IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අම්මයි දුවයි දෙන්නම පෙම් හබයක හිරවෙලා

මේ සිද්ධිය දැනගන්නට ලැබුණේ ඇතුගල්පුරවරයේ කුඩා ගම්මානයකින්. මේසන් වැඩ කරන ඔහු බිරිඳ සහ තම එකම දියණිය සමග සතුටින් පවුල් දිවිය ගත කළත් නොසිතූ ලෙස ඔහු මියගියේ හදිසි අනතුරකිනි. මේ නිසා මව සහ දියණියට ඇතිවුණේ බලවත් දුකක් මෙන්ම පාඩුවකි. ආර්ථික අතින්ද බිංදුවට වැටුණ නිසා මව  ගෙදරක මෙහෙකාරකමට ගිය අතර දියණිය නගරයේ ඇඟලුම්හලක සේවයට ගියාය. මවගේ වයස අවුරුදු හතළිහක් පමණය. දියණියට දහ අටක් පමණය.


මව වැඩ කරන නිවසට යන එන  කිරිගෙන එන ළාබාල තරුණයා සමග සම්බන්ධකමක් ඇති කරගත් ඇය සැමියා නැති නිසා ඔහු සමග විවාහවීමට අදහස් කළේ පවුලේ අනාගතය ගැන සිතමිනි. වයස ගැන සිතුවේ නැත. (තරුණයා දියණිය ගේ වයසේ) මෝරා වැඩෙන ප්‍රේම සම්බන්ධයට මේ ගෙදර අයගේ සහයද ලැබුණා. දිනක් ඔහුගේ ඡායාරූපයක්ද ලබාගත් ඇය පරෙස්සමට අල්මාරියේ තබා ගත්තාය.
දියණිය වැඩ ඇරී නිවසට එන අතර බොහෝ විට මේ තරුණයා හමුවෙයි. ඔහුද යතුරුපැදිය නවතා මද වේලාවක් කතා කරයි. මේකත් දුරදිග ගිය සම්බන්ධයක් වුණා. තමාට වඩා  වයසින් වැඩි ගැහැනියක් හා සම්බන්ද  බව ඔහු සිතුවේ නෑ. විනෝදයට බර මේ තරුණයා රූමත් දියණිය සමගද හාද වුණේ  මව සහ දුව යනු නොදැනයි. දියණියද මවගේ සම්බන්ධය දන්නේ නෑ.


දිනක් මේ දියණිය ගවුමක් සොයන්නට අල්මාරිය අරින විට මුල්ලක තිබෙනු දුටුවේ කුඩා ඡායාරූපයක්. එය අතට ගත් ඇය අන්දුන් කුන්දුන් වුණා. මගේ බෝයි ප්‍රෙන්ඩ්ගෙ පොටෝ එක මෙතෙන්ට ආවේ කොහොමද? උබතෝකෝටික ප්‍රශ්නයක් දැන්. ඡායාරූපය අතට ගත් ඇය දිවගියේ මව සිටින කුස්සියටයි. කාගෙද අම්මේ මේ පොටෝ එක. අල්මාරියෙ තිබිල මට අහුවුණේ.


මව කලබල වුණේ නෑ. උඹට බොරු කියන්න ඕන නෑ දුවේ ඔය ඉන්නෙ මම යන ගෙදරට එන කිරිගේන කොලුව. ඌ හොඳ ගුණයහපත්. තාත්තා නැති එකේ මම හිතා ගත්ත එකලාසයක් වෙන්න. වයස ගැන බැලුවෙත් නෑ මම. ඉතින් උඹ මොකද කියන්නේ?
මට කලන්තේ වගේ අම්මේ. මේව අහල දැකල. මමත් මේ කොල්ල එක්ක යාළුයිනෙ. මටත් පොටෝ එකක් දුන්න. අපි දෙන්න බැඳල  රට යන්නයි හිතා හිටියෙ. 


අම්මට තරු පෙනුනෙ දැන් තමයි. ලැජ්ජාවෙන් සලිත වූ ඇය ‘‘ඒකත් එහෙමද දුවේ?’’මේ ගැන කටක් හොල්ලන එපා ඔන්න. මේක වෙච්ච නැති හැටියට ඉන්න ඕන තේරුණාද? අපි මේක අමතක කරල හිටපු විදියට ඉම්මු.


මව ඊට පස්සේ ගෙදර වැඩට ගියේ නෑ. දියණිය මහ මගදී තරුණයා සමග විස්තර කීවට පස්සේ සිද්ධිය ගම පුරාම ප්‍රසිද්ධ වුණා? අම්මටයි දුවටයි කාලයක් යනතුරු හැංගිලයි ඉන්න වුණේ.
(කරුණාදාස සපුතන්ත්‍රී,  නිකදළුපොත) 



අදහස් (0)

අම්මයි දුවයි දෙන්නම පෙම් හබයක හිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 49 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site