IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අම්මා අරාබියෙන් ගෙනා ක්‍රීම් ගෑ දූලාට තරු පෙනිලා

(වියලු‍ව වාර්තාකරු)
කොරෝනා උවදුර හේතුවෙන් හදිසියේම රට රැකියාවට සමුදී පැමිණෙද්ත්දී ගෙන ආ චර්මා ලේප ආලේප කළ ඇයගේ දියණියන් තිදෙනකුට එම ආලේපනය විස වී රෝහල් ගත වීමට සිදුවීමේ පුවතකි. සිද්ධිය මෙසේය. 


ඇය මැද මැදපෙරදිග රටක ගෘහ සේවයේ නිරත වූ කාන්තාවකි.


  කොරෝනා වසංගතයත් සමඟ කෙටි කලකදී රැකියාවට සමුදුන් ඇය  පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේ නියමිත කාලය අවසන් වීමටත් මත්තෙනි.


 සේවය කළ නිවැසියන්ගේ හිත් දිනාගෙන සිටි ඇයට එරටින් පිටව යද්දී ගෙහිමි කාන්තාව තෑගි බෝග රැසක් ලබා දෙන්නට අමතක නොකළාය. 


පුයර වර්ග මෙන්ම චර්ම ආලේපන, ආලේපන හා සුදු කෙස් වර්ණ ගන්වන ඩයි වර්ග කීපයක් ද ඒ අතර විය. සිය මව රැගෙන ආ චර්ම ආලේපන  සිරුරේ ගල්වාගන්නට තරුණ වියේ පසු වූ ඇයගේ දියණියන් තිදෙනාට තිබුණේ දැඩි හදිසියකි.


  ඔවුන් හිතූ හිතූ පරිදි ඒවා ආලේප කළේ එහි තිබූ විස්තර පවා හරි හැටි සොයා නොබලමිනි


  වෙනත් ලිහිසි ද්‍රව්‍යයක් කවලම් කර ආලේප කළ යුතු චර්ම ආලේපයක් ඔවුන් එක්වරම සිය සිරුරේ ගල්වාගෙන ඇත්තේ තිබූ කලබලය මෙන්ම එකිනෙකා අතර තිබූ තරගය නිසාය.  


  මොහොතක් ගතවෙද්දී ඔවුන් තිදෙනාගේම සම රත්පැහැවී බුබුලු‍ නගින්නට පටන්ගෙන ඇත්තේ ඔවුන්ට තරු පෙන්වමිනි.


  අවසානයේ ඔවුන්ට රෝහලට ඇතුළුවී එන්නත් විද ගනිමින් ප්‍රතිකාර ලබන්නට සිදුවූයේ කළ මෝඩකම් ගැන ද සිහිපත් කරමිනි.



අදහස් (0)

අම්මා අරාබියෙන් ගෙනා ක්‍රීම් ගෑ දූලාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site