IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ආකර්ෂණීය නෙතු සඟලක්

ඇහැ , ඇහැක් වගේ රැක ගත යුතුයි. ඒ ආරක්ෂාව, පරෙස්සම අහිමි වී ගියහොත් පෙනීම සම්බන්ධ දුර්වලතා, අන්ධභාවය වැනි බරපතළ ප්‍රශ්න පවා මතු වීමට පුළුවනි. කෙනකුගේ පෙනුම, ආකර්ෂණය තීව්‍ර කරවීමෙහිලා ලස්සන, නිරෝගී හා දීප්තිමත් නෙත් සඟලක් තිබිය යුතුමයි. අපේ ඇස් දෙක නිසියාකාරයෙන් රැක ගන්නේ කොහොමද යන්න අද මාතෘකාවයි.

01) ඇස් හොඳින් සෝදන්න.

උදෑසනම මුහුණ සේදීමේදී ඇස් දෙකත් හොඳින් පිරිසුදු කිරීමට වගබලා ගන්න. ඇහැ මතුපිට සේම ඇහැ ඇතුළතත් කබ, කඳුළු ඉවත් වෙන පරිදි හොඳින් පිරිසුදු කරගත යුතු වේ.

02) ඇස් පිස දැමීම වෙනුවට තෙත මාත්තු කිරීම ප්‍රමාණවත්.

තුවා මගින් ඇස් සීරෙන මට්ටමට තදින් පිස දැමීම නුසුදුසුය. ඒ වෙනුවට තෙත් ගතිය වියැළෙන පරිදි තෙත මාත්තු කිරීම සෑහේ.

03) ඇස් මේක්අප් කිරීමේදී ඉතා ප්‍රවේශම් වන්න.

ඇස්වල ආකර්ෂණය වැඩි කර පෙන්වීමට පැන්සල් හෝ මස්කාරා භාවිතයේදී ඇස් කෙළවර දක්වා නොඇඳීම කළ යුතුයි. කඳුළු ග්‍රන්ථි ඇස් අග කෙළවරෙහි පිහිටීම නිසා මේක්අප් මගින් ඒවා අවහිර වී යා හැකියි. එවිට ආසාදන, ඉදිමුම් තත්ත්ව ඇති වේ. ඒ වගේම මේක්අප් ඉවත් කිරීමේදී ඇස් අභ්‍යන්තරය හා නොගැටීමට සුපරික්ෂාකාරී වන්න.

04) ඇස් දෙකටත් ව්‍යායාම් අවශ්‍යයි.

ඔබ දවසින් වැඩි හරියක්ම පරිගණකය භාවිත කරන්නකු නම් දිගු වේලාවක් එම තිරය මත බලා හිඳීමද පීඩාවකි. එබැවින් සෑම පැය භාගයකටම හෝ පැයකට වරක් තිරයෙන් ඇස් මුදවා ඈත පිහිටි දෙයක් දෙස විනාඩි 05ක් බලා සිට නැවත වැඩ ඇරැඹිය හැකියි.

05) අව් කණ්ණාඩි භාවිතය

තද අව් රශ්මිය පවතින වෙලාවක පිටතට යාමට පෙර අව් කණ්ණාඩි පැළැඳීමට අමතක නොකරන්න.

06) ඔබ අනුගමනය කරන ආහාර රටාව ගැන තෘප්තිමත්ද? පෝෂණ ගුණෙන් ඉහළද?

හිසේ සිට පාදාන්තය දක්වා නිරෝගීතාවට පෝෂණය යනු අනිවාර්ය සාධකයකි. ඇස්වල පෙනුම මනාව පවත්වා ගෙන යාමට නම් පළා වර්ග සේම විටමින් ‘ඒ‘ අඩංගු ආහාරත් එක් කොට ගන්න.

07) ඇස් රෝග සම්බන්ධයෙන් පවුලේ ඉතිහාසය

කුමක් හෝ ඇස් රෝගයක් සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයකු පීඩා විඳිනවානම් ඔබද අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයකු හමු වී පරීක්ෂා කරවා ගැනීම නුවණට හුරුය.

08) කෘතිම කාච භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු

කාච භාවිත කොට ඉවත් කිරීමේදී වුවද නිසි පරිදි පිරිසුදු කොට අසුරා තැබීමට වගබලා ගන්න.තාවකාලික කාච පළඳින කාල සීමාව ඉකුත්ව ඇත්නම් භාවිතයෙන් ඉවත් කරන්න.

09) ඇහැට විවේකය සේම ඇස්වල සංකූලතා ගැනත් අවධානයෙන් පසුවීම නුවණට හුරුය.

ඔබ නිතරම හිස රුදාවෙන් පීඩා විඳී නම් එයද සමහර විටෙක ඇස් සම්බන්ධව විය හැකියි. එබැවින් වසරකට වරක්වත් ඇස් පරීක්ෂා කර ගන්න. ඔබ කණ්ණාඩි පළඳිනවා නම් නියමිත කාලසීමාවේදී ඒවා මාරු කිරීම අක්ෂි රෝග සම්බන්ධ වෛද්‍යවරයකුගේ නිරීක්ෂණය හා උපදෙස් මත සිදු කරන්න.

10) ඔබගේ වෘත්තිය අනුව ඇස් ආරක්ෂිත උපාංග භාවිතයට හුරු වන්න.

දුහුවිලි වැඩි තැනක නිතර ගැවසීමට සිදු වනවා නම් හෝ නිතරම බයිසිකලය හුරු වූ අයකු නම් හෝ පෑස්සුම් වැඩපළක සේවකයකු නම් ඇස් දෙක රැක ගැනීමට මූලිකතාවක් දිය යුතුමය. අදාල වෘත්තියට අනුව ඇස් ආරක්ෂිත උපාංග පැළැඳීම,ඇස් දෙකට විවේකය ලබා දීම වැනි දෑ අනුගමනය මගින් ඔබට ඇස් දෙක, ඇස් දෙකක් මෙන් රැක ගත හැකි වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ආකර්ෂණීය නෙතු සඟලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27576 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18180 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10881 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 640 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 192 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 850 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site