IMG-LOGO

අනියම් පෙමක පැටලී සේසතම නැති කරගෙන

බැංකු කාඩ් පතේ රහස් අංකය අනියම් සැමියාට දී රටින් ලැබුණු රට මුදල් රාක්ෂයකුට පූජා කළ කතක පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
කත මෙරටය. සැමියා පිටරටය. එවනුයේ ඩොලර්ය. ඒ ඇගේ බැංකු ගිණුමටය. එවන ඩොලර් ප්‍රමාණය අනුව පරිවර්තන වන රුපියල් ගණන ද ඉතා අධිකය. බැංකුවේ පෝලිමේ නොසිට ද ඇයට තමා එවන මුදල් ගැනීමට කාඩ් පතක් සාදා දුන්නේ ද සැමියා රට යාමට කලින්ය.
සැමියා එවන රට මුදල් ගැනීමට ඇය වරින් වර බැංකුවට ගියාය. ඒ ත්‍රිරෝද රථයකිනි. ත්‍රිරෝද රථ රියදුරා කොලු‍ ගැටයෙකි. ඇහැට කනට පේන පොත්ත රතු හාදයෙකි. ඇයට මේ හාදයා පිළිබඳව සිතක් පහළ විය. ගැටයා ඊට එක පයින්මය. ඒ හේතු දෙකක් නිසාය. එකක් නොමිලයේ ලබා ගත හැකිවීමය. අනෙක අතට මිටට රට සල්ලි ටිකක් ලබා ගැනීමට හැකිවීමය.


දෙන්නා දැන් ඉදිකට්ටයි නූලයි මෙන්ය. දැන් සැමියා එවන රට සල්ලි ගැනීමට ඇය බැංකුවට නොගියාය. කාඩ් පතේ රහස් අංකය දී බැංකුවට යැවූවේ ත්‍රිරෝද රථ රියදුරු ගැටයාය. ඒ අනුව සියතටම මුදල් ටික ලැබුණි. ත්‍රිරෝද රථ රියදුරු ගැටයාට ඒ සඳහා ගෙව්වේ නියම ගාස්තුවට වඩා හතර පස් ගුණයකින් වැඩි මුදලකි. 
සැමියා තමා එවූ මුදලින් සිය පියාගේ හෘද සැත්කමට මුදල් බැංකුවෙන් අරන් දීමට ඇයට උපදෙස් දුන්නේය. සැමියාගේ ඒ උපදෙස් පිළිපැද්ද ඇය සිය අවශ්‍යතාවය රහසේ ආශ්‍රය කළ ත්‍රිරෝද රථ ගැටයාට දුරකතනයෙන් දැනුම් දුන්නාය. ඔහු එය දිගින් දිගටම මග හැරියේය. අවසානයේ දී බැරිම තැන ඇය වෙනත් ත්‍රිරෝද රථයකින් බැංකුවට ගියාය. තමාට අවශ්‍ය මුදල සඳහන් පෝර්මය පුරවා බැංකු පොතත් සමගම බැංකුවේ කවුළුවට දුන්නාය. රුපියල් ලක්ෂ දහයක් ගන්න තියා රුපියල් දසදහසක්වත් ගන්න මුදල් එහි නැති බව බැංකුවේ නිලධාරියා කී විට බැංකු කාඩ් එකේ රහස් අංකය දුන්නු රහස් සැමියාව ඇයට ඉබේටම සිහි වූයේ දෙවියන් බුදුන් ද සමග ලු‍.

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

අනියම් පෙමක පැටලී සේසතම නැති කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 135 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site