(හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
බිරිය රාජකාරියට ඇරලවා අනියම් බිරිය බැලීමට ගොස් වල් ඌරකුගේ ප්‍රහාරයට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ගන්නට සිදුවූ නිලධාරියකු පිළිබදව කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය රෝහලකින් වාර්තා වේ.

බිරිය සිය සේවා ස්ථානය අසලින් බස්සවා සේවයට යන සැමියකු සිටි අතර දෙදෙනාගේ සේවා ස්ථාන දෙක අතර කිලෝමීටර් දහයක් පමණ දුරක් තිබෙන අතර ඉන් සැමියා සේවය කරන්නේ අතිදුෂ්කර ප්‍රදේශයක බව ද පැවැසේ. සුපුරුදු පරිදි එදින ද බිරිය කාර්යාලය අසලින් බස්සවා සැමියා සේවයට ගොස් පසුව යතුරුපැදියේ නැගී අනියම් බිරිය වාසය කරන නිවසට ගොස් ඇත. නිවසේ කිසිවකුත් නොමැති නිසා ඇයට දුරකතන ඇමතුමක් ගෙන ඇය සිටිනා තැන විමසා නිවසට නුදුරින් පිහිටි ඇය වැඩ කරමින් සිටි වගාබිමට ගොස් ඇතැයි පැවැසේ.
වගාබිමෙහි ඇති ගසක් යට දෙදෙනා කතා කරමින් සිටියදී අසල්වැසි කාන්තාවක හේන දෙසට පැමිණෙන ආකාරය දැක දෙදෙනාම කලබලයට පත්ව තිබේ. පෙම්වතා අසල ඇති වන ලැහැබට පැන එහි සැඟව හේන දෙස බලා සිට ඇති අතර ඒ අවස්ථාවේ තඩි වල් ඌරකු එක්වරම ඇඟට පැන පහර දී ඇතැයි පැවැසේ. කටුගාලක පැටළුණ ඔහු කරකියාගත දෙයක් නොමැතිව කෑගසා ඇති අතර හේනේ සිටි කාන්තාවන් දෙදෙනා පැමිණෙන විට ඌරා කැලයට පැනගොස් තිබේ.
ඌරාගේ ප්‍රහාරයෙන් දෑත්වලට තුවාල සිදුව ලේ වැගිරෙමින් සිටි පුද්ගලයා වන ලැහැබෙන් එළියට ගෙන අසල්වැසියකුගේ යතුරුපැදියකින් රෝහලට රැගෙන ගොස් ඇති අතර ඔහු දින දෙකක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බව පැවැසේ. යතුරුපැදියෙන් ඇදවැටීමෙන් තුවාල සිදුව ඇති බව පවසා රෝහලෙන් ප්‍රතිකාර ලබාගත්ත ද සිද්ධිය ප්‍රදේශය පුරා පැතිර යාම නිසා කාන්තාව සති කිහිපයක් තම නිවසට ගොස් සිට ඇති බවත් නිලධාරී මහතා සිය ප්‍රධානියා මාර්ගයෙන් වෙනත් කොට්ඨා සයකට මාරුවීමක් ලබාගෙන ගොස් ඇති බවත් පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1881
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1511
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනියම් පෙම් රස බලන්න ගිහින් වල් ඌරෙක් ගහලා