IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අමුතුම බූරු ගැහිල්ලක්

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
සූදු කෙළිය (බූරු ගැසීම) සඳහා ගෙමැස්සන්ගේ උපකාරය ලබාගැනීම පිළිබඳව රසවත් පුවතකි මේ.


එය වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයකිනි.


ඔහු ගමේ සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයායි. සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය පැවති සතියේ එක් දිනයක දහවල් ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබුණේ ගම්මානයේම සමීප මිතුරකුගෙනි. මිතුරා දන්වා සිටියේ ගමේ එක්තරා නිවසක ජයටම බූරු ගැසීම සිදුවෙමින් පවතින බවත් ඒ ගැන සොයා බලා පොලීසියට දන්වන ලෙසත්ය.


ගමේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයකු ද වන මිතුරාගෙන් පණිවුඩය ලද සැනින්ම මහා ක්‍රියාත්මක වූ ඔහු සූදු කෙළිය කෙරෙන නිවස වෙත පියමැන්නේ පා ගමනින්මය. හොර රහසේ කාටත් නොපෙනෙන සේ එම නිවසේ පිටුපස පැත්තෙන් පැමිණි ඔහුට දැක ගන්නට ලැබුණේ නිවසේ සාලයේ පුටුවල හය හත් දෙනෙක් වාඩිවී දැඩි අවධානයකින් බිම බලා සිටින අයුරුය. එහි බූරු ගැසීමට පාවිච්චි කරන කාඞ් කුට්ටමක් දක්නට නොවීය.

මඳ වේලාවක් එහි රැඳීසිටි ඔහු එම නිවසේ පිටුපස පැත්තෙන්ම ආපසු සිය නිවස බලා යෑමට පිටත් වූයේ හොර රහසේම කිසිදු සද්දයක් නොකරමය. 


ආපසු නිවස බලා යන අතරේ ඔහුට මුණ ගැසුණේ ඔහුගේ ඥාති සහෝදරියකගේ තරුණ පුතෙකි. ‘ආ මාමා කොහෙද පයින්ම ගියේ. මොකද මෝටර් සයිකලේ නැත්ද?’ තරුණයා විමසීය.


‘ළමයෝ අර අතන පේන ගෙදර පිරිසක් සූදු කෙළිනවා කියන මට ආරංචියක් ආවා. මම ඒක බලන්න ගියේ. එතන පිරිසක් ඉන්නවා. ඒත් සූදු කෙළින බවක් පේන්න නෑ. බූරු ගහන කාඞ් කුට්ටමක්වත් නෑ’ ඔහු පැවසීය.


‘මාමේ එතන මේ දවස් කීපයේම බූරු ගහනවා ජයටම. බූරු ගහන අලුත්ම ක්‍රමය මාමා දන්නේ නෑ. බූරු ගහන අය තමන්ගේ මුදල් නෝට්ටුව බිමට දානවා. පිරිස 10ක් හිටියොත් නෝට්ටු දහයක් බිමට වැටෙනවා. මුලින්ම මැස්සෙක් වහන නෝට්ටුව අයිති කෙනාට අනිත් සල්ලි කොළ සේරම ලැබෙනවා. ඒ විදියට තමා බූරු ගැසීම කෙරෙන්නේ. දැන් සූදු කෙළියට උදව් කරන්නේ ගෙමැස්සෝ.’ තරුණයා පැවසුයේ සිනාමුසු මුහුණෙනි.

 



අදහස් (3)

අමුතුම බූරු ගැහිල්ලක්

sam Tuesday, 30 April 2019 07:16 AM

මේක අලුත් දෙයක් නොවෙයිනේ. මට පොතේ නම හෝ කතෘ මතක නැති උනාට ( මාර්ටින් වික්‍රමසිංහ ශුරීන්ගේ මඩොල් දූවද කියලා හිතෙනවා ) 60-70 දශකවල මම කියපු පොතක මේ විදියට සූදු කෙලින එක ගැන කියෙව්වා. සතයේ කාසියක් බිම දමා මුලින්ම මැස්සෙක් වහන කාසියේ අයිතිකරු දිනන බවට සලකන මේ කතාවේ එක පුද්ගලයෙක් නිතරම දිනුම හිමිකර ගන්නේ ඔහුගේ සතයේ කාසිය කරවල ගොඩක ගසා තිබීම නිසා එහි කරවල ගඳට මැස්සන් වැසීම නිසා බව ඒ කතාවේ කියවුනා.

:       0       79

Dileepa DilshanTuesday, 30 April 2019 05:05 PM

පොත මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මඩොල් දූව, නිතරම දිනපු කෙනා පියසේන... පරිච්ඡේදයේ නම සූදු කෙලිය වගේ තමයි මතක..

:       1       18

PerakumThursday, 02 May 2019 09:18 AM

ක්‍රීඩාවේ නම "මැස්සන් ගැසීම"

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site