IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අනුන්ගේ බැංකු රිසිට් පතක් අරන් බැලන්ස් එක අඩුයි කියලා

ගැණුම්කරුවෙක් තම බැංකු කාඞ්පත යොදා ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් දහසක් ලබා ගත්විට ලදුපත ද ලැබිණි. නිවෙසට පැමිණ ලදුපත පරීක්ෂා කිරීමේදී ශේෂය රුපියල් 11203 ශත 27 ක් බව සඳහන් විය. 


ඔහු බියට පත්විය. ගිණුමේ ශේෂය රුපියල් පනස් දහසක් පමණ තිබිය යුතු බව ඔහුට විශ්වාසය. විදේශිකයන් තිදෙනකු හොර කාඞ්පත් යොදා ලක්ෂ ගණනින් සොරාගත් අයුරු ඔහුට සිහිවිය. වහාම අදාළ බැංකුව වෙත පිවිසි හෙතෙම, නිලධාරියෙකුට තම හැඳුනුම්පත ඉදිරිපත් කර කාරණය පැවසීය. පරිගණකයෙන් දත්ත ලබාගත් නිලධාරියා, සර්ගේ බැලන්ස් එක රුපියල් 50741 ශත පනස් තුනයි යනුවෙන් පැවසීය. ඒටීඑම් යන්ත්‍රයෙන් ලැබුණු ලදුපත පෙන්වූ ගැණුම්කරු, මේකේ තියෙන්නේ බැලන්ස් එක 11203 ශත 27 ක් කියලනේ යැයි කීවිට ලදුපත පරීක්ෂා කළ බැංකු නිලධාරියා මේ රිසිට් එක සර්ගෙ නෙමෙයි යැයි පවසා එහි ගිණුම් අංකය පරිගණකයට ඇතුළුකර මේක සර්ට කලින් ඒටීඑම් එකෙන් සල්ලි ගත්ත කස්ටර්මගේ. සර් සල්ලි ගන්න විනාඩි පහකට කලින් තමා එයා සල්ලි අරන් තියෙන්නේ. රිසිට් එක එයා අරගෙන නැහැ. සර්ගේ රිසිට් එක එළියට එද්දී උඩින් තිබුණේ එයාගේ රිසිට් එක. ඒක තමයි සර් ගෙනත් තියෙන්නේ. නිලධාරියා කරුණු පැහැදිලි කළේය. දැන් තමයි ඇඟට පනක් ආවේ.  ගැණුම්කරු පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය

 



අදහස් (0)

අනුන්ගේ බැංකු රිසිට් පතක් අරන් බැලන්ස් එක අඩුයි කියලා

පිටබැද්දර ජයා Wednesday, 11 May 2016 12:13 PM

ඇත්ත නේන්නම් , අද කාලේ වෙන දේවල් ඇහුවම කතාව හරියට කියවන්න කලින් මටත් හීන් දාඩිය දැම්ම , කවුරු වුනත් දහදිය මහන්සියෙන් උපයා ගන්න දේ හොරා කන්නේ බලන් ඉන්නේ (බ)

:       0       0

අජිත් Wednesday, 11 May 2016 12:51 PM

අන්න ඒක නම් දෙයියෝ සාක්කිම තමයි. (ර)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 May 2016 02:36 AM

ප්‍රායෝගික අවබෝධයක් ඇති සියලු දෙනාම යන්ත්‍රයෙන් මුදල් ගැනීමේදී එහි දත්ත නිවැරදිදැයි පරීක්ෂා කර බලා පමණක් තමන්ට අදාළ ලදුපත ලබාගත යුතු වේ. අහෝ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ සිහිකල්පනාවක තරම! (නි)

:       0       0

සංජීව -හොරණ Friday, 13 May 2016 03:10 AM

මටත් ඔය වැඩේම වුණා මේ ළඟදි. ගොඩක් කලබල වුණා. පස්සෙ බිරිඳ තමයි පෙන්නුවෙ වෙන කෙනෙක්ගෙ එකක් කියලා. එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. මෑතකදී සවිකළ ඇතැම් ඒටීඑම් යන්ත්‍රවල ඔය ප්‍රශ්නෙ තියෙනවා. කලින් මුදල් ගත් කෙනාගෙ රිසිට් එක තමයි අපිට එන්නෙ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site