IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අයියා මුහුණු පොතට රිංගලා මන්ත්‍රී මල්ලි නන්නත්තාර කරලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ලෙඩ ඇඳේ ඉන්න මව වසරකටත් ආසන්න කාලයක් තිස්සේ බලන්න නොගිය මහජන නියෝජිතයකු තමා දරු පවුල සමග ගිය වන්දනා ගමනක ඡායාරූප මුහුණු පොතට එක් කර තිබියදී ඒ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරකු මුහුණු පොතට දැමූ දැන්වීමකින් මහජන නියෝජිතයාට මහ පාරේ යන්න බැරිවුණු අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ හිටපු පළත් සභා මන්ත්‍රීවරයෙකි. දරු පවුල්කාරයෙක් ද වන්නේය. මාසයකට වරක් වත් අඹුදරුවන් සමග වන්දනා මාන කිරීමට රටේම සිද්ධස්ථාන කරා ගමන් ගියේය. ඒ යන සෑම විටකම සිය අඹුවගේ මවද එක්කර ගෙන ගියේය.
ඔහු මෙලොවට බිහිකළ මෑණියන් ලෙඩ ඇඳට වැටුණේ දැනට වසරකට පමණ උඩදීය. ඒ ඔහුගේ සොහොයුරකු ළගය. එදා මෙදා තුර කාලයේදී ඔහු වැදූ මව බැලීමට නොගියේය. මවගේ පණවූයේ ඔහුය. මව ඔහුගේ නම කිය කියා ලෙඩ ඇදේ සිට දවසකට දෙතුන් සැරයක්වත් කෑමොර දුන්නේ ඒ නිසාම විය.


ඔහු සිය අඹුදරුවන් සමග වන්දනා ගමන් යන්නේ මේ අතරවාරයේදීය. එසේ වන්දනා ගමන් යන ඔහු එහි ඡායාරූප මුහුණු පොතට එක් කිරීමට ද අමතක ද නොකළේය. මේ ළගදී ගිය වන්දනා ගමනක ඡායාරූප මුහුණු පොතට එක්කළේ මේ ඊයේ පෙරේදාය.
ඒ සමගම ලෙඩ ඇඳේ සිටින අම්මා බලාගන්නා සොහොයුරා ඊට අපූරු දැන්වීමක් දැම්මේය. ඒ “ඔය යන වන්දනා ගමන් අතරතුර අම්මා බලන්නත් වන්දනා ගමනක් දාගත්තොත් ලැබෙන පින අනන්තයි...දැනට වසරකට ආසන්න කාලයක් වනවා නුඹ අම්මා බලන්න නෑවිත්”යැයි කියමිනි.
 ඒ දැන්වීමත් සමග දැන් ඔහුට පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලාලු‍.

 



අදහස් (0)

අයියා මුහුණු පොතට රිංගලා මන්ත්‍රී මල්ලි නන්නත්තාර කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site