IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාර්යාලයක දී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද

(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව නව ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව හුරු විය යුතු නව ජීවන රටාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ද එම කාර්යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව කාර්යාලයක සිටින ඔබ ආරක්ෂා වීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය මෙසේය.

* කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා සැලැස්මක් සකස් කරන්න.

* රැකියා ස්ථානයට ඇතුළුවීමට පෙර දෑත්වල සබන් ගා අවම වශයෙන් තත්පර 20ක්වත් සෝදන්න.

* රැකියා ස්ථානයේ රැඳී සිටියදීත් හැකි සෑම විටම සබන් යොදා දෑත් සෝදන්න.

* නිවැරදිව මුහුණු ආවරණය පළඳින්න.

* සැමවිටම එකිනෙකා අතර දුර අවම වශයෙන් මීටරයක්වත් පවත්වා ගන්න.

* කැස්ස හෝ කිවිසුම් අවස්ථාවල නහය සහ මුඛය වැලමිටේ ඇතුළු පැත්තෙන් හෝ ටිෂූ කඩදාසියකින් ආවරණය කරගන්න.

* සේවා ස්ථානයේ නිතර ස්පර්ශ වන පෘෂ්ඨ විෂබීජනාශක යොදා නිතර පිරිසිඳු කරන්න.

* දොරවල් අතෙහි ස්පර්ශ නොවන අයුරින් (උදා - ශරීරය භාවිතා කර) විවෘත කිරීමට උත්සාහ කරන්න.

* හැකි සෑම අවස්ථාවකම නිවසේ සිට වැඩකිරීම දිරිගන්වන්න.

* සේවා මුරයක් සඳහා සහභාගී වන සේවක පිරිස් සීමා කරන්න.

* රැස්වීම් පැවැත්වීම තාක්ෂණික ක්‍රම භාවිතයෙන් සිදුකරන්න.

* දිවා ආහාර සහ තේ විවේක කණ්ඩායම් වශයෙන් ලබාදෙන්න.

* රැකියා ස්ථා‍නයේදී ඔබේම කොප්පයක් හෝ පිඟානක් භාවිතා කරන්න.

* භාවිතා කරන මුහුණ ආවරණ පියන සහිත කසල බඳුනකට ආරක්ෂිතව බැහැර කරන්න.

* ආචාර කිරීමේදී අතට අතදීමෙන් හා වැළඳ ගැනීමෙන් වළකින්න.

* අත් ආධාරක, දොර ආදී නිතර ස්පර්ශ වන මතුපිට පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් හැකිතාක් වළකින්න.

* සුළු හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් කාර්යාලයට යාමෙන් වළකින්න.

* මුඛය, නාසය සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වළකින්න.

* රැකියා ස්ථානයෙන් පිටවීමට පෙර ද දෑත් සබන් යොදා තත්පර 20ක්වත් සෝදන්න.

* ‍වැඩ අවසන් වූ වහා හැකි ඉක්මනින් නිවසට යන්න.

 



අදහස් (0)

කාර්යාලයක දී ඔබ ආරක්ෂා විය යුත්තේ කෙසේද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site