වෙන්නැයි කියා සිටියේය.


දිනපතාම බස් රථයේ පිටුපස අසුනේ ඉඳගෙන සියල්ල සිතේ ධාරණය කරගන්නට මෙම තරුණ සේවකයාට සිදුවිය.


මෙසේ යන අතරතුරදී කොන්දොස්තර විසින් පිළිපැදිය යුතු බොහෝ දේ ඉගෙනගන්නට සිරිමල් අදිටන් කරගත්තේ තමන්ට මෙම සේවාව කරද්දී මුහුණ දෙන සිදුවීම් ඉගෙනීමටය.


සතියක පුහුණුව අවසානයේ සේවයට වාර්තා කළ සිරිමල්ට කතා කළ නිලධාරියා අදාළ ටිකට් පොත හා කාබන් කොළ ලබාදී දැන් දන්නවනෙ තනියම වැඩ කරන්න. “ඔව් සර් දන්නවා”යි ඔහු කීය.


ටිකට් පොතට වැඳ අතට ගත් සිරිමල් බස් නැවතුමට සේන්දු වූ බස් රථයෙන් බැස රියැදුරු මහතාගේ පසුපසින් ගමන් කර ඔහුට සහාය වන්නැයි මාර්ග පුහුණුවේදී ලැබූ අත්දැකීම් මත වැඩ කරන්නට සිරිමල් සිතා ගත්තේය. 


එදින නගරයක සතිපොළ පැවැත්වෙන දිනයකි. 


රියැදුරු මහතා සිරිමල් අමතා “මම වෙලාවට එන්නම්. ඔයා ගිහිල්ල ටිකට් ටික කඩාගන්න. අද පොළ පැවැත්වෙන දවස. පොළට ගෙනියන ගෝනි පෙට්ටි ඒව හොයල බලල ලගේජ් කඩන්න.


හා කියා සෙනඟ මැදින් බස් රථයට ගොඩවූ සිරිමල්ට එහා මෙහා හැරෙන්නවත් බැරි තරමට බඩු මලු පෙට්ටි ගෝනි බස් රථයේ තැනින් තැන තිබිණි.


එදා ලැබූ මාර්ග පුහුණුවේදී ටිකට් එක ගන්නා මගියා අමතා බඩු පෙට්ටිත් තියෙනව දැයි මගීන්ගෙන් ප්‍රශ්න කළේය.


පිළිවෙළින් පෙට්ටි ගෝනි සඳහා ඒ ඒ ප්‍රමාණයට මුදල් අය කර ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එත්දී බස් රථයේ සිටි තරුණයෙක් මල්ලි “අතන අර පෙට්ටිය පටවපු කෙනා බැහැල ගියා ඒක ටිකක් බර පෙට්ටියක්” යැයි කියත්ම සිරිමල් කොන්දොස්තර ඉහත දී පෙට්ටිය ළඟට ගොස් “කාගෙද මේ පෙට්ටිය මම තවම අලුත්. අදමයි පොතක් අතට ගත්තෙ. කරුණාකරල මේ පෙට්ටිය අයිතිකරු ටිකට් එකක් අරගන්න” සිරිමල් පුහුණුව ලැබූ බසයේ මෙවන් පෙට්ටියක් තිබුණු බව දැක්කා නම් අර තරුණයාට සිරිමල් අන්දන්න නොලැබෙනු ඇත.


බසයේ රියැදුරු අසුනට වම්පසින් වූ මේ පෙට්ටිය බදාගෙන කෑගහන මේ හඬට ඒ වනකොට බසයේ රියැදුරු මහතා රියැදුරු අසුනේ වාඩිවෙන ගමන් “ගොනෝ කෑගහන්න එපා ඕක බස් එකේ බැටරි පෙට්ටිය” යැයි කීවේ මගීන්ට නොඇසෙන හඬිනි.


බසයේ සිටි ඉහත කී මගියා “මේ තරුණ කොන්දොස්තරගේ හැසිරීම ගැන දැන මෙම දිරච්ච ලණුව දුන්නා” යැයි මේ සිද්ධිය සියැසින් දුටු තවත් මගියෙකුට කීවේ කට කොනකින් සිනහ වෙමිනි.
(පිටිගල ඩී.ජේ. විජේසිංහ)



අදහස් (0)

අලුත් කොන්දොස්තරට ‘පෙට්ටිය’ හරස්වී අවුලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site