(ෂේන් සෙනෙවිරත්න )
මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙල මැද පාර ගම ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ .
මෙම ප්‍රදේශය ආශ්‍රිතව කෝවිඩ් මරණ බහුලව වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන්අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන් 167 දෙනකු පි. සි. ආර්. පරීක්ෂණ යොමුකර තිබිණි.
ඉන් පුද්ගලයන් 71 දෙනකුට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයට එසේ සංචාරණ සීමා පැනවීමට පියවර ගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ඇති අවිධිමත් ක්‍රියා සහ නොසැලකිල්ල හේතුවෙන් මෙවන් දේ සිදුවන අතර, ඔබ සෑමවිටම විධිමත් හා ආරක්ෂාකාරී ලෙස මාක්ස් සහ අත්සේදුම් ආදිය නිසි ලෙස ඉටුකරන මෙන් ඉල්ලා සිටිමි...