IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අනාගත මස්සිනාට වැඩක්දෙන පැලෑන වැරදී අතේ මාට්ටු

පෙමට හරස් වූවා යැයි පවසා සිය මවගේ රන් මාලය රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසකට උකස් තබා රුපියල් විසිපන්දහස බැගින් මිතුරන් හත් දෙනෙකුට බෙදා දී පෙම්වතියගේ වැඩිමල් සහොදරයාට පහරදීමට සැලසුම් කළ තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 25 හැවිරිදි තරුණයෙක් සිටියේය. මෙම තරුණාගේ පියා විදේශ රටක රැකියාවක් කරයි. තරුණයා මව හා බාල සහෝදරියන් දෙදෙනා සමග නිවසේ පදිංචිව සිටින මෙම තරුණයා රැකියාවක් නොකර ගමේ මිතුරන් ඇසුරු කරමින් සිටින්නේය. 


මෙම තරුණයා ගංජා උරන්නට ඇබ්බැහි වූවෙකි. නිවසට උදව්වක් උපකාරයක් නොකරන ඔහු සිය පියා විසින් මවට එවන ලද මුදල් සොරකම් කරගෙන ගොස් ගමේ මිතුරන් සමග ගංජා උරන බව ද වාර්තා වෙයි. මව කිහිප අවස්ථාවකදීම මත්ද්‍රව්‍ය පානය කරන පුතා බේරා ගැනීමට උත්සහ කළ ද එය ද නිශ්ඵල විය.


ඔහු කලක සිට අල්ලපු ගමේ ඇඟළුම් ආයතනයක සේවය කරන  තරුණියක් සමග සම්බන්ධතාවක් ගොඩ නගාගෙන සිටියේය. මේ සම්බන්ධතාව වැඩි කලක් යන්නට පෙර තරුණියගේ මහනුවර රැකියාවක් කරන වැඩිමල් සහෝදරයා දැන ගත්තේය.”‍නංගි උඹ අර කොල්ලත් සමග පවත්වන සම්බන්ධතාවය නතර කරපන්, උඹට ඒකා ගැළපෙන්නේ නෑ. මොකද ඒකා ගංජා ගහනවා. උඹ ඕක නතර නොකළොත් මම බලා ගන්නම්”‍  වැඩිමල් සහෝදරයා අවස්ථා කිහිපයකදීම සම්බන්ධතාව නතර කරන ලෙස තරුණියට දැන් වුවද ඇය ද ගණන් ගන්නේ නැතිව දිගටම සම්බන්ධතාව පවත්වාගෙන ගියාය. සිය සහෝදරයා සම්බන්ධතාවට අකමැති බව දන්වමින් දිනක් ”‍ඔයා ටිකක් පරෙස්සමින් ඉන්න”‍ තරුණිය තරුණයාට කෑගල්ල නගරයේ දී හමු වූ අවස්ථාවක දී මේ බව පැවසුවාය.


පසුව තරුණයා පෙම්වතියගේ වැඩිමල් සහෝදරයාට හිතවත් පිරිසක් යොදවා ඔහුට පහරදීමට සැලසුම් කළේය. පහරදීමට නම් එක් පුද්ගලයකුට රුපියල් 25000 බැගින් හත් දෙනෙකුට අවශ්‍ය බව එක් තරුණයෙක් පැවසීය. 


අතේ සතේ නැතිව ඉන්න තමන් එක් පුද්ගලයෙකුට රුපියල් 25000 ගානේ දෙන්නේ කෙසේ ද? යන්න සිතු තරුණයා පියා විසින් මවට විදේශ රටකින් ගෙනත් දී තිබු පවුම් හතරක් බර රන් මාලය සොරකම් කරගෙන ගොස් කෑගල්ල නගරයේ උකස් මධ්‍යස්ථානයකට හිතවත් පුද්ගලයෙකු ලවා රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලකට උකස් කර හත් දෙනාට 25 000 බැගින් බෙදා දී පෙම්වතියගේ වැඩිමල් සහෝදරයාට මග රැක සිට පහර පිට පහර දෙන ලෙස දිනක් පැවසීය.  


පසුව නිවසේ අල්මාරියේ තිබු රන් මාලය දිනක් අතුරුදන්ව ඇති බව දැන ගත් මව ඒ පිළිබඳ තරුණයාගෙන් විමසීමක් ද කළාය. මුල් අවස්ථාවේ දී තරුණයා පැටලි පැටලි තමන් රන් මාලය නොගත් බව දන්වමින් මවට බොරු බේගල් කීවේය. නිවසට පිටස්තර පුද්ගලයකු නොපැමිණි බවත් අනිවාර්යයෙන්ම  පුතා ගන්න ඇති බවත් සැක සිතු මව තරුණයාගේ කටට උත්තර දී මීට දින කිහිපයකට ඉහත දී සියල්ල හෙළි කර ගත්තාය.


මව බැංකුවක තැන්පත් කර තිබු රන් මාලය මුදල් වලින් පොලිය ලෙස රුපියල් 12000 ක් සමග රුපියල් එක් ලක්ෂ අසු හත් දහසක් දී බේරාගෙන ඇති බව ද වාර්තා වෙයි. පහර දෙනවා යැයි පවසා රුපියල් 25 000 බැගින් ගත් තරුණයන් හත් දෙනා ද පෙම්වතියගේ වැඩිමල් සහොදරයාට පහර නොදී ඔවුන් ද ලබා ගත් මුදල් වලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව ද වාර්තා වේ.

 



අදහස් (1)

අනාගත මස්සිනාට වැඩක්දෙන පැලෑන වැරදී අතේ මාට්ටු

sampath Saturday, 31 October 2020 05:06 PM

මෙ වගේ මිනිස්සු එක්ක යන ගෑණුන්ටයි තලන්න ඔනේ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site