IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනියම් බිරියගෙන් වෙන්ව යද්දී කරවල ග්‍රෑම් 250ක් ඉල්ලලා

(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)

වසර ගණනාවක් එක වහලක් යට ජීවත් වූ 66 හැවිරිදි පුද්ගලයකු සිය බිරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඇයගෙන් වෙන්ව යාමට නම් ඇයට ගෙනැවිත් දුන් කරවල ග්‍රෑම් 250ද ඉල්ලීමේ සිද්ධියක් කටුගස්තොට පොලිසියෙන් වාර්තාවිය.

දැනගන්නට ඇතිපරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.

දැනට 53 වන වියේ පසුවන මෙම කාන්තාවගේ සැමියා වසර කිහිපයකට පෙර මියගොස් ඇති අතර ඉන්පසුව ඇය වෙනත් පුද්ගලයකු සමග අනියම් ඇසුරක් පවත්වා තිබේ. ඒ අතරතුර මෙම පුද්ගලයා වෙනත් කාන්තාවන් ඇසුරු කරන බවට ඇයට සැකයක් මතුවීම නිසා කාන්තාව ඔහුගෙන් වෙන්වී නිවසක් කුලියට ගෙන පැමිණ තිබේ.

මෙම නිවසටද ඇය සොයා පැමිණ ඇති ඔහු ඇය සමග තවදුරටත් ජීවත් වීමට අවශ්‍ය බව පවසා තිබේ. එයට අකැමැති වූ කාන්තාව මේ සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දමා ඇත.

ඒ අනුව පොලිසිය මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී නැවත ඔහු සමග ජීවත් වීමට ඇය කොහෙත්ම එකඟ නොවීම නිසා ඇයගෙන් වෙන්වීමට නම් ඇයට ලබාදුන් භාණ්ඩ සියල්ල ඔහු නැවත ඉල්ලා තිබේ.

එම භාණ්ඩ අතර කැඩුණු ඇඳක්, ස්ටූලයක්, කේතලයක් වූ අතර එයට අමතරව ඔහු ඇයට ගෙනැවිත් දී තිබූ කරවල ග්‍රෑම් 250ද ඉල්ලා තිබේ. ඒ අනුව පොලීසිය මැදිහත් වී එම භාණ්ඩ සමග කරවල කෑල්ලද ඔහුට ලබාදී ඇති අතර එම කරවල කෑල්ලද බදාගෙන ඔහු හැර යාමට නොහැකි බව පවසමින් පොලීසිය තුළ හඬා වැටී තිබේ.

කටුගස්තොට පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ උපදෙස් මත සැරයන් වජිර (30508), විජේවීර (29172) යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළහ.



අදහස් (4)

අනියම් බිරියගෙන් වෙන්ව යද්දී කරවල ග්‍රෑම් 250ක් ඉල්ලලා

abaran Monday, 08 January 2018 10:59 AM

කරවල ගඳට වහ වැටුණාම ඔහොම තමයි...

:       4       159

සෙව්වන්දි Tuesday, 09 January 2018 12:02 AM

රජ වැඩකාරයෝ සිටින තැනට වැඩ බැරිනම් වැඩක් නැහැ

:       0       48

bamunuarachchi Wednesday, 10 January 2018 01:10 AM

බිරිද මතක්වෙන්න වෙන්න ඇති.

:       0       8

gunawardena Monday, 29 January 2018 11:05 AM

කරවල, මොන කරවලද කියලා සඳහන් කරන්නට තිබුණා නම් බොම්බෙලි කරවල නම් මොනවා කියන්නද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site