IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දරුවන්ගේ දත් රැක ගන්න උපදෙස්

කුඩා දරුවෝ දත් මැදීමට මැලි වෙති. එය ඔවුන්ට හිරිහැරයක් නොවී සතුට දනවන ක්‍රියාකාරකමක් බවට පත් කර ගැනීමට නම් මවුපිය සහාය සේම ඉවසීමද බොහෝ සෙයින් අවශ්‍ය කෙරේ. මන්ද දරුවාගේ දත් මැදීමේ පළමු අත්දැකීම ප්‍රසන්න විය යුතු නිසාය.

දරුවාගේ පළමු කිරි දත මතුවන විටම මෘදු කෙඳි සහිත ළමා දත් බුරුසුවකින් ඉතා සෙමෙන් දත් මැදීම ආරම්භ කළ හැකිය.

දරුවාට වයස අවුරුදු තුන දක්වා ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප තුනී පටලයක් දත් බුරුසුව මත තැවරීම සිදු කළ යුතුයි. දරුවා පිරිසුදු කරන හොහොතේදී හෝ දරුවා සතුටින් සිටින ඕනෑම මොහොතකදී දිනපතා දෙවරක් දරුවාගේ දත් මැදීමට කාලය වෙන් කර ගන්න.

කුඩා කල සිටම දත් මැදීමට හුරුවක් ලද ඔහු වයසින් වැඩෙත්ම මවුපිය පෙරැත්තයකින් තොරව දිනකට දෙවරක් දත් මැදීම දින චර්යාවේ අනිවාර්ය අංගයක් බවට පත් කොට ගනී.

දත් මැදීම සඳහා ෆ්ලෝරයිඩ් දන්තාලේපයක් භාවිත කළ යුත්තේ ඇයි?

1) ෆ්ලෝරයිඩ් මගින් දත් දිරායාම වලක්වනු ලැබේ. එය පියවර තුනකිත් සිදු වේ.

2) දත මත සක්‍රිය ලෙස කැල්සියම් ලවණ තැන්පත් වීමේ වේගය වැඩි කිරීමෙන් හා දත මතුපිටින් කැල්සියම් ලවණ ඉවත් වීමේ වේගය අඩු කිරීමෙන් දත් දිරායාම වැලකේ.

3) ෆ්ලෝරයිඩ් මගින් දතෙහි එනමලය ශක්තිමත් කොට බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා මුඛයේ ආම්ලික භාවය වැඩි වීමෙන් දතට සිදුවන හානි වැලකේ.

4) ෆ්ලෝරයිඩ්වල බැක්ටීරියා නාශක ශක්තියක්ද ඇත.

නිර්දේශිත දන්තාලේප ප්‍රමාණය

වයස අවුරුදු තුන දක්වා වන කුඩා දරුවන් දන්තාලේප තුනී පටලයක් දත් බුරුසුව මත තැවරීම සුදුසුය. වයස අවුරුදු තුනේ සිට හය දක්වා දරුවන් ක්‍රම ක්‍රමයෙන් දන්තාලේප ප්‍රමාණය කඩල ඇටයක ප්‍රමාණය දක්වා වැඩි කළ හැකියි. වයස අවුරුදු හය හෝ ඊට වැඩි දරුවන් සඳහා කඩල අටයක ප්‍රමාණයකට දන්තාලේප භාවිත කළ යුතුයි.

දත් මැදීමෙන් අනතුරුව මුඛය සොදා හැරීම අවශ්‍ය නොවේ. කෙළ ගැසීමට දරුවා හුරු කළ හැකියි. කෙළ ගැසීමෙන් පසු මුඛයේ රැඳෙන ෆ්ලෝරයිඩ් දන්තාලේප සුළු ප්‍රමාණය මගින් දරුවාගේ දත් දිරායාමෙන් රැක ගනී.

එසේම දරුවාට වයස අවුරුදු අට පමණ වනතෙක් මවුපියන් දරුවාට දත් මැදීමට සහාය විය යුතු අතරම එය අධීක්ෂණයද කළ යුතු වේ.

කුඩා දරුවන්ගේ දත් මැදීමේදී පහත කරුණු ගැන සැලකිලිමත් වන්න.

1) දත් බුරුසුව ඉතා සැහැල්ලු ලෙස හා ප්‍රවේශමෙන් අල්ලා විදුරු මස් දාරයද ඇතුළුව දතෙහි සියලුම පැති නිසි ලෙස මදින්න.

2) ඇඟිල්ලට දමන බුරුසුව මගින් දන්ත පථ නිසි ලෙස ඉවත් නොවන බැවින් එය භාවිතය සුදුසු නැත.

3) ක්‍රමානුකූලව කුඩා ළමයින්ගේ දත් මැදීමට ස්ක්‍රබ් ක්‍රමය ( scrub method ) වඩා යෝග්‍ය වේ. බුරුසුවේ කෙඳි විදුරු මස් දාරය වෙත ආනතියකින් යුක්තව තබා සෑම දතක් මතම වෘත්තාකාර ලෙස බුරුසුව හැසිර විය හැකියි.

4) දත් දිරායාමේ මුල් අවස්ථාවේ ලක්ෂණ වශයෙන් විශේෂයෙන්ම ඉදිරිපස උඩු ඇන්දේ දත් මත ඇතිවන සුදු ලප දැක ගත හැකියි. කාලයත් සමග මේවා දුඹුරු සහ කළු ලප ලෙස දිස්වේ.

5) අවම වශයෙන් මසකට වරක්වත් මවුපියන් විසින් මෙවැනි අසාමාන්‍ය ලක්ෂණ තිබේදැයි දරුවාගේ මුඛය හොඳින් පිරික්සා බැලිය යුතුය. මෙහිදී දත් මැදීමෙන් පසු හොඳින් ආලෝකය ඇති තැනකට ගොස් උඩු තොල ඔසවා ඉදිරිපස දත්ද, දරුවාගේ මුඛය විවෘත කර අනෙකුත් දත්ද පිරික්සා බැලීම සිදු කරන්න.

6) දත් දිරායාමේ මුල් අවස්ථාව හෝ මුඛයේ වෙනත් කිසියම් අසාමාන්‍යතාවක් දුටු විට දරුවාව නොපමාව දන්ත සායනයක් සඳහා යොමු කළ යුතුයි.

7) දරුවාට වයස අවුරුද්දක් සම්පූර්ණ වු විට පළමු දත මතු වී නොතිබුණද ප්‍රථම මුඛ පරීක්ෂාව සඳහා දන්ත වෛද්‍ය සායනයකට දරුවා ඉදිරිපත් කරන්න.

8) ඉන්පසු දන්ත වෛද්‍ය උපදෙස් මත නියමිත කාලයකට වරක් අවමව එය මාස හයකට වරක්වත් වන පරිදි මුඛ සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු කරලීම වැදගත් වේ.

දන්ත ව්‍යසනය වලක්වා ගැනීමේ සායනික ප්‍රතිකාර

කිරි දත් දිරා යාමේ අවදානම වැඩි දරුවන්ට ෆ්ලෝරයිඩ් සත්කාරය අවශ්‍ය වේ

මෙහිදී ෆ්ලෝරයිඩ් ජෙල් හා ෆ්ලෝරයිඩ් වාර්නිෂ් ආලේපනය ඇතුළත් ෆ්ලෝරයිඩ් සත්කාරය යොදා ගැනේ. කිරි දත් දිරා යාම ප්‍රතිකාර කළ හැකි සහ වලක්වා ගත හැකි තත්ත්වයකි. දිරා යාමේ මුල් අවස්ථාවේ ඇති දත් මත නැවත කැල්සියම් තැන්පත් තර දිරායාම නවතා ලීමටත්, දැනටමත් කුහර ඇති දත් තව දුරටත් දිරායාම වලක්වා ගැනීමටත් ෆ්ලෝරයිඩ් සතු විශේෂ ගුණයක් පවතී.

සාමාන්‍යයෙන් කිරි දත් ස්වාභාවිකව හැළී යයි. ඊට මත්තෙන් ඒවා ගැලවීමෙන් ස්ථිර දත් මෝදු වනවිට දන්ත විකෘතිතාවක් ඇති වීමට පුලුවන. මෙම තත්ත්වය වලක්වා ගනු වස් ළමා වියේ සිටම හොඳින් මුඛ සෞඛ්‍යය පවත්වා ගත යුතුය.

යහපත් මුඛ සෞඛ්‍යයක් සඳහා අවැසි හොඳ පුරුදු

එළවළු, පලතුරු,කැල්සියම් හා ප්‍රෝටීන් බහුල ආහාර අනුභවය

ධාන්‍ය, මාළු, කරවල, කුකුල් මස්, බිත්තර, මේදය අවම සත්ව මාංශ , චීස්, කිරි, යෝගට්, මී කිරි සහ පළා වර්ග ලබා ගත හැකියි.

සීනි පරිභෝජනයේදී සැලකිලිමත් වන්න.

පෙර සැකසූ හෝ ක්ෂණික ආහාර වෙනුවට ස්වාභාවික ආහාර භාවිතයට හුරු වීම හොඳය.

ටොෆි, බිස්කට්, කේක්, බනිස් හා පේස්ට්‍රි වැනි ආහාර දත් මතුපිට ඇලෙන සුළු වේ. මුඛයේ පවතින බැක්ටීරියා එම ආහාර මත ක්‍රියා කොට සාදන අහිතකර අම්ල, ඒවා කෑමට ගෙන බොහෝ වේලාවක් ගියද දත්වලට හානි ගෙනදේ.

පැණි බීම හා කාබනික බීම වර්ග දරුවාට දීමෙන් හැකිතාක් වලකින්න. නැවුම් පලතුරු ගැනීමේදී කැබලි ලෙස ගැනීමට සැලැස්වීම සුදුසුය. පිපාසය සංසිඳුවීමේ සුදුසුම පානය වනුයේ ජලය බැවින් එය ප්‍රමාණවත් තරම් පානය කරන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

දරුවන්ගේ දත් රැක ගන්න උපදෙස්

A.a.navodya sathsarani Sunday, 07 May 2023 07:05 PM

ඉතාම හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site