IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අතට ආ වාසනාවෙන් ඇඟ රත්කර ගන්න ගිහින් කන රත් කරගෙන

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
ඇහිලූ ජංගම දුරකතනය ලබාදී අඩියක් ගසා රත්වීමට සිහින මැවූ අයකුට සිය කන් අඩිය පමණක් රත් කරගන්නට සිදුවූ  අපූරු පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
නගරයේ වාණිජ බැංකුවක් අසල බිම වැටී තිබුණු වටිනා ජංගම දුරකතනයක් ඔහු අසුලා ගත්තේය. තමා වටිනා ජංගම දුරකතනයක් අහුලා ගත් බව ඔහු එසැණින්ම වා‍ගේ මිතුරකුට පෙන්වා කීවේය.
“මේක මාර වටින ජංගම දුරකතනයක්. අයිති එක්කෙනාට මේක නම් නිකන් දෙන්න හොඳ නැහැ. මේ ජංගම දුරකතනය දෙන්න නම් හවසට අඩියක් පුඩියක් ගහන්න ගානක් ඉල්ලගමු” යැයි මිතුරා ඔහුට කීවේය.
“හැබෑනේ ඒකනම් යස අදහස. මේ දවස්වල හවසට හවසට වහින හින්ද අද හවසට ඇඟ රත්කර ගන්න කීයක් හරි ඉල්ලගමු” යැයි කියමින් ඔහු ද ඒ අදහස අනුමත කළේය.


ගතවූවේ ටික වේලාවකි. අහුලාගත් ජංගම දුරකතනයට ඇමතුමක්ය. සම්බන්ධ වූයේ ඔහුය. ඇමතුම දුරකතනය හිමි ළඳගෙනි. ‘ඔය මගේ ජංගම දුරකතනය, මට ඒක දෙන්න පුළුවන්දැ’ යි ළඳ ඇසුවාය. “හපොයි දෙන්න පුළුවන්. මේක මම ඇහින්දේ බැංකුව ළඟ තිබිලා... ඉතින් අපට මොනවා හරි කරන්න ඕනෑ” ඔහු කීවේය. “ඔයාට කීයක් විතර ඕනැ ද..?” ඇය ඇසුවාය. බෝතලය සහ බයිට් එකට යන ගණන් සංසදනය කළ ඔහු ඒ සදහා රුපියල් තුන් දහසක මිලක් නියම කළේය.
“අයියෝ තුන්දහසට පන්දාහක් දෙන්නම්. කොතනද ඔයා ඉන්නේ...?” ඇය යාප්පුවෙන් ඔහුගෙන් ඇසුවාය. ඉන්න තැන ඇය අසා ගත්තාය. ඔහුත් මිතුරාත් දැන් ඉන්නේ ජංගම දුරකතනය අයිති කාන්තාවගෙන් ලැබෙන මුදලින් අඩියක් පුඩියක් ගසා හවසට ඇඟ රත් කර ගැනීමේ සිහින මව මවමිනි.
අපේක්ෂාවෙන් සිටියේ ළඳකි. එහෙත් ඔහු දුන් තොරතුරු ඔස්සේ එතැනට ආවේ අඩියක් ගසා සිටි හැඩි දැඩි තරුණයෙකි. “මගේ නෝනගේ ජංගම දුරකතනය තමයි ඔයා අහුලලා තියෙන්නේ... ඒක මට දෙන්න” තරුණයා ඉල්ලීය. “මල්ලී එහෙම නිකම්ම කරන්න බැහැනේ ....අපට ඉතින් තුන්දාහක්වත් දෙන්න. අපිත් ඉතින් කනබොන මිනිස්සුනේ...” කියමින් ඔහු තරුණයාගෙන් මුදල් ඉල්ලීය.
“හරි.. හරි.. සල්ලි දෙන්නම්... ඉස්සරවෙලා දුරකතනය දෙන්න...” තරුණයා ඔහුගෙන් ඉල්ලීය. ඒ අනුව ඔහු අහුලාගත් ජංගම දුරකතනය තරුණයා අත තැබීය. ජංගම දුරකතනය අතට ගත් තරුණයා එතැනින් යෑමට සූදානම් වූවේය.
තරුණයාගෙන් ඔහු යළිත් මුදල් ඉල්ලු‍වේය. තරුණයාට මල පැන්නේය. ඒ සම්බන්ධයෙන් ඇතිවූ පොඩි කතා බහකින් අනතුරුව තරුණයා අඩියක් ගැසීමට සිටීමට සිටි ඔහුගේ කන් අඩිය අත ගෑවේ උතුර දකුණ මාරු වන්නටය‍.

 



අදහස් (0)

අතට ආ වාසනාවෙන් ඇඟ රත්කර ගන්න ගිහින් කන රත් කරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 633 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


‘‘පොෂ්’’ වෙන්න ගිහින් පටිරෝල් වෙලා
2025 මැයි මස 01 764 0

මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම”‍ බිංදුවට වැටුණු උඩඟු‍ කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර


ලිස්සන ගහට සල්ලි නොදී ලිස්සා ගිහින්
2025 අප්‍රේල් මස 30 659 0

අලු‍ත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද


ඉඟිය වැරදී අවුරුදු උළෙලේ ජරමරයක්
2025 අප්‍රේල් මස 29 1242 0

සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු‍ දිසාවේ ගමකින


යතුරු මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 28 721 0

අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි
2025 අප්‍රේල් මස 26 779 0

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 643 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 166 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site