ග්ලෝකෝමා යනු ලංකාවේ පමණක් නොව ලොව පුරා ජනයා සදාකාලික අන්ධභාවයට පත් කරන ප්‍රධානම රෝගී තත්ත්වයක් වන අතර, අන්ධභාවයට බලපාන තෙවැනි හේතුවද මෙය වේ. ලෝකයේ අන්ධ පුද්ගලයන්ගෙන් සියයට 30ක් 40කටම හේතුව ග්ලෝකෝමා තත්ත්වයයි.
ග්ලෝකෝමා යනු ඇහේ පීඩනය වැඩි වීම නිසා ඇහේ ස්නායුවල තෙරපීමක් ඇති වී පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමකි. එනම් ඇහේ ස්නායුවලට සිදුවන බලපෑම් නිසා ස්නායු විනාශ වීම නිසා ඇති වන තත්ත්වයකි. එහි අවසන ප්‍රතිඵලය අන්ධභාවයට පත් වීමයි.
ග්ලෝකෝමා ඇති වීමට හේතු
සාමාන්‍යයෙන් අපේ රටේ පුද්ගලයකුගේ ඇහේ පීඩනය පැවැතිය යුතු වන්නේ 10ත් 20ත් අතර මටටමකය. එය සාමාන්‍යවේ. ග්ලෝකෝමාවලද විවිධ ප්‍රභේද පවතින නිසා ඇහේ පීඩනය සාමාන්‍ය වුවද එනම් 10ත් 15ත් අතර පීඩන මට්ටමක පැවතියද සියයට 15කට පමණ පිරිසකට ග්ලෝකෝමා ඇති විය හැකිය. ඒ වගේම ඇහේ පීඩනය 18ත් 28ත් අතර පවතිද්දී ඇහේ දුර්වලතාවක් ඇති නොවීම පසුවට ග්ලෝකෝමා ඇති වීමේ අවදානමක් පවතී.මෙම තත්ත්වය අධික අක්ෂි පීඩනය නම් වේ.
අවදානම් පාර්ශ්ව
පවුලේ ග්ලෝකෝමා ඉතිහාසයක් ඇත්නම් එවන් පුද්ගලයකුට ග්ලෝකෝමා වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතී. ඒ අනුව පවුලක මව සහ පියා ග්ලෝකෝමාවලින් පෙළේනම් දරුවන්ට එය වැළඳීමේ සම්භාවිතාව සියයට 30කි. සහෝදර සහෝදරියන් ග්ලෝකෝමා තත්ත්වයට ගොදුරුව ඇත්නම් සෙසු සහෝදරයන්ට ඇත්තේ සියයට 60ක සම්භාවිතාවකි. මෙය ප්‍රවේණිගත ග්ලෝකෝමා තත්ත්වයයි. තවද වයස්ගත වනවිට ඇහේ පීඩනය ක්‍රම ක්‍රමයෙන් වැඩි වීම නිසා ඇහේ දුර්වලතාව වර්ධනය වී ග්ලෝකෝමා තත්ත්වයට ගොදුරු විය හැකිය. සාමාන්‍යයෙන් අවුරුදු 40න් පටන් ගෙන අවුරුදු 45න් නැත්නම් 50න් වැළඳිය හැකිය. එසේම දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇති අයටද ග්ලෝකෝමා ඇති වීමේ අවදානමක් පවතී. සමහර පුද්ගලයන් දීර්ඝ කාලයක් ගන්නා බෙහෙත් නිසාද මේ තත්ත්වය ඇති වීමට පුළුවන.
උදාහරණයක් ලෙස ‘steroid‘ ගණයේ ඖෂධ වර්ග දිගු කලක් පුරාම ඇහැට දැමීමේ අතුරුපලයකි. ඇතැම් විටෙකදී අවිදුර දෘෂ්ඨිකත්වයෙන් පෙළෙන පුද්ගලයන්, මීට ප්‍රථම ඇහැට අනතුරු සිදු වූයේ නම් එවැනි පිරිස්ද අවදානම් කණ්ඩායමේ වෙති.
රෝග ලක්ෂණ
ග්ලෝකෝමාවලදී ප්‍රධාන කොටම කිසිඳු ලක්ෂණයක් බාහිරෙන් නොපෙන්වයි. සියයට 80කට පමණ පිරිසකට මෙයාකාරයට රෝග ලක්ෂණ නොදැනේ. ඇහේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙමින් යාම මීට හේතුවය. පීඩනය වැඩි වනවිට ඇහැට කිසිඳු සංවේදනයක් නොදැනේ.
ග්ලෝකොමා පවතිද්දී වුව ඇහේ කැක්කුමක් නැති වීම, ඇහැ රතු නොවීම, කඳුළු ගලා නොඒම වැනි ලක්ෂණ තිබිය හැකි අතර මේ තත්ත්වය සුලබ වේ.
එහෙත් Primary Angel Closure ග්ලෝකෝමා තත්ත්වයේදී ඇහැ රතු වීම, ඇසේ කැක්කුම, පෙනීම අඩු වීම වැනි රෝගාබාධ එකවර මතු වීමට පුළුවන. මේ තත්ත්වයට බොහෝවිට කාන්තා පාර්ශ්වය වැඩිපුරම ගොදුරු වේ.
අපි මීට ප්‍රථම කතා කළ රෝග ලක්ෂණ නොපෙන්වන ග්ලෝකෝමා තත්ත්වයේදී පෙනීම අඩු නොවීමට හේතුව එමගින් ඇහේ වටපිටාව බැලීමට ඇති ස්නායු දුර්වල කිරීමයි. මෙහිදී තමා ඉදිරියේ ඇති රූප හොඳින් පෙනෙන අතර වටපිටාවේ රූප නොපෙනී යාමට පටන් ගැනේ. මේ තත්ත්වය කල් යද්දී තමාට සෘජුවේ ඇති රූප පවා නොපෙනී යාම දක්වා වර්ධනය වේ. එපමණක් නොව පොත්පත්වල අකුරු කියැවීමට නොහැකි වීම, පුද්ගලයකු අඳුරා ගැනීමට අපහසු වීම දක්වා දුර දිග යයි. ග්ලෝකෝමාවල දරුණුකම කියන්නේ මේ තත්ත්වය මතුවන්නේ රෝගයේ අවසාන අදියරේදී වීමයි. එනම් ඇස් අන්ධ වීමට ඉතා ආසන්නයේදීය. මේ තත්ත්වය Tunnel Vision වේ. ඇතැම් විටෙකදී මේ මොහොත වනවිටත් පොත් පත් කියැවීමට පෙනීම බාධාවක් නොවන අවස්ථාද ඇත. එනම් පුද්ගලයකුගේ පෙනුම 6න් 6 තිබිය හැකිය. ඒත් Visual field පරීක්ෂාවේදී ඇහේ නොපෙනීමේ දුර්වලතාව හඳුනා ගැනේ.
ග්ලෝකෝමාව හඳුනා ගැනීම
ඉහත සඳහන් කළ අවදානම ඇති පුද්ගලයන් ,අවුරුදු 40ට වැඩි පිරිස් වසරකට වරක්වත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමාව සඳහා අක්ෂි පරීක්ෂාව සිදු කර ගත යුතු වේ. ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් හෝ ඕනෑම ශික්ෂණ හෝ මහ රෝහලකින් හෝ ඇතැම් මූලික රෝහල්වලින් නොමිලේ කර ගත හැකිය.
ග්ලෝකෝමාව හඳුනා ගැනීම සඳහා දෘෂ්ඨි ස්නායු පරීක්ෂාව, ඇසේ පීඩනය මැනීම, ඇසේ දෘෂ්ඨි පරාසය මැනීම, ස්නායු සඳහා OCT පරීක්ෂණ පවා සිදු කෙරේ. මේවා අතුරින් OCT ස්කෑන් පරීක්ෂණය නව ක්‍රමවේදයක් වන අතර එමගින් අක්ෂි ස්නායු පටලයේ ඝනකම පරීක්ෂා කර බැලේ. ස්නායු විනාශ වෙද්දී ගණකම මයික්‍රෝ ගණනින් අඩුවී යයි. සාමාන්‍යයෙන් එම අගය සියයට 2ක් හෝ සියයට 3ක් වෙද්දී ග්ලෝකෝමා පළමු අදියරේදීම හඳුනා ගත හැකිය. ඒ අනුව මෙකී රෝගී තත්ත්වය පාලනය සඳහා ඖෂධ ප්‍රතිකාර, ලේසර් කිරණ ප්‍රතිකාර සහ ශල්‍ය ප්‍රතිකාර ක්‍රමද පවතී. රෝගී තත්ත්වයට වැඩිදුර පරීක්ෂණ හා ප්‍රතිකර්ම අවශ්‍ය වූ විට රෝගියා ශික්ෂණ රෝහලක් කරා යොමු කෙරේ. ඒ වනවිටත් රෝගියාගේ පෙනීම ග්ලෝකෝමාව නිසා දුර්වල වී ඇත්නම් ඒ සඳහා අවැසි දෘෂ්‍යාධාර උපකරණ හා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමට විශේෂ සායනද ශික්ෂණ රෝහල් තුළ ස්ථාපිත කර ඇත.මෙයට අමතරව පෞද්ගලික රෝහල්වලද අක්ෂි පරීක්ෂාව සහ අවශ්‍ය පරීක්ෂණ සඳහා පහසුකම් ඇත.
එමෙන්ම ග්ලෝකෝමා රෝගියකු ඇසට නිවැරැදි අයුරින් බෙහෙත් දැමිය යුතුය. ඒ නිසි වෛද්‍ය උපදෙස් අනුවය. ග්ලෝකෝමා රෝගීන්ගේ ඇසට දැමීමට විශේෂ බෙහෙත් වර්ග ගණනාවක්ම ඇත. ග්ලෝකෝමා මට්ටම අනුව ඇහැට දමන බින්ඳු ප්‍රමාණය ( Eye Drop) කොතෙක්ද යන්න තීරණය කෙරේ. රෝගීන්ගෙන් බහුතරයක්ම ඇහැට දමන බින්ඳු ප්‍රතිකාරය ( Eye Drop) මගින් ඇහේ පීඩනය 14ට 15ට වගේ අඩු කර ගත හැකිවේ. ඊට අමතරව තාවකාලිකව Acetazolamide ගණයේ පෙති වර්ගද යොදා ගැනේ. මෙම පියවර අනුගමනය කරලත් ඇහේ පීඩනය අඩු නොවේ නම් පමණක් Trabaculectomy නම් සැත්කම නිර්දේශ කෙරේ. එමගින් ඇහැ තුළ ඇති දියරය ඇහේ පිටතට ගලායාම පහසු කරවයි. මෙය සැක්තමක් වුවද ඇහේ පීඩනය අඩු කරනවා පමණක් නොව ඇහැට දමන බින්දු ප්‍රතිකාර ක්‍රමය සම්පූර්ණයෙන්ම නැවැත් වීම හෝ ප්‍රමාණය අඩු කිරීමද සිදු වේ.
-සටහන- මාධවී ධර්මරත්න
වයසත් එක්ක වෙනස්වෙන තරුණ පෙනුම රැකගන්න ලෝකයේ වැඩි දෙනෙක් විවිධාකාරයේ ශෙල්‍යකර්ම සිදුකර ගනී. විශේෂයෙන් තරුණ බව රැකගන්න වගේම තමන්ගේ ස්වභාවික රූපය අඟපස
පුංචි දේ පුංචි තැනින් කඩා ගත්තේ නැත්නම් පිළිලයක් වෙනවා. එහෙම වුනාම ඒකෙන් කරදර විදින්න වෙන්නේ තමන්ටමයි. මේ කතාව ලෙඩ රෝග සම්බන්ධයෙන් නිතර අහන්න ලැබෙන දෙ
ලෝක දියවැඩියා දිනය මෙම 14 වැනිදාට යෙදී තිබේ. ඒ වෙනුවෙන් ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන අතර මෙරටද ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්
සෑම කාන්තාවක්ම වයසටයාමට අකමැති බව නොරහසකි. තරුණවීම සඳහා විවිධ ආලේපන, ප්‍රතිකාර, විලාසිතා සිදුකරන ආකාරය අපි දැක ඇත්තෙමු. තම සිරුරේ හැඩය, පැහැය මෙන්ම නිර
කාලගුණය මොහොතින් මොහොත වෙනස් වේ. ඒ අනුව මාස ගණනාවක් සිටම පැවැති අධික උණුසුම් කාලගුණය නිමා කරමින් ඉකුත් සතියේ සිට අපේ රටේ විවිධ පළාත්වලට වැසි වැටීම ඇරැ
උණත් සමග මේ දිනවල පැතිර යන සරම්ප අවදානම ගැන වැඩි අවධානයක් මතුව ඇති බැවින් සියලු දෙනාගේ දැනුම්වත් වීම උදෙසා පහත ලිපිය පළ කෙරේ.
අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”
නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
ඇස් අන්ධකරන‘ග්ලුකෝමා‘