IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තරබාරුවෙන් මුදවන නිවැරැදි ආහාර රටා

තරබාරුව ප්‍රශ්නයක්ද?

ලෝක වැඩිහිටි ජනගහණයෙන් බිලියන 1.9කට වැඩි සංඛ්‍යාවක් අධි බර සහිත පුද්ගලයන්ය. ඉන් මිලියන 650ක් ස්ථුලතාවෙන් පෙළේ. එනම් ලෝක ජනගහණයෙන් සියයට 39ක් අධි බර ඇති පුද්ගලයන් වන අතර ඉන් සියයට 13ක් තරබාරු වූවන්ය.

2021 බෝ නොවන රෝගවලට පාදක වන අවදානම් සාධක හඳුනා ගැනීමේ සමීක්ෂණයට අනුව අවුරුදු 18ත් 69ත් අතර වැඩිහිටියන්ගෙන් සියයට 39ක් අධි බර තත්ත්වයේ පසුවන අතර ඉන් සියයට 15.2ක් ස්ත්‍රීන්ද, සියයට 6.3ක් පුරුෂයන්ද තරබාරු තත්ත්වයට පත්ව ඇත.

තරබාරුව ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් දක්වා දුර දිග යාම

බර වැඩි වීම හෝ ස්ථුලතාව බෝ නොවන රෝග සඳහා හේතුවන ප්‍රධාන අවදානම් සාධකයකි. මොනවද මේ බෝ නොවන රෝග කියා බැලුවොත් අධික රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය,දියවැඩියාව,පිළිකා,කාලික ස්වසන රෝග වේ.

බර වැඩි වන අයුරු

පුද්ගලයකු ආහාරයට ගන්නා ආහාරවලින් ශරීරයට ලැබෙන ශක්ති ප්‍රමාණය, එම පුද්ගලයා විසින් වැය කරන ශක්ති ප්‍රමාණයට සමානුපාතික විය යුතු අතර පුද්ගලයකුගේ දෛනික ශක්ති අවශ්‍යතාවට වඩා පරිභෝජනය කළහොත් එම වැඩි ශක්ති ප්‍රමාණය තෙල් ලෙස සිරුරේ තැම්පත්වී පසුකාලීනව බෝ නොවන රෝග සෑදීමේ අවදානමට ගොදුරු වේ.

බර වැඩි වීම, තරබාරු,ඌන පෝෂණ තත්ත්ව වර්ගීකරණය

ශරීර ස්කන්ධ දර්ශකය 18.5ට වඩා අඩු නම් අඩු බරද, 18.5ත් 24.9ත් අතර නම් සාමාන්‍ය උසට සරිලන බරද, 25ත් 29.9ත් අතර නම් අධි බර හා 30හෝ ඊට වැඩි නම් තරබාරු හෙවත් ස්ථුලතාව ලෙස හැඳින්වේ. BMI අගය 23 ඉක්මවා නොයාමට වගබලා ගැනීමත් වැදගත්ය.

වලක්වාලීම උදෙසා ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන්

රෝග වලක්වා ගැනීම ප්‍රධාන ඉලක්කයයි. ප්‍රාථමික මට්ටමෙන් රෝග ඇති වීම වලක්වා කල්තියා රෝග වැළඳීමේ අවදානම් සාධක හඳුනාගැනීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 1000ට වැඩි ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන, ප්‍රාදේශීය රෝහල් , දිස්ත්‍රික් රෝහල්වල ‘ සුව දිවි මධ්‍යස්ථාන‘ පිහිටුවා තිබේ.

සේවා ලබා ගත හැකි අය

ඔබට කිසිදු බෝ නොවන රෝග ඉතිහාසයක් නැතත් ඔබ වයස අවුරුදු 35 හෝ ඊට වැඩි පුද්ගලයෙක් නම් සුව දිවි මධ්‍යස්ථානවලින් සේවාව ලබා ගත හැකිය. තවද අවදානම් සාධක තිබෙන අවුරුදු 20ත් 34ත් අතර පුද්ගලයන්ටද මෙම සේවාව ලබා ගත හැකි වේ.

සුව දිවි මධ්‍යස්ථාන මගින් සැපයෙන සේවා

රුධිර පීඩනය මැනීම, රුධිර ගත සීනි මට්ටම මැනීම

කොලෙස්ට්‍රෝල් මට්ටම මැනීම, උසට සරිලන බර මැනීම, බෝ නොවන රෝග සඳහා ඇති අවදානම තක්සේරු කිරීම, පියයුරු පිළිකා / මුඛ පිළිකා සඳහා පරීක්ෂා කිරීම, සෞඛ්‍යය අධ්‍යාපනය වැනි සේවාවන් රැසක්ම ලබා දේ.

ඉහත පරීක්ෂණ සිදු කර ඉදිරි වර්ෂ 10 සඳහා කෙතරම් අවදානමක් බෝ නොවන රෝග සඳහා පවතීද යන්න සොයා බලා පුද්ගලයාව දැනුම්වත් කිරීමක් සිදු කෙරේ. ඒ අනුව ජීවන තත්ත්වය වෙනස් කිරීමට අවශ්‍ය උපදෙස් ,පෝෂණ උපදෙස් සේම ව්‍යායාම ගැන දැනුමක්ද ලබා දේ. සේවාවන් ලබා ගැනීම අතින් කාන්තා පක්ෂය ඉදිරියෙන් සිටින අතර පුරුෂ පක්ෂය අඩු උනන්දුවක් දැක්වීම කැපී පෙනේ.

ස්ථුලතාව වලක්වා ගැනීම

සමබල ආහාර වේලක් ගැනීම, ක්‍රියාශීලී වීම වැනිදෑ අපට දෛනික ජීවිතයේදී අනුගමනය කළ හැකි දේවල්ය. කෑම පරිභෝජනයේදී තහංචි දැමීමට වඩා ස්වාභාවික ආහාරවලින් සියයට 85ක් පමණ ආහාර වේල සකසා ගත හැකිය. ඉතිරි සියයට 15 තමන්ගේ රුචි අරුචිකම් මත සකසා ගැනීමට පුළුවන. ඒත් අද සියයට 15ක් පමණ වන ඉඳහිට ආහාරයට ගන්නා කෑම සියයට 85කින්ම කෑම පිඟානේ පිරී තිබීම දැකිය හැකිය.කාර්ය බහුල තත්ත්වය, මානසික ආතතිය,ඉලක්ක හඹා යාමේ ගතිය මීට නිදසුන්වේ.

ආහාර තෝරා ගැනීමේදී ලේබල්වල කාර්යය

ආහාර තෝරා ගැනීමේදි පැකට් කළ ආහාර ඇසුරුමේ ඉදිරිපස දක්වා ඇති ලුණු,සීනි, තෙල් ලේබලය ගැන අවබෝධයක් ලබා තිබීම වැදගත්ය. රතු පැහැ ලාංඡන එකක් හෝ වැඩි ගණනක් ඇති ආහාර හෘද රෝග, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග සඳහා අධි අවදානමක් ලබා දේ. එවැනි ආහාර භාවිතය හැකිතාක් සීම කළ යුතුය.

රතු පැහැ ලාංඡන නැති එහෙත් කහ ලාංඡන එකක් හෝ වැඩි ගණනක් ඇති ආහාරද ඉහත සඳහන් කළ බෝ නොවන රෝගවලට හේතු කාරකයක් වන බැවින් එවන් ආහාර භාවිතයද අවම කළ යුතු වේ.

බීම වර්ග තෝරා ගැනීමේදීත් ඇසුරුම ඉදිරිපස දක්වා ඇති සීනි ලේබලය නිරීක්ෂණය කරන්න. පාන වර්ග තෝරා ගැනීමේදී කොළ පැහැ තීරුව ඇති බීම වර්ග සුදුසුය. ඉඳහිට කහ පැහැ තීරුව සහිත පාන වර්ග භාවිත කළාට වරදක් නැත. කොළ පැහැ තීරුවෙන් යුත් බීම වර්ග වුවද වැඩිපුර පානය අහිතකරය. හැකි තරම් ස්වාභාවික පානවලට හුරු වන්න. ඒ වගේම ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න. ක්‍රම ක්‍රමයෙන් සියලුම දෙනා නිවැරැදි ජීවන රටාවකට අනුගත වුවහොත් සෞඛ්‍යවත් ජීවිතයකට උරුමකම් කීමට සියලුම දෙනාට හැකි වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

තරබාරුවෙන් මුදවන නිවැරැදි ආහාර රටා

indika Tuesday, 07 March 2023 11:07 AM

වන්නකු මෙතඩ් (Wannaku Method) තියෙන්නේ

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 54 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2006 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site