IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


උණ ඇත්නම් මැලේරියාව වෙන්නත් පුළුවන්

අපට වැළඳෙන උණ තත්ත්වයකදී එය සාමාන්‍යාකාරයෙන් දැකීමට බොහෝ දෙනා පුරුදුව සිටිති. උණ තත්ත්වයකදී අපි  හිතන්නේ එක්කෝ එය සාමාන්‍ය වයිරස් උණක්  පරිද්දෙනි. නැතහොත් ඩෙංගු ,ඉන්ෆ්ලුවන්සා හෝ කොවිඩ් ලෙසට සැක පහළ කරති.

එහෙත් මේ තත්ත්ව විතරක්ම විය හැකිද?   මැලේරියා අවදානම තවමත් පවතින රටකට  ඔබ මෑතක ගියා නම්,  එම රටවල සිට පැමිණියා නම් මැලේරියා අවදානමත් විය හැකි බවට මතක තබා ගන්න.

ඉතා මෑතකදී මැලේරියාව නිසා පුද්ගල මරණයක් වාර් තා වීම  නිසා නැවතත් මැලේරියා අවදානම ඇති බව පැවසීම, සිහිපත් කිරීම ලිපියේ අරමුණය.

මැලේරියාවෙන් මෙවැනි ජීවිත හානියක් අපේ රටේ  අවසාන වරට වාර් තා  වුණේ මීට අවුරුදු දාහතරකට පෙරදිය.

මැලේරියාව සම්පූර්ණයෙන්ම  තුරන් කළ රටක් වශයෙන් මෙරටේදී තවදුරටත් මැලේරියාව බෝ වීම සිදු නොවුණත්, මැලේරියාව අවදානම් කලාපයේ රටවල සංචාරකයන් හට පහසුවෙන්ම රෝගය සම්ප්‍රේෂණය විය හැකිය.

ඒ අනුව අප්‍රිකානු, ආසියානු ,ඩොමිනිකන් රජය / හයිටි, මැද පෙරදිග ඇතැම් කලාප

සේම ඇතැම් පැසිපික් දූපත් එවන් අවදානම් කලාප ලෙසට නම් කොට ඇත.

මැලේරියා පරපෝෂිතයා ආසාදිත ඇනෝපිලිස් මදුරුවෙකුගේ දෂ්ටනයකට ලක් වුවහොත්  දින 10 - 15 ත් අතර කාලයක දී රෝග ලක්ෂණ ඇති කරයි.  එනමුත් ඇතැම් පුද්ගලයන්ට මැලේරියාව ආසාදනය වී මාස ගණනක්, ඇතැම් විට වසර කිහිපයක් ගත වූ පසුද  රෝග ලක්ෂණ පෙන්වීමට ඉඩ ඇත.

ඒ අනුව මැලේරියා අවදානම සහිත රටක සිට පැමිණි ඔබ, වසර තුනක් ගතවන තුරු උණ රෝග තත්ත්ව වැළඳෙන අවස්ථාවල දී මැලේරියාව පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ

උණ රෝග තත්ත්වයක දී මැලේරියාවට අවදානමක් ඇති ඔබ  නොපමාව මැලේරියා පරපෝෂිතයා හඳුනාගැනීමේ රුධිර පටල පරීක්ෂණයකට [ Malaria Parasite (MP) Test] යොමු විය යුතුය. කල් වේලා ඇතිව රෝගය හඳුනා ගතහොත් අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දී මාරාන්තික තත්ත්ව  හා සංකූලතා වළකා ගැනීමට හැකියාව තිබේ. 

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර් යාංශය ලබා දුන් විස්තර ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

උණ ඇත්නම් මැලේරියාව වෙන්නත් පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site