IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


කොරෝනාවෙන් බේරෙන ක්‍රමය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි

(ගයාන් සූරියආරච්චි)

නව කොරෝනා වයිරසය ශීඝ්‍රයන් පැතිරයන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසිපරිදි අනුගමනය කිරීමෙන් කොරෝනාවෙන් ආරක්ෂා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග පිළිබද ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි.

● නව කොරෝනා වයිරස රෝගියකුගෙන් තවත් අයකුට ආසාදනයවීමේ ප්‍රතිශතය වැඩිවන අතර සංකූලතාද වැඩිවිය හැකිය.

● වයිරස ආසාදිතයකු සමග සමීප සබදතා පැවැත්වීම රෝගය ආසාදනයවීමට මූලික හේතුව වන බැවින්  නිවෙසටම වී සිටීම ඉතා වැදගත්වේ.

● සමාජ දුරස්ථභාවය, මුව ආවරණ පැළැදීම, විසබීජ නාශක හෝ සබන් යොදා හොදින් දෑත් සේදීම යන මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පෙරටත් වඩා අනුගමය කිරීම ඉතා වැදගත්වේ.

● යම් පුද්ගලයකුට උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාව, හුස්මගැනීමේ අපහසුතාව, ගද සුවද නොදැනීම, හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණ මතුවී ඇත්නම් වහාම රෝහලකට පැමිණ පරීක්ෂාකර ගැනීම වැදගත්වේ.

● උණුවතුර පානය කිරීමෙන් මෙම වයිරසයෙන් බේරීමට හැකියාව ඇතිබවට කටකතා පැතිරැණුද, කොපමණ උණුවතුර පානය කළද නිර්දේශිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් වයිරසය ආසාදනය වනු ඇත. නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් උණුවතුර පානය කිරීමේ වරදක් නොමැත.

 



අදහස් (0)

කොරෝනාවෙන් බේරෙන ක්‍රමය විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 7 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 594 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site